ඒ පූජාවෙන් පස්සේ මම පටන් ගත්තේ ඊයේ කරපු භාවනාව. එතකොට ඊයේ කරපු භාවනාව මම පටන් ගත්තේ. ඒකේ මම බැලුවේ අර ඕගොල්ලන්ට මතක ඇති සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා නම් A කියලා අපි ඒකට දැම්මා. ඊට පස්සේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන්නේ B කියලා දැම්මා.
එතකොට ඔතන තියෙනවා අර්ථයන්, ඉතින් ඔය ඒ සඤ්ඤාව ඇති වෙන්නේ අපි දන්නවා සංස්කාර නිසා තමයි සංස්කාර පරියුට්ඨානය, සංස්කාර නිසා තමයි අපි අර කියන්නේ, මේ අපි එනවා කියලා පරියුට්ඨානය කියන එකට. පරියුට්ඨානයෙන් ඊට පස්සේ ඒකෙන් තමයි චේතනා වෙන්නේ කියන අර්ථය කියන එක තියෙනවා. එතකොට එහෙනම් සංස්කාර කියන එකට මානය නොවෙන්න ඕනෙ කියන අර්ථය තමන්ට තියෙනවා.
එතකොට දැන් අපි දන්නවා ඕකෙ මේ කුඩා කාලයක් පවතින්නා වූ විඤ්ඤාණයකට තමයි අපි ඕක ඇලිලා තියෙනවා කියන එක තියෙන්නේ. දැන් අපි ඉගෙන ගත්ත නේ සබ්බාසව සූත්‍රයේ රවුම් දෙකක් පවතිනකොට ඉවරයි නේ. රවුම් දෙකක් පවතිනකොට ඉවරයි කියන්නේ හරියට බලන්න නිකම් එක රවුමෙන් ම ඕක මළා වගේ කියන අර්ථය තියෙනවා. ඒ කියන්නේ අපේ මනස මොකකට හරි දැන් බලන්න යම්කිසි රූපයකට මනස යොමු වෙලා තියෙනවා. වෙන රූපයකට මගේ මනස යොමු වුණා නම් අර රූපයක් එක්ක මගේ විඤ්ඤාණය නෑ. දැන් මේ රූපයත් එක්කයි තියෙන්නේ.
එතකොට ඕක අර එතෙන්දි ම මරණය තියෙනවා කියන එක තියෙනවා. හැබැයි මේක significant වෙන්නේ දෙවෙනි රවුම වෙනකොට. දෙවෙනි රවුම වෙනකොට අපිට පේනවා මේ රූපයත් එක්ක 2.1, මම අර රූපයත් එක්ක නෙමෙයි මෙතන. දැන් කවුරු හරි කියන්නේ මම හිටියේ ඉස්සර හිටියේ, අර ගෙදර, දැන් ඉන්නේ මේ ගෙදර. අන්න ඒ වගේ කියනවා නේ ද? එතකොට දැන් අර ගෙදරත් එක්ක කතාව මැරිලා.
ඊට පස්සේ දැන් අර පදුට්ඨමනසඞ්කප්පයෙන් මේක තල්ලු කරනවා නේ. එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙන් ආවායි කියලා කියන්නේ ඒ කියන්නේ අර ජාතිය ඇති වුණා. ඒ කියන්නේ මේ රූපයත් එක්ක දැන් මම ඉන්නවා කියන එකයි. නිත්‍යභාවය කියන එකට මම ආවා. ඒ කියන්නේ 2.2 වෙනකොට නිත්‍ය කියන කතාව මේ රූපයත් එක්ක, අරයාත් එක්ක නෙමෙයි, අර රූපයත් එක්ක නෙමෙයි. අන්න එතකොට අපිට එනවා මෙතෙන්දි අරකෙන් සම්පූර්ණයෙන් ම වෙන් වුණා. දැන් ඔය රූපයෙන් වෙන් වීම කියන එක නේ අපි මරණය කියලා ගන්නේ. මේ ශරීරයෙන් වෙන් වුණා ම මරණය. අරකින් වෙන් වුණා දැන් මරණය කියන එක තියෙනවා. එතකොට අරක පරාමාස වුණා ම 2.4 ඒ කියන්නේ එතෙන්දි අපේ ජාතිය. දැන් හොඳට ම establish වෙලා මම මේ ගෙදර ම තමයි ඉන්නේ කියනවා වාගේ අර්ථයක තියෙන්නේ.
ඉතින් අපි තේරුම් ගත්තා මේ රවුම් දෙකෙන් ඉවරයි, රවුම් දෙකක් යනකොට මරණය වෙලා ඉවරයි. එතකොට මේ සංකල්පයකට ම තමයි අපි මේ කතා වෙලා ඉන්නේ. අන්න එතෙන්දි එනවා සංකප්ප රාගො, පුරිසස්ස කාමො, කියන එක හොඳට පැහැදිලි වෙනවා මේ සංකල්පයට අර පදුට්ඨමනසඞ්කප්පයෙ ආපු එකට, ඒකට තමයි මේ රාගය වෙලා තියෙන්නේ.
එතකොට ඕක ඊයේ බැලුවහම නම් ඉතින් ඔතන නිරෝධයට තමයි මම ගියේ, ඒ විදිහට පත් වුණායින් පස්සේ. ඉතින් අද රහතන් වහන්සේ කිව්වා “තව දිගට බලන්නේයි” කියන එක පුළුවන් නේ. දැන් ඔන්න රූපයත් එක්ක ආවා. එහෙම නම් හත් වෙනි ධ්‍යානය විතර එනකොට ඕගොල්ලො දන්නවා සඤ්ඤාව අල්ලගෙන අපි ඉන්නේ. සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා කියන්නේ එහෙනම් රූපයයි, වේදනාවයි දෙකත් එක්ක ම මම දැන් නෑ. දැන් ගෙවල් දෙකෙන් ම මම අයින් වෙලා. දැන් මේ මනුස්සයා දැන් මේක අල්ලගෙන ඉන්නවා කියන එක තියෙනවා.
දැන් ඔතෙන්දි අර ධර්මය කල්පනා වෙන්න ඕනෙ ඔය දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට ඉතින් මේක දුවනවා කියන එක. දැන් ඊළඟට මොකක් ද මෙයා කියන්නේ? මට සඤ්ඤාවත් එපා, නෙවසඤ්ඤානාසඤ්ඤාලාභියා දැන් මෙයා කියනවා රූපයත් එපා, වේදනාවත් එපා, සඤ්ඤාවත් එපා, ඒ තුනමත් එක්ක නෙමෙයි මම දැන් ඉන්නේ මේකත් එක්ක. එහෙනම් ආපහු අර විඤ්ඤාණය මළා. එතනත් තියෙන්නේ සංකප්පය. අර පදුට්ඨමනසඞ්කප්පය. මේකට වඩා මේක හොඳයි කියලා ගත්තා වූ සංකප්පය. එතකොට ඒ සංකප්පය තමයි දැන් පරාමාසයට රිංගන්නේ. අන්න එතනත් ඔය විදිහට මරණය සිද්ධ වෙනවා කියන එක තියෙනවා. දැන් සංස්කාරයන් අල්ලගෙන මෙයා ඉන්නවා කියන එක.
එතකොට මේක බැලුවා ම මේ බොහෝ ම කුඩා කාලයකට පවතින්නා වූ දේකට, රවුම් දෙකක් යනකොට ඉතින් මැරිලා වැටෙනවා නේ. අර තිබිච්චා වූ දෙයකට. ඒකට නේ ද මේකේ මේ තියෙන්නේ කියන එක. ඒක තමයි මං කරපු භාවනාව. හරි ම ලස්සනයි මේක, මේ සබ්බනිස්සග්ගය. මේ භාවනාවේ නම සබ්බනිස්සග්ගය. අර සුඛභාගී ධර්මයට තමයි මේක එන්නේ. හරි ම සනීප වූ භාවනාවක්.