ඒ භාවනාවේ නම භාවනා පහාතබ්බා. ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ලෝභය නැති කරමි කිව්වහම කාමච්ඡන්දය, ඒ ජරාවට ඇති කැමැත්ත, ඒක නිසා මෝහ වීම, ජරාවට පත් වන දෙයක් නිත්‍ය වශයෙන් ගැනීමයි කියලා සිහි කළා.
එතකොට අර සති, ප්‍රඥා, විරිය ඉන්ද්‍රියයන් ඇති බව මට ඒ වෙලාවේ තේරුණා, හොඳට තියෙනවා කියන එක. එතකොට ඔය භාවනා පහාතබ්බා සති සම්බොජ්ඣඞ්ගය සිහි කළා ම 1 කබලිංකාර ආහාර, 2 අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. ජාතියේ ඉඳන් ජරාවට යනවා කිව්වහම ජරා කියන එක බැලුවා.
අර රූපය, වේදනාව, සඤ්ඤාව 5 step 3 කියන එක දක්වා වශයෙන් සිහි කළා. එහෙනම් නිත්‍යභාවයක් හදන සංස්කාරයක් නැත කියන එක ආවා. සංස්කාර කොටුවේ ධර්මය ගැලීම ඒ වෙලාවේ මම සිහි කළා. එතකොට අර අපි දන්නවා ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ එක 5 කියලා කියනවා අපි. මෝහ අගතියේ ඉඳන් එන line එක 6 කියනවා. පරාමාසේ ඉඳන් එන 7 කියන එක අපි කල්පනා කරලා තියෙනවා. නිත්‍යභාවයක් නැති බව දන්නේ නම් අස්තංගමය දන්නවා, ඒ දන්නවා නම් ප්‍රඥාවේ සිට ශ්‍රද්ධාව දක්වා යනවා. අර උද්ධච්චය කියන එක නොවෙනවා කියන එක සිද්ධ වෙනවා.
එහෙම නම් 6 මගින් පැවැත්මක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එසේ පවත්වන්නේ 5 මගින් එන ධර්මයයි. ඉතින් විඤ්ඤාණයේ නිත්‍යභාවයක් නැති බව කියන එක දන්නවා නම් සංස්කාර මගින් විඤ්ඤාණය කියන එක හදන්නේ නෑ කියන එක තියෙනවා. ඒ නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් එන නාමරූප කියන කොටස නෑ. මේවා අනිත්‍ය බව අපි කලින් බැලුවා නේ. රූප, වේදනා, සඤ්ඤා වශයෙන්.
දැන් 5 යි, 6 යි දෙක ම නැති වුණත් තවමත් මේක පවතිනවා. කොහොම ද අර 7 මගින්. ඒ 7 මගින් පවතින්නේ ඉස්සර 5 සහ 6 මගින් ආවා කියන මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණ මානය, ඒ කියන්නේ අස්මිති මානය තුළ තියෙනවා. එතකොට ඒ රෝදය කැරකීම අර hub එක මගින් පමණක් සිද්ධ වෙන අවස්ථාව මේ කියන්නේ. දැන් එතකොට මේ අත්තා ඉඳන් නිත්‍යභාවය කියන එක යන එක නිත්‍ය නොවන්නේ නම් අත්තෙක් කොයින් ද කියන වචනයට ආවා. අර දෙවෙනි කාරණය.
එහෙම නම් සඤ්ඤාව අල්ලාගෙන සිටීම කියන එක නවතිනවා. වඩුවා සංස්කාරවලට නොසලකන්නේ සඤ්ඤාවට නොසලකයි. දැන් දෙවැනි විරිය අපි භාවිතා කරනවා. අර අත්තා සඤ්ඤාව නොවීමට කියන එක. අත්තා කියන එක නෑ. එහෙම නම් මේ සියල්ල මේ ජරා වෙන රූපය නිසා නොවේ ද? එය මගේ නොවීමට විරිය. එතකොට මේ විදිහට සතිසම්පජාන වූයේ නොබෝ කලකින් ම ආශ්‍රව නැසිය හැක කියන එක තමයි කියන්නේ.