ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා
මම ඊයේ භාවනාව තමයි අදත් කරගෙන ගියේ. ඉතින් බුදුන් වඳින, පන්සිල් ගන්න විදිහට බුද්ධං සරණං ගච්ඡාමි, මම ලෝභය නැති කරමි කියලා, ඉතින් ලෝභය නැති කරමි කියලා කිව්වහම අපි දන්නවා අර කාමච්ඡන්දය, ඉතින් අර කාමච්ඡන්දය ලකුණු කරලා තියෙන එක බැලුවහම පේනවා නේ කෙළින් ම ඒක ජරාවට තමයි තියෙන්නේ ඒ ඉර. එතකොට ඊළඟට අපි ඉගෙන ගත්තා පදුට්ඨමනසඞ්කප්පයෙන් ඉඳන් ඇවිල්ලා ඒකත් එන්නේ එතැන ජරාවට කියන එක. එතකොට දැන් V-shape එකට ඕක පේනවා. එතකොට මේ ජරාව, කාමච්ඡන්දය කියන්නේ ජරාවට ඇති කැමැත්ත කියන එක බැලුවා. ඒ එක්ක ම අර ඊයේ බලපු භාවනාවේ අර කාම සඤ්ඤාව කියන කොටසට සිත යොමු වුණා. එතකොට මේකේ ඒ කාම සඤ්ඤාව කියනකොට මම කල්පනා කළේ, දැන් මේ මානයත් එක්ක ම නේ ඊයේ මගේ භාවනාව තියෙන්නේ.
එතකොට මානය අඩු විය යුතුයි, ජරාවට පත් වෙනවා නම්, අර peak එක හදන්න බැහැ කියන එක නේ, B කියන point එක හදන්න බැහැ කියන එක තේරුම් ගන්නවා, මේ බැරි බව කියන එක. එහෙම නම් මානය අඩු වෙනවා. ඉතින් මෙතැන දීත් ගත්තහම දැන් අපිට පේනවා, සංස්කාර කියන ඒවා එහෙම ජරාවට පත් වෙලා නම් ඒකෙනුත් ඉතින් විඤ්ඤාණය හදන්න බැහැයි කියන එක තියෙනවා. ඒක නිසා සංස්කාර නිසා මානය අඩු විය යුතුයි කියන කතාවට එනවා.
ඉතින් එතැනට ආවට පස්සේ මම කල්පනා කළා. දැන් මෙහා පැත්තේ කෙළවරේ අපි දැන් 6.4 දෝමනස්සය දක්වා ඇවිල්ලා නේ. අර පරිදේවය, සෝකය, සෝකය ඉඳන් අපි කිව්වා නේ 4.4, 5.4 වෙලා තමයි 5.3 වෙන්නේ, ඊට පස්සේ 5.4, 6.4 වෙනකොට තමයි අර දෝමනස්සය කියන තැනට අපි ඇවිල්ලා ඉන්නේ කියන එක.
එතකොට එහෙම නම් දැන් හය වෙනි රවුම, දෝමනස්සය. දැන් මේ පැත්තෙන් කතා කරනවා දෝමනස්සය කියලා. එහා පැත්තෙන් කතා කරනවා කාම සඤ්ඤාව කියන එක. ඉතින් ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ මනෝත් අල්ලා ගත්තේ, ආනෙඤ්ජ සප්පාය සූත්‍රය පෙන්නන්නේ කාම සඤ්ඤාව නිසා ඇති වන්නේ දෝමනස්සය කියලා. එතකොට එහෙම නම් දැන් මේක, ඒක මතක ද ඒ වාක්‍යය අපි කියන්නේ, කාමය වරදවා හැසිරීම, කාම සඤ්ඤාව, මෙහි ඇලීම අභිනිවේසය කියලා කියනවා, ඉතින් මේ වගේ සංස්කාරවලට නොඇලිය යුතුයි කියන එක එනවා.
දැන් මේක දැන් 6.4 වෙනකොට මේක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. පරාමාසකායගන්ථය ඇතුළට ඇවිල්ලා. ඒක නේ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ කාම සඤ්ඤාව, දෝමනස්සය දැන් අපි මේක ඇතුළට ඇදිලා තියෙනවා කියන එක. ඉතින් මම අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර ඇදෙන එක කල්පනා කළා, ඒ even round නේ මේ කතා කරන්නේ. Even round වෙනකොට, හය වෙනි රවුම වෙනකොට දෝමනස්සය පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ, එතකොට ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට එනවා කියන එක. එතකොට මීට ඉස්සෙල්ලා, දැන් මේක නොවෙන්න නම් මීට ඉස්සෙල්ලා රවුමේ කතාව නොවෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා රවුම කියන්නේ පස් වෙනි රවුම නේ. පස් වෙනි රවුම වෙනකොට අපි ඉදංසච්චයට ගිහිල්ලා තියෙනවා.
ඉතින් ඒ කියන්නේ අත්තා නොවෙන්න ඕනේ. අර 5.5 කියලා අපි කිව්වේ. අත්තා වුණා නම් මේ ප්‍රශ්නේ වෙනවා, එහෙම නම් හරි නේ ඉතින්. මොකක් හරි එකක් ගත්තා නම් තමයි අපිට ඔය දුක්ඛය දෝමනස්සය ඔය විදිහට, කියන එක එනවා. එතකොට අත්තා නොවෙන්නයි කියලා කියන එක, ඒ ධර්මය තමයි මම ඒක දැක්කේ, බලාගෙන ගියහම.
අර අපි ඉගෙන ගත්ත දේ දැන් පේනවා, කාම සඤ්ඤාව නිසා දෝමනස්සය, මේක අස්සට ගිහිල්ලා ඉන්නවා කියන එක. ඒ ධර්මය ඒක නොවෙන්න නම් අත්තා නොවෙන්න ඕනේ. අත්තා වුණා නම් ඉතින්, ඒ කියන්නේ මගේ කියලා ගත්තා, රූපය ලාභයි කියලා ගත්තා ඉතින්, එහෙම නම් ඔක්කොම වෙලා ඉවරයි කියන එක. අර ඉස්සෙල්ලා බලපු ධර්මයේ significance එක දැන් හොඳට පේනවා. අර වටවල දී දෝමනස්සය සිතට ඇතුල් වෙනවා කියලා රහතන් වහන්සේ කිව්වේ නේ ද?
ඒක තමයි මං කරපු භාවනාව.