ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කළා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා.
ඉතින් මට භාවනාවට පෙර ම රහතන් වහන්සේ කිව්වා ඔය 08/08/2014 නිරෝධ භාවනාව කරලා තියෙනවා, ඒක කරන්න කියලා, බලන්න කියලා. එතකොට ඒ භාවනාවේ තියෙන්නේ අර wave එක තියෙනවා නේ A, B, C curve එක බැහැගෙන බැහැගෙන යනවා කියන එක තියෙන්නේ. ඉතින් ඒකේදි අපි දන්නවා අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, මරණය ඉඳන් ව්‍යාධියට යනවා කියන එක. එතැන දී අපි බැලුවා මේ ජරාව නම් ඉතින් ඒ, මානයෙන් හදන අර දෙවෙනි අගය කවදාවත් ලබා ගන්න බැහැ කියලා, peak එකක් හදනවා නේ, ඉතින් ජරාව වෙනවා නම් කොහොම ද මම peak එකක් හදන්නේ කියන එක කියන එක තියෙනවා. එතකොට ඒ නිසා මාන අගය බැහැගෙන යනවා කියලා අපි ඒ භාවනාවේ දී ඉගෙන ගත්තා.
එතකොට අර ගාථාවක් තියෙනවා නේ, ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න ඇති කැමැත්තට ඉඩ දෙනවා. මේකට ඇස ඕනේ කියලා කියනවා භව ආශ්‍රවය. මෙහෙම ඉන්න එක හොඳයි කියලා කියනවා මානය. එතකොට මානය බැහැලා ගියා නම් අර මෙහෙම ඉන්න එක හොඳයි කියන කතාව නැහැ. එහෙම නම් අර ඉන්ද්‍රිය අසංවරය නැති වෙලා, ඉන්ද්‍රිය සංවරය කියන එකට එනවා. ඉතින් ඕකත් ටිකක් කල්පනාවෙන් බලන්න ඕනේ, ඔය කිව්වා කතාව. එතකොට දැන් අපිට පේනවා, අර භව ආශ්‍රවයෙන් නේ අපි සකස් කරනවා කියන එක තියෙන්නේ. දැන් ඔය අපිට පේනවා මානය කියන එක අර සංස්කාරවලට අගයක් දීලා තමයි මාන කතාව කියන එක තියෙන්නේ.
එතකොට මතක තියාගන්න සබ්බාසව සූත්‍රයේ, සංස්කාර කොටුවේ පල්ලෙහා, ඒක නිසා අගයන් දීල භය අගතියට එන කතාව. එතකොට දැන් ඕක නිසා අත්තා වෙනවා කියන එක තියෙනවා. එහෙම අත්තා වෙලා තමයි අපිට මෙතැන support එක අපිට මේක ගන්නයි කියලා කියන්නේ. එතකොට අපි දන්නවා අර භව ආශ්‍රවය කියන එකේ නැහැ සම්බන්ධතාවයක් අනෙක් ඒවායේ. අර උඩින් කැරකෙව්වා, යටින් කැරකෙව්වා, අර මැද්දේ hub එකේ කතාව විතර නේ තියෙන්නේ භව ආශ්‍රවයට, තේරෙනවා ද දැන්? එතකොට අරකේ බලපෑම උඩ තමයි මේකේ ගැනීම කියන එක කරන්නේ කියන එක තේරෙනවා.
එතකොට මේකත් එක්ක සම්බන්ධ වුණා නේ ආයතන භාවනා 2 දී, අර සම්මා දිට්ඨිය තියෙනවා නම්, ප්‍රඥාව, ඒකෙන් ශ්‍රද්ධාව, ඒකෙන් ඕතප්පය, ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරය කියන එක දක්වා එනවා අර අභිජ්ඣා කියන එක එහෙනම් අඩු වෙන්න ඕනේ කියන එක.
ඉතින් ඔය අවස්ථාවේ දී මම දැක්කා gear එකක්. ඒ gear දෙකයි තියෙන්නේ, එකක් පල්ලෙහාට දැම්මා කියන එක තියෙනවා, දැන් තේරෙනවා මොකක් ද ඒ කියන එක. දැන් අර ඉස්සර gear දානවානේ, gear එක කිව්වේ අර වේදනාව නේ, වේදනාවට react කරලා නේ මේක කරන්නේ, දැන් ඉස්සර අර උඩින් කැරකෙව්ව කතාව කියන එක තියෙනවා. දැන් මානය බැහැලා ගියහම ඒ කෑල්ල නැහැ. දැන් අන්න අර මැද්දේ hub එක මගින් කැරකෙන gear එක තමයි දැන් වැඩ කරන්නේ කියන එක, වේදනාවත් එක්ක. ඒකත් මට ඒ භාවනාවේ දී හොඳට තේරුණා.
එහෙම නම් දැන් මතක තියාගන්න අර සංස්කාර කතාව, සංස්කාරවලට අගය දීලා තමයි ඒ මාන වෙලා මෙතන මේ කතාව කියන්නේ, එයා තමයි අර භව ආශ්‍රවය. එයා කියනවා නේ, භව ආශ්‍රවය කියනවා නේ අරක හදන්න ඕනේ කියලා, මානයෙන් කියනවා මෙහෙම ඉන්න එක හොඳයි කියලා. එතකොට අතන අඩු වෙනකොට මේ කතාව අඩුයි, අර මැද්දේ කතාව අඩුයි. Gear එක පල්ලෙහාට බහිනවා, අභිජ්ඣා කතාවත් අපිට තේරෙනවා.
දැන් ඒක සම්බන්ධ කරන්න ඊයේ භාවනාවට. ඊයේ භාවනාවේ මොකද තියෙන්නේ. ඊයේ භාවනාවේ අපි කිව්වා අපි පියෙහි විප්පයොගය ඉඳන් ජාතිය කියන එකට, එකපාරට අර flow එක ඇවිල්ලා එතැනට යනවා කියන එක. දැන් ඊට පස්සේ අපි පෙන්නනවා අර දෝමනස්ස කොටුව ගැන නේ අපි කතා කළේ, එතනින් අපි එනවා කිව්වා උපායාසයට, අර 6.4, 7.4 වෙලා ඒ 7.7 උපායාසයට එනවා කියන එක කිව්වා. අර අධික ලෙස වෙහෙසට පත් වෙනවා. එතැන පෙන්නුවා නේ, රූපයයි, කාම සඤ්ඤාවයි, ඒ දෙක කියන එක දුකයි කියන එක දන්නේ නැතිකම නිසා. දුකයි කියලා දන්නේ නැතිකම නිසා තමා දැඩි ලෙස වෙහෙසට පත් වෙලා රූපයෙන් වෙන් වෙලා ඉන්න බැහැ කියලා, කොහොම හරි ගිහිල්ලා විඤ්ඤාණය පිහිටුවනවා, බැස ගන්නවා කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් මම මේ භාවනාවේ දී දැන් මට තේරුණා දැන් පියෙහි විප්පයොගයේ දී, මිච්ඡා දිට්ඨි කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. අර රූපයේ, ජරාවට පත් වුණා වූ රූපයේ කතාවත් ඇවිල්ලා තියෙන්නේ. මේක මේ මනුස්සයා දන්නේ නෑ නේ. එතකොට මෙතැන දී මම කල්පනා කළා අර රහතන් වහන්සේ කිව්වා නේ රූපයයි කාම සඤ්ඤාවයි, එතකොට මොකක් ද මේ කාම සඤ්ඤාව කියන එක? එතකොට මට පේනවා අර සංස්කාර කියන කතාව. රහතන් වහන්සේ කිව්වා ඔය “සංස්කාරය නිසා විඤ්ඤාණය පවතිනවා නම්, අන්න ඒක තමයි අපි සංකප්ප කතාවට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකට තියෙන කැමැත්ත,” සංස්කාරය නිසා විඤ්ඤාණය පවතින්න තියෙන කැමැත්ත තමයි ඔය කාම සඤ්ඤාව කියලා කියන්නේ.
පේනවා ද, ඒක අපි ලකුණු කළා නේ අර කාමරාග අනුසය කියලා, ඒ කොටුව නේ ලකුණු කළේ, එතන දී පෙන්නුවා නේ මේක කාමරාග අනුසය දිගේ ආවහම රූපයට තමයි, අර රූප සඤ්ඤාවට යන්නේ කියන එක. එතකොට ඒක හරි ම ලස්සනයි. සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට තියෙන කැමැත්ත. ඕක කල්පනා කරන්න අර අභිජ්ඣාවට දීපු definition එක, මිච්ඡා දිට්ඨිය නිසා විඤ්ඤාණයෙහි පැවැත්ම, කැමැත්ත, ඒක අභිජ්ඣා කිව්වා නේ. මෙතන සංස්කාරය නිසා විඤ්ඤාණය පැවැත්ම, අන්න ඒකට නේ සංකප්පය කියලා කියන්නේ. ඒකට තමයි රාග වෙලා, සංකප්ප රාගො පුරිසස්ස කාමො කිව්වා නේ. පේනවා නේ ද දැන් ඔක්කොම එකතු වෙනවා.
දැන් මෙන්න මේක නිසා තමයි යන්නේ. දැන් බලන්න අර සබ්බාසව සූත්‍රයේ කිව්වේ මේ සංස්කාර නිසා අත්තා කියලා ගත්තහම නේ ප්‍රශ්නේ, ඒක ඇති වෙන්නේ. එතකොට කාරණා ටික ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙනවා. හරි ම ෂෝක් ඒ භාවනාව. ඒ කියන්නේ මට තේරුණා මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නිරෝධයට මම ඒවා නවත්වා ගත්තා මේවා ඇති වේගෙන එනකොට, නමුත් ඒකෙන් ඉන්න පුළුවන් ඒ විදිහට.
ඒක තමයි ඒ භාවනාව.