Date: 18/01/2015 Name: කාමෙසුමිච්ඡාචාර 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, ඒ විදිහට දාහතර නම ම සිහි කළා.

මම බැලුවේ අර රූපයේ ඉඳන්, ලෝභය නැති කරමි කියලා කියනකොට එතැන ඒ ලෝභ කොටසට කාමච්ඡන්දය අයිති නේ. ඒ කාමච්ඡන්දයේදි අපි තේරුම් ගත්තා, ඒ කාමච්ඡන්දය කියන්නේ අපි අර ජරා වෙන රූපයටකට තමයි අපි ගන්නේ. එතකොට මට ඒ ජරා වෙන රූපය එපා කියලා කිව්වා. ඒ ජරා වෙන රූපය එපා කියන එක ගත්තහම එතන ම සිත බොහොම හොඳයි, ඊට පස්සේ මේක නිසා ඇති වෙන වේදනාව තියෙනවා නේ, ඒකත් ජරාව, එතකොට එහෙම නම් ජරා වෙන වේදනාව මට එපා කියලා මම අදහස් කරන්නේ අර වේදනාවේ ඉඳන් පරාමාසකායගන්ථයට යන එක. ඒක එපා කියලා. මේ දෙක කළත් මට නම් සිත නතර වෙන්න එනවා.

ඊට පස්සේ ආපහු පොඩ්ඩක් බැලුවා, එතන දී රූපයත් එපා කියලා කිව්වා ජරා වෙන නිසා, වේදනාවත් එපා කියලා කිව්වා. දැන් ඊට පස්සේ ඕක එනවා 4.5, අපි එනවා නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක, ඒකේදි අපි කිව්වා නේ අත්තා කියන කතාව තියෙනවා කියලා. එතකොට දැන් මේක නිසා ඊට පස්සේ 4.5 න් දැන් අත්තා කියන සඤ්ඤාව දැන් එපායි කියන එකයි මේ කියන්නේ. දැන් ඒක නිසා අපි එනවා 5.3 කියන කතාවට, සඤ්ඤාව ජරාව කියන එක. ඒ ජරා වෙන සඤ්ඤාවත් මට එපා කියන එක ආවා. දැන් රූපයත් මට එපා, වේදනාවත් ජරා වෙනවා. ඒක නිසා ඒකත් මට එපා, මේ සඤ්ඤාව, ඒ කියන්නේ දැන් ඕකේ ජරා කතාව අපි පෙර කළා වූ දේවල් උඩ නේ, අත්තා කියන කතාව උඩ නේ තියෙන්නේ. ඉතින් අර සබ්බාසව සූත්‍රයේ පළමු වෙනි විරිය, දෙවෙනි විරිය කියන කතාව දැන් ඇවිල්ලා තියෙන්නේ. අත්තා නොවෙන්න කියලා.

දැන් මට තේරෙනවා, ඊළඟට තියෙන්නේ සංස්කාර මගේ නොවෙන්න කියන විරියටයි එන්න ඕනේ. දැන් සංස්කාර කියන එක හැදෙන විදිහ තමයි එතැන දී කල්පනා වෙන්නේ. දැන් 5.3ට ආවට පස්සේ අපි ඕක තවදුරටත්, දැන් අර පරිදේවයේ ඉඳන් සෝකයට, සෝකයේ ඉඳන් දෝමනස්සය දක්වා එනවා, ඒ හරියේ ධර්මය තව දුරට යනවා. එතකොට ඕක ගිහිල්ලා ඒ කියන්නේ, දැන් සෝකය කියන එක අපි 4.4 න් පටන් අරගෙන 5.4 වෙනවා කියන එක වෙලා තමයි, ඒ කියන්නේ සල්ලයක් වෙලා තමයි අපි 5.3 එහෙම ආවේ. ඊට පස්සේ ඕක තවදුරටත් එනවා 6.4. දැන් 5.4 ඉඳන් 6.4 වෙනකොට දෝමනස්සය දක්වා දුවනවා. එතකොට එහෙම ගිහිල්ලා තමයි ඔය 7.7 කියන එකට අපි එන්නේ.

දැන් එහෙම නම් උපායාසය කියන්නේ 7.7 නේ, මෙන්න මෙතැන තමයි මම බැලුවේ. එතකොට එතැන දී මම බැලුවා. සංස්කාරයේ ජරාව කියන එක කොතැන ද තියෙන්නේ කියන එක. දැන් මම රූපය ජරා වෙනවා කියලා ඒක එපා කියලා කිව්වා, වේදනාව ජරා වෙනවා කියලා එපා කියලා කිව්වා, සඤ්ඤාව ජරා වෙනවා 5.3 එපා කියලා කිව්වා.

දැන් සංස්කාරයේ ජරාව කොතැන ද කියන එක රහතන් වහන්සේ කිව්වා, “ඔය රූපයෙයි වේදනාවෙයි සඤ්ඤාවෙයි ගොනුව ම තමයි ඒ සංස්කාර කතාව කියන්නේ” කියලා, සංස්කාර කියන එක. එතකොට එහෙම නම් 7.7 කියන්නේ සංස්කාරයේ ජරාව කියන එක තමයි. එතකොට මට එහෙම ආවහම මට කල්පනා වුණා, මතක ද අපි උපායාසය කියන එක අපි බලලා තියෙනවා නේ, විපරිණාම දුක්ඛතාවය එනවා, සංස්කාර දුක්ඛතාවය එනවා, දුක්ඛ දුක්ඛතාවය කියලා ඇවිල්ලා තියෙනවා කියන එක. දැන් ඔන්න ඕක එපා කියන එක තමයි ආවේ. දැන් එතැන අකනිට්ඨාව අල්ලා ගන්නවා කියන එකත් තියෙනවා ඒ අවස්ථාව කියන එක. ඒකෙ තියෙන්නේ ඒ භාවනාවේ කෑලි දෙකෙන් දෙකට වාගේ බලන බලන අවස්ථාවේ සිත නතර වෙනවා. අර සිත නතර වෙච්ච අවස්ථාවන් යම්කිසි ආකාරයකට මතක් වීමක් තියෙනවා ද එතකොටත් සිත නතර වෙනවා. ඉතින් මට ඕනිකම තිබුණේ ඕවා ටික ඔක්කොම ආවා නම් යන්නේ අන්තිමට දුක්ඛය, කියන එකට නේ ඊළඟට යන්නේ, ඒක බලන්නයි ඕනෙකම තිබුණේ, හැබැයි රහතන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා. ඒ පාර එතැන මම නැවැත්තුවා. ඒක තමයි මං කරපු භාවනාව.

ඒ කලින් කරපු කාමෙසුමිච්ඡාචාරා කියන භාවනාවේ දී අපි තේරුම් ගත්තා මේ සංස්කාරයන් කියන ඒවා, දැන් උපායාසයට අපි ඇවිල්ලා තියෙනවා කියන්නේ, රූපය සහ කාම සඤ්ඤාව දුක බව නොදන්නේ දැඩි වෙහෙසකින් යුතුව නැවතත් ජාතියට යනවා කියන එක, ඒකේ වාක්‍යයක් කිව්වා රහතන් වහන්සේ. ඒ කියන්නේ කාමය වරදවා හැසිරීම මෙය ම වන්නේ ය. කාමය වරදවා හැසිරීම කියන්නේ මෙන්න මේක ම යි, ආපහු නැවතත් ජාතියට යනවා කියන එක. ඒකයි. ඉතින් ඒ වෙලාවේ දී බලලා තියෙනවා protected වෙලා තියෙන එක්කෙනෙක් එක්ක හැසිරෙනවා නම්, කාමයේ හැසිරෙනවා නම් ඒක නිසා මේ වෙහෙස කියන එක, උපායාසය කියන එක අධික වෙනවා කියන එක.

ඒක නේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර තමන්ට දීපු කෙනෙක් එක්ක විතරක් ඉන්න එහෙම කියන එක. ඉතින් මට එන්නේ, ඒකේ සම්බන්ධතාවය ආවා. මේ සංස්කාරය කියන එක දැන් ජරාවට පත්වෙනවා කියලා, මගේ එපා කියලා කියන්නේ නැවතත් අර උත්පත්තියට යන්නා වූ, ඒ කාමය වරදවා හැසිරීම ඒ සංස්කාරයන් එපා, ඒ කියන්නේ නැවතත් උත්පත්තියක් ඒක අපිට නැතෙයි කියන එකයි, සංස්කාරයේ ජරාව කියන එක එපා කියන එකේ තියෙන්නේ. අන්න ඒ point එකට වෙනකන් මම ආවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams2/S_SabbasavaSuttadiagrams2-05.jpg