ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් ධම්මාධිපති, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා. එහෙම සිහි කරලා මම අර ඊයේ භාවනාව ම නැවත කළා.
ඒ විනොදනා පහාතබ්බා කියන භාවනාව. ඒකෙදි මම බැලුවේ අර දැන් අපි උඩ කොටසයි යට කොටසයි කියන දෙක බැලුව නේ. උඩ structure එක වගේ ම තමයි යට තියෙන මේ දුක්‌ඛෙ කියන එක. එතකොට මේකේ උඩ කාරණා දෙකක් අපි ඉගෙන ගත්තා. ඒ එකක් තමයි අර සඤ්ඤාව කියන එකට පල්ලෙහාට එනකොට මොනවද එකතු වෙලා තියෙන්නේ කියලා.
එතෙන්දි අපි ඉගෙන ගත්තා නේ ඔය රූපයේ ස්වභාවය මම දන්නවා, නමුත් මෙන්න මේ කොටස හොඳයි කියලා. ඉතින් මම කල්පනා කළා මේ මලකඩ කාපු යකඩ ඇණයක් තමයි මම මේ ගන්නේ. එතකොට යකඩ ඇණයක් අරගෙන මම මේ කල්පනා කරනවා මේක නිසා මේක එල්ලිලා තියෙනවා. අපි හිතමු මොනවා හරි මේ ලී මොනවා හරි එකක් සැකිල්ලක් හරි, මොනවා හරි එකක් එල්ලලා තියෙනවායි කියලා, යකඩ ඇණයකින් මේව කරලා. ඉතින් මෙයාගේ කල්පනාව තියෙනවා, මේ යකඩ ඇණේ හින්දා මේ මලකඩ කෑවා වුණත් මේක මේ පොඩ්ඩක් කාලයක් හරි මේක පවතී කියන හැඟීමක් කියන එක තියෙනවා.
එතකොට එයාගේ, ඒකත් එක්ක ම එනවා අර භවය කියන එකට. ඒ සඤ්ඤාවෙන් චේතනා වෙලා භවය පැවැත්වීම මේ විදිහට මේක පවතී කියන කතාව එනවා. ඔන්න ඔය අවස්ථාව වෙනකොට මගේ අර ඔළුව ආපහු විශාල වෙන්න පටන් ගත්තා. ඉතින් මෙතන මේ මෙත්තාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ වාගේ හැමෝගෙම වාගේ ඇණ මලකඩ කාලා තියෙන්නේ. එතකොට හැම සත්වයා ම මෙතන දුකයි කියන එක, එතනින් ඒක එනකොට අර විශාලත්වය කියන එක හොඳට තිබුණා.
ඊට පස්සේ ඊළඟට මම කල්පනා කළා, මේ දෙවෙනියට රහතන් වහන්සේ දීපු කොටස. ඒ කියන්නේ අපි දන්නවා, අර අශ්‍රද්ධාව ය කියන එක එහෙම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අර අහිරිය ඔය විදිහට බැලුව නේ අපි.
එතකොට මෙතෙන්දි මම කල්පනා කළා, මේ සංස්කාරවලටත් අර වාගේ අදහසක් තියෙනවා ද කියන එක. එතකොට අර අරකෙ දී භවය කතාවත් එක්ක මට මෙතන තේරුණා උපෙක්ඛාව තමයි බොහොම හොඳට මෙතෙන්දි සිද්ධ වෙන්නේ කියලා. ඒකෙදි කල්පනා කළේ, අර අපි කල්පනා කරනවා මේ මොන ක්‍රමයකින් හරි, මේ සතුන් මරලා හරි, අදත්තාදානය කරලා හරි, මම මේ කොහොම හරි මේක පවත්වනවා කියන එක. සංස්කාරය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට මේවා එපා කියලා, අර පුද්ගලයාගේ තියෙනවා ටිකක් කළාට කමක් නෑ කියල නේ ඊයේ කිව්වේ. මේ වගේ අදහසක් නේ මේ මනුස්සයගේ සිතේ තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ පුද්ගලයා තුළ මේක තියෙනවා.
ඒ පාර මම එහෙම බලලා මම කල්පනා කළා මේක දුකයි කියන එක. මේකෙන් ඇති වෙන්නේ දුකයි කියන එක. ආන්න එතෙන්දි පුදුමාකාර විදිහට විශාල වෙලා එන්න පටන් ගත්තා. මෙත්තාව කතාවෙදිත් මට අර දෙවෙනි කාරණාව හිතන්න බැරි තත්වයට මගේ මනස ආවා. මෙතෙන්දි දැන් ඊටත් වඩා විශාලයි කියලා මට හොඳට තේරුණා.
මේ දුකයි කියලා ගත්තයින් පස්සේ පුදුමාකාර විදිහට මේක තියෙනවා කියන එක. එහෙම වෙලා ඉතින් මට පේනවා මේ සමාධිය බොහෝ ම ඔය විදිහට ඔහොම alert එකේ මම හිටියා. ඉඳලා ඊට පස්සේ මේ නිරෝධයට යනවා කියන එක පෙනුණා. ඔය රූප පෙනෙන්න ගත්තා. ඔය පොළව කැරකෙන එක එහෙම. හිමින් කැරකෙන එක එහෙම හිටන් බලන්න පුළුවන්කම කියන එක එහෙම තිබුණා. ඉතින් ඔහොම දැකල දැකලා ඇවිල්ලා අන්තිමට මම හුඟක් හිටියේ නිරෝධයේ කියන එකේ තමයි. අර ඒකෙන් එළියට එනකොට තමයි මම මේ පෙන්නන්නේ, කියන්නේ. ඉතින් එතනින් මේ භාවනාව නතර වුණා.