Date: 15/01/2015 Name: සත්ත විසුද්ධි 2

ඒ උතුම් බුදුවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා.

මට කලින් කිව්වා මේ අර සත්ත විසුද්ධි භාවනාව කරලා තියෙනවා නේ, අගෝස්තු මාසේ 20 වෙනිදා 2014. අන්න ඒක පොඩ්ඩක් බලාගන්න කියලා. ඒ පාර මම ඒක බැලුවා. ඒකේ තියෙන්නේ දැන් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේට මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉන්නවා, ඇසුරු කරන්න. ඔය විදිහට ඉතින් බුදුපියවරු දාහතර නමක් ම අපිට ඇසුරු කරන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඉතින් අපි යම්කිසි ප්‍රදේශයක වාසය කරනවා නම් අපිට අවශ්‍ය දේ ලබා ගැනීමට අපහසු ප්‍රදේශයක් නම් අපි දුකට පත්වෙනවා, කියන එක තියෙනවා. කඩයක් එහෙම ළඟ නැත්නම් ආදී වශයෙන්. එතකොට මේ විදිහට ප්‍රඥාවෙන් යුතුව අපි කල්පනා කරලා බැලුවොතින් එහෙම දැන් අපිට මේ දුක්ඛය නැති කරගන්න සම්මා දිට්ඨිය අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන එක ඒ අකනිට්ඨාවේ මණ්ඩලයේ හොඳට පවතිනවා. කොහේ හරි ප්‍රදේශයක ඒ සම්මා දිට්ඨිය හොඳට පවතිනවා නම් අන්න අර කඩ තියෙනවා බඩු ගන්න පුළුවන් වාගේ ඒක තියෙනවා කියන එක.

ඉතින් මට මිච්ඡා දිට්ඨිය පැතිරීමෙන් හරි දුක්ඛයක් ඇති වෙන්නේ මනුස්සයින්ට. සම්මා දිට්ඨිය පැතිරෙනවා නම් ඒ ප්‍රදේශයක ඉන්නවා නම් වාසනාවක් කියන එක තියෙනවා. ඉතින් එක එක ආගම්වල මිච්ඡා දිට්ඨි පැතිරීම් නිසා මිනිස්සු හරියට දුක් වෙනවා කියන එක. ඉතින් ඕක බැලුවහම අපි ඊයේ බලපු ධර්මයත් එක්ක සම්බන්ධ වුණා ම අපිට පේනව නේ මේ මිච්ඡා දිට්ඨිය කියන එක අපි තේරුම් ගත්තා, අර ප්‍රියේහි විප්පයොගය තුළ තියෙනවා කියන එක. ඒ වගේ ම අර රූපය ජරාවට පත්වෙලා තිබුණට මතක ද ඉදංසච්චයෙන් අර පල්ලෙහාට එනකොට එකතු කරනවා කියන එක කිව්වා. ඔය රූපය ඕක ඔහොම වුණාට ඕකෙ මෙන්න මේ කෑල්ල හොඳයි කියලා. එහෙම නම් මේ ප්‍රියේහි විප්පයොගය කියන එකට මිච්ඡා දිට්ඨිය විතරක් නෙමෙයි අර රූපය, අර සඤ්ඤාව ඕක කමක් නැහැ, හොඳයි කියන අර්ථයකුත් එතන තියෙනවා.

දැන් පේනවද අර මිච්ඡා දිට්ඨියයි, අර රූපයේ ජරා වෙන රූපයක් නිසා ඇති වෙන්නා වූ ඒ ස්වභාවය සඤ්ඤාවන් ස්වභාවයන් ඒවත් ඔක්කොම මේවාට එකතු වෙලා තියෙන්නේ. දැන් කලවම් වෙලා තියෙන්නේ. එතකොට දැන් මිච්ඡා දිට්ඨිය ඇති වෙන්න මේ ලෝකේ ජරාව පැතිරෙනවා කියන්නේ ඔන්න ඔය අර්ථයෙන්. එතකොට මේ හැමතැන ම විනාස වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලා වෙනම කැලයට ගිහිල්ලා හරි, අයින් වෙලා අයින් වෙලා ඒ අය ජීවත් වෙනවා. අනිත් අය මේවාත් එක්ක එකතු වෙලා ජීවත් වෙනවා කියන එක තියෙනවා.

ඉතින් ඊට පස්සේ ඒ සම්මා දිට්ඨියේ වටිනාකම ඔය විදිහට ආවා ම ඊට පස්සේ සම්මා දිට්ඨියෙන් අපි එනවා ඔය සම්මා සංකප්පයට. සම්මා සංකප්පය කොහේ හරි පැතිරෙනවා නම් ඒක ඉතින් බොහොම වටිනවා. එතකොට එතන තියෙන්නේ නෙක්ඛම්මය, අතහැරීම. අර රූපයන් ගන්නේ නැතුව ඉතින් අභිජ්ඣා නොවෙන්න. දැන් අපි ඊයේ භාවනාවෙදි ආවා නේ අභිජ්ඣාවට එනකල්. ඒක නොවෙන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ඒකෙන් අලෝභ, අදෝස, අමෝහ වෙනවා. අලෝභ, අදෝස, අමෝහ වුණා ම එතන අපි අර පාණාතිපාතා, අදත්තාදාන ඒවා ඔක්කොම එතනින් අයින් වෙනවා කියන එක තියෙන්නේ.

විරිය කියනකොට විරිය 3. අපි භාවිතා කරපු විරිය 3 කල්පනා කළා. එතනදි අර රූපය ස්පර්ශ නොවෙන්න, ඊළඟට මේ සඤ්ඤාව, අත්ත සඤ්ඤාව මගේ නොවෙන්න, අර සංස්කාර මගේ නොවෙන්න. දැන් අර ඉස්සෙල්ලා සංස්කාර එපා කියන එක කිව්ව නේ. පාණාතිපාතා, අදත්තාදානා ඉඳන් එහෙනම් ඒ කෙළවර කියන එක ගැලවිලා ගිහිල්ලා. ඒ ගැලවෙනකොට අර අත්තා කියන කතාව ඒ පැත්තෙන් එනවා.

දැන් එහෙනම් එතෙන්දි එනවා සම්මා සතියට. සම්මා සතියට එනකොට, අර සප්ත බොජ්ඣඞ්ගය කියන එක තියෙනවා. එතකොට අපි බොජ්ඣඞ්ග භාවනාව කිව්ව නේ, ඊයේ පෙරේදා. එතකොට ඒ විදිහට ඒ බොජ්ඣඞ්ග භාවනාවේ අර අනිත්‍යභාවය කියන එක තමා, ඒක දැකලා එතනින් ඒක අයින් වෙනවා කියන එක. ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන 1, 2, 3 යි කියලා කිව්ව නේ. ජරාවට යනවා කියන එක දැනගෙන එතකොට සංස්කාරය මගින් විඤ්ඤාණය කියන එක හදන්නේ නැතෙයි කියන එක. ඒකෙන් අපි අයින් වීම කියන එක තියෙනවා.

එතකොට දැන් එහෙම බලාගෙන යනකොට දැන් අර අත්තා කියලා කෙනෙක් කොයින් ද කියලා අපි අහනවා නේ. නිත්‍යභාවයක් නැත්නම් අත්තෙක් කොයින් ද කියලා. ආන්න එතෙන්දි හොඳට වැටහුණා මේ මිච්ඡා දිට්ඨි කතාවෙන් ම නේ මෙතන මේ අත්තා කතාව ඇවිල්ලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය එන්න එන්න වැඩි වෙලා අර උඩින් ආපු එක තව පල්ලෙහාට එනකොට තවත් වැඩි වෙලා ඊට පස්සේ මෙතන මේ අත්තෙක් හදාගෙන ඒ විදිහට කියන එක.

දැන් එහෙනම් උපායාසයට තමන් පත්වෙනවා කියන එක තියෙනවා. මුලින් එනව නේ කබලිංකාර ආහාරය තමයි ප්‍රශ්නය කියලා. එහෙනම් උපායාසයට පත්වෙනවා කියන එක ගත්තම දැන් ඊයේ භාවනාවේ දී අපි බැලුව නේ අර උපායාසයට පත්වෙනවා කියන එක. මේ 7.7 වෙනවා කියන අවස්ථාව. එතකොට මේ වෙනකොට අර 6.4 ඉඳන් 7.4 දක්වා ඇවිල්ලා, මෙතන 7.7 කියන එක. දැන් එතකොට ඔතෙන්දි එනවා අපේ මේ ජාතිය කියන එක. අපි කිව්වා 6.4 දක්වා ඇවිල්ලා කියලා නේ ද? අර හය වෙනි රවුම අවසානයේ දී චේතනා වෙනවා කියලා කිව්වේ. එතකොට 6.4 වෙනකොට අපි එහෙනම් ආපහු ඔය ජාතිය කතාවට අපි ඇවිල්ලා තියෙනවා.

එහෙනම්, එතකොට එහෙම නම් බලන්න අර දෙවෙනි රවුමේ දී ජාතියක් තිබුණා. ඊට පස්සේ ඒ කියන්නේ 2.4 දි ජාතියක් කියලා කිව්වා. ඒක පොඩ්ඩක් අමතක කළොත් ඊළඟට 6.4 දි ආපහු එතන එහෙනම් ජාතියක් කියන එක තියෙනවා. ඒ වුණාට අපි මේ කතා කරන්නේ අර මුලින් රවුම් දෙකක ජාතියක් තිබුණා. ඊට පස්සේ අපි ඒ වේදනාව මේ අල්ලාගෙන හිටියා. වේදනාව සඳහා මේක හැදුවා. අර හයේදි ආපහු ජාතිය කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මොකක් ද මේ? ඒ කියන්නේ, ඒවා තමයි අර නියම විදිහට ඒ ජාති හැටියට එන්නේ. අර රූපයත් එක්ක අල්ලාගෙන කරන්නා වූ දේ තමයි ඒ ජාතිය කියන එක.

අර රහතන් වහන්සේ කිව්වේ හැම රවුම් හතරකට ම සැරයක් වෙනවා කියලා roughly ගන්න පුළුවන් කියලා, අන්න ඒ අර්ථයයි. අර 2.1 එතන real මේ රූපයක් අල්ලගෙන. ඊට පස්සේ අර වේදනාව නිසා නේ අර ඒ කතාව තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ රූපයත් එක්ක යන එකේ තමයි මේක තියෙන්නේ. මේ අවස්ථාව වෙනකොට රූපයටයි, වේදනාවටයි අගයක් වැටිලා තියෙනවා, ඒ විදිහට. ඒක එතනින් සම්මා සමාධියට ඇවිල්ලා ඒකෙන් නතර වුණා. ඒක තමයි භාවනාව.

ඒ භාවනාව ඉවර වුණාට පස්සේ ඒ විශ්වාජිත් බුදුපියා ඉඳන් කිව්වා “ඔබ අතීතයේ යම් වූ කර්මයක් කළා ද, ඒ කර්මය ඉදිරියට ගෙනියනවා කියලා හිතන්න එපා කියලා,” කියන අර්ථයෙන්. ඒක හරි හොඳයි.