ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා. ලෝභය නැති කරමි, කාමච්ඡන්ද ඒ කියන්නේ ජරා ධර්මයට ඇති කැමැත්ත. එතකොට ජරා ධර්මය කිව්වහම අර සංකප්පය තුළ, ඒ ජරා ධර්මය කියන එක තියෙනවා.
එතකොට මේ වෙලාවෙම හිත සමාධිගත වුණා. මේක නිසා තමයි අපි මෝහ වෙලා තියෙන්නෙ. එතකොට ඒ මෝහය ජරා ධර්මය මගේ කියලා අරගෙන. එතකොට ඒක නිසා ද්වේෂය කියන එක ඇති වෙනවා. එවැනි මිච්ඡාදිට්ඨික සඤ්ඤාවකින් පැවැත්විය හැකි යැයි සිතීම තමයි ද්වේෂයෙ තියෙන්නේ. ඉතින් භාවනාවට ඉස්සර වෙලා ම රහතන් වහන්සේ කිව්වා ඔය අගෝස්තු 5 වෙනිදා 2014, ඒ නන්දි භාවනාව බලන්නෙයි කියලා. ඒකෙ මේ නිත්‍යයි කියලා පෙර ගත්ත නිසා සඤ්ඤාවේ ඉඳන් චේතනාව අර A කියලා අපි දැම්මේ, අන්න A කියන ධර්මයට මගේ මනස යොමු වුණා, මුල ඉඳන් බලපු වෙලාවේ. නිත්‍ය කියලා පෙර ගත්ත නිසා.
මේ නිත්‍යභාවය මොන රවුමේ දී ඇති වෙන එකක් ද කියලා කල්පනා කළා. එතෙන්දි එනවා මේ diagram එක. මතක ද අපි බැලුවා ඔය භය අගති, ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්පයොග, ජරා. ඒ කොටුවේ අපි ලියාගත්තා නේ භය අගතියේ ඉඳන් අර සෝකය කියන තැනට එනවා 9, අප්‍රියේහි සම්පයොගයේ ඉඳන් එන්නා වූ එක 10. ඊළඟට 11 කියලා දැම්මා. ඒ සෝකයේ ඉඳන් ප්‍රියේහි විප්පයොගයට යන එක. ජරාවට යන එක අපි 12 කියලා දැම්මා. එතකොට මේ පථය දැන් දිගට continue වෙනවා නේ.
එතකොට එහෙනම් ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා යන එක, අපි ඒක ලියා ගමු 13 කියලා. ඊළඟට ජරාවේ ඉඳන් එතන මැද්දේ කොටුවට එන්නේ දෝමනස්සය. දෝමනස්සය තියෙන්නේ ඕකෙන් දකුණු අත පැත්තේ. එතකොට අපි දෝමනස්සය කියලා ගත්තොත් ඕක, ජරාවේ ඉඳන් ඒ දෝමනස්සයට එන එක 14. ඊට පස්සේ 15 කියලා ගන්නවා අපි. ඒ දෝමනස්සයේ තැන ඉඳන් ජාතියට යන එක. දෝමනස්සයේ ඉඳන් උපායාසයට යන එක 16. මට නිකම් තේරුණා මේ ordering එක, ඒ ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් එන්නා වූ එක තමයි ඉස්සර වෙලා යන්නේ කියලා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික අගය නේ, ප්‍රියේහි විප්පයොගයේ තියෙන්නේ. අන්න එතකොට මිච්ඡාදිට්ඨික අගය තමයි මෙතනට ඉස්සෙල්ලා එන්නේ. ඒක නිසා ජාතියට යනවා. 13 තමයි මුළින් ම ඇති වෙන්නේ. ඊළඟට තමයි අර ජරාවේ ඉඳන් එන්නා වූ එක, ඒක 14 කියන එක. එතකොට ඊට පස්සේ තමයි ඔය දැන් අපි 15 ඇති වුණා ( ඊළඟට ජාතියට යන එක), ඊට පස්සේ පල්ලෙහා 16 කියන එක.
ඒ මිච්ඡා දිට්ඨි අගය පළමුව ජාති කරා දිවීම සිද්ධ වෙනවා. ඒ උපායාසයට යාමට පෙර. මේ වන විට මෙයට සමාන්තර ධර්මය බලන්න ඕනේ. මට ඒ වෙලාවේ කෙළින් ම ආවේ අභිජ්ඣා වෙලා තියෙනවා කියන එක.
එතකොට ඒක තේරෙනවා නේ, ඒ කියන්නේ අපි අභිජ්ඣා, වේදනා, පරාමාස, චේතනා, දෝස අගති, භය අගති. මේක line දෙකට ලියාගත්තා නම්, අර පරාමාස ඉඳන් ද්වේෂ අගතිය, ද්වේෂ අගතියේ ඉඳන් අභිජ්ඣාවට එනවා කියන එක තියෙනවා. මෙන්න මේක තමයි parallel ව සිද්ධ වෙන්නේ. එතකොට මේ අභිජ්ඣා වීම සමඟ චේතනා වන්නේ ය කියන එක මම ගත්තේ. එතකොට “සාධු” යි කියලා මට ඇහුණා. මේ වෙලාවෙදි මේ හය වෙනි රවුම, මෙසේ හය වෙනි රවුම අවසානයේ දී චේතනා වෙනවා කියන එක තමයි ඒ තේරුණේ.
ඒ කියන්නේ කොහොම ද ඒක වෙන්නේ? අර දෝමනස්සය දක්වා පැමිණිමේ දී, අර සෝකය 5.4 ඉඳන් 6.4 දක්වා ඇවිල්ලා. එතකොට 4.4 න් පටන් අරගෙන 5.3 වුණේ ජරාව කියන එක ඇති වෙන්නේ. දැන් මෙයා 5.4 ඉඳන් 6.4 දක්වා ඇවිල්ලා. එතකොට උපායාසය දක්වා යන්නේ, අපි 6.4 ඉඳන් 7.4, ඉන් අනතුරුව 7.7 වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට 6.7 කියන්නේ නන්දිය, චේතනා. මේකට පෙර දෙවන රවුම අවසානයේ දී එහෙනම් 2.7 වෙන කොටත් නන්දිය.
ඒ වෙන කොටත් රූපය නිසා අපි චේතනාවන් ඇති වුණා cut offs දෙකක් තියෙනවා නේ, අර නිත්‍යභාවය කියන එක. එතකොට ජරා වෙන දේකට ම නේ ද අපි මේ චේතනා වෙලා තියෙන්නේ කියන එක එනවා. පළමුව ජරා වන රූපයට චේතනා වුණා. දෙවනුව ජරා වෙන වේදනාවට. අර දෝමනස්සය ඇති වුණේ, නන්දිය වුණා කියන එක.
ඉතින් ඔතනදි මට ආපු ධර්මයක් තමයි, අර අපි දන්නවා රහතන් වහන්සේ පෙන්නුවා නේ මේ සාමාන්‍යයෙන් රවුම් හතරකට සැරයක් මැරෙනවා කියන එක ගන්න පුළුවන් කියන එක. අන්න ඒක මට වැටහීමක් ආවා දැන් ඔය රවුම දෙකයි, රවුම හයයි කියන කතාවෙදි ගත්තම එතන චේතනාවන් වෙනවා කියනකොට මේ පැත්තෙන් මේ විඤ්ඤාණයෙන් මැරී මැරී ගිහිල්ලා. මැරිච්ච එකකට තමයි අපි චේතනා කරන්නේ. මැරුණම, අර දැන් ජරාවට පත් වුණා ම තමයි චේතනාවෙන් ඒක kick off වෙන්නේ. ඉස්සරහට යන්නෙයි කියන එක. එතකොට මෙන්න මේක සිහි කළා. ඒක තමයි කරපු භාවනාව.