ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා
මම ඊයේ භාවනාව ම තමයි මම දිගට ගෙනිච්චේ. එතකොට ඊයේ භාවනාවේ දී, මතක නේ කාමච්ඡන්දය, ලෝභය නැති කරමි කියලා කිව්වහම එතන කාමච්ඡන්දය, එතකොට කාමච්ඡන්දය අපි දැක්කා, ජරාවට යනවා කියන එක. ඊට පස්සේ අපි ආපහු ඊට ඉස්සෙල්ලාත් දැක්කා, පදුට්ඨමනසඞ්කප්පය, ඒක දික් කළහම, එන්නේ අර ජරාවට කියන එක. එතකොට කාමච්ඡන්දය කියලා කිව්වේ අර ජරාවට ඇති කැමැත්ත.
එතකොට ඒකත් එක්ක ම අපිට පල්ලෙහා පේනවා, සංස්කාරයන් කියන එක, දැන් එතකොට අපි ඊයේ බැලුවා, ඔය දෝමනස්සය දක්වා ඇවිල්ලා එතනින් අර උපායාසය 7.7 තත්වයට පත් වෙලා ඉතින් දැඩි වෙහෙසකින් උපද්දවන්න හදනවා මේක කොහොම හරි. එතකොට දැන් බලන්න ඔය ථීනමිද්ධ අවස්ථාව කියන එක. ඉතින් ථීනමිද්ධය අපි දන්නවා නේ, මිද්ධය මේ පැත්තේ, ථීනය මේ පැත්තේ, ඒ කියන්නේ විඤ්ඤාණය සැකසුවාට පස්සේ අපිට තියෙන්නේ චිත්ත චෛතසිකවල අලසභාවය කියන එක. චිත්තයේ අලසභාවය කියන එක තමයි අපි අර ථීනය කියලා කියන්නේ. දැන් මේක හැදුවේ මොකෙන් ද. දැන් 7.7 වෙලා තියෙන්නේ. සංස්කාරය ජරාවට පත් වෙලා තියෙන්නේ.
ජරාවට පත් වෙච්ච සංස්කාරයෙන් හදපු විඤ්ඤාණය. දැන් ඒකේ තියෙනවා අර ථීන ස්වභාවය කියන එක, දැන් අපි දන්නවා නේ අර නම වෙනි රවුම වෙනකොට මේක සිතට ඇතුල් වෙනවා එහෙම කියලා. දැන් ඊට පස්සේ ඒ අර්ථය තේරුම් අරගෙන ඔතන ඔය රහතන් වහන්සේ පෙන්නුවා මේක මේ කෑලි දෙකෙන් දෙකට, නිකම් හරියට bicycle එකක, bicycle එකක නෙවෙයි දඟරයක වාගේ එකක මේ පැත්තට තල්ලු කරන්න දෙකයි, ඊට පස්සේ අනෙක් පැත්තට තල්ලු කරන්න දෙකයි. අන්න ඒ වාගේ. දැන් ඔතනදි වෙන්නේ අර සංස්කාරය කියන එකයි, කබලිංකාර ආහාරයයි මොකද අපි ආපහු අර යනවා නේ, උපායාසයෙන් කොහොම හරි ආපහු රූපයට යනවා කියන එක තියෙනවා. එතකොට ඒ සංස්කාරයයි, ඒ කෑලි දෙක කැරකෙනවා. ඊට පස්සේ එතනින් හැදුණා විඤ්ඤාණය දැන් ථීන ස්වභාවය කියන එක තියෙනවා ඒකේ. දැන් ඒක point වෙන්නේ හරියට ම අර උපායාසය තියෙන පැත්තට ම තමයි.
දැන් තමන් රෝගී තත්වයට සිත පහළ වෙලා පත් වෙලා තියෙන්නේ, ඉතින් හැබැයි ඒ වුණාට, තවත් උපද්දවනවා. ඒක පුදුමාකාරයි ඒක. දැන් මෙහෙම තිබිච්ච ඒක දැන් මේ පැත්තට හැරිලා, අපි ඕක දැක්කා අර මිද්ධය කියන එකේ දැක්කා නේ, මෙහෙම තිබිච්ච එක අනෙක් පැත්තට හැරිලා අත්තභාව පටිලාභය ඉඳන් ඒකට එනවා කියන එක, එතකොට දැන් මේ පැත්තට අපි එනවා. මම දැන් ථීනයි. රෝගී අලස ස්වභාවය තියෙනවා, ඒ වුණත් ඒ කියන්නේ අර අමාරු මනුස්සයා කොහොම හරි තවත් මේක කරනවා. රෝගී බවට පත් වෙලා කොහොම හරි මේක පවත්වන්න ම තමයි හදන්නේ.
දැන් එතකොට ඊළඟට යන්න එකොළොස් වෙනි රවුමට. දැන් එකොළොස් වෙනි රවුම වෙනකොට අපේ උද්ධච්චය නේ ද. උද්ධච්චය කියන්නේ අර රෝගී වූ සඤ්ඤාව මගේ කියලා අරගෙන තමන්ගේ තිබෙන්නා වූ ස්වභාවය කියන එක.
දැන් ඔය හරිය වෙනකොට ඕගොල්ලන්ට Saturn එකේ rings බලන්න ඕනේ නම් බලන්න පුළුවන්. නිකන් ඒක පේනවා, ඒක සිහි කළත් හොඳට තියෙනවා. අර මං කිව්වේ මට ඉස්සර ඕක ආවහම, මට අර මලකඩ කාපු යකඩ ඇණේ එකත් එක්ක තමයි මගේ මේ කතාව මම යන්නේ. ජරා වෙච්ච රූපයත් එක්ක නේ මේක ගියේ, පටන් ගත්තේ මෙතැනින්.
එතකොට ඉස්සර අර ඒ Saturn එකේ කතාව, එකපාරට එහෙම දර්ශනයක් දැක්කා ඉතින්, ඊට පස්සේ භාවනාව වෙනස්. දැන් මේක මෙහෙම නෙවෙයි තමන් සිතුවා නම්. තමන්ට ඒක පේනවා. ඒ තත්වෙට මනස තියෙනවා. දැන් ඉතින් මේ අවස්ථාවේ දී, හැබැයි ඒ කියන්නේ Saturn එකේ ring එකට තමන්ගේ මනස අල්ලන්නේ නැහැ. ඒකයි. ඒ කියන්නේ තමන්ගේ රෝගීභාවය කියන එක තියෙනවා නේ. ථීන ස්වභාවය, මේ ස්වභාවය තියෙනවා.
දැන් ඊට පස්සේ දැන් අපි එනවා එකොළොස් වෙනි රවුම, උද්ධච්චය. උද්ධච්චය අර කිව්වේ, උද්ධච්චය වූයේ මොකක් නිසා ද, අර රෝගී සඤ්ඤාව මගේ කියලා ගැනීමෙන් කියන එක නේ ද? භයභෙරව සූත්‍රයේ නේ අපි මේ හරියේ කළේ.
එතකොට දැන් බලන්න මෙතන තියෙනවා උඩ triangle එකක්, මෙතැන කෙළවර මිද්ධය, මේ පැත්තේ දැන් මෙතන උද්ධච්චය ඇති වෙලා තියෙනවා, මේ සංස්කාරවලින්. මෙතැන උඩ විඤ්ඤාණය, විඤ්ඤාණයෙහි ථීන ස්වභාවය තියෙන්නේ. දැන් මතක ද මේ උද්ධච්චය මගින් තමයි maintain කරනවා කියන එක කිව්වේ නේ ද. ඒ කිව්වේ අර 5, 6, 7 මතකයි නේ. ඒ කියන්නේ අර ධාරාව පල්ලෙහාට ආවා, අර රෝගී කතාවෙන් වෙන එක, ඊට පස්සේ අර උද්ධච්චයෙන් තමයි අපි maintain කරගන්නේ කියන එක. එතකොට ඉතින් අර ඒ අවස්ථාවේ නම්, ඉතින් රහතන් වහන්සේ එතැන දී මාව නැවැත්වූවා,
ඒ අවස්ථාවේ දී නම් අර කූඤ්ඤයට ම වැදිලා තියෙන්නේ. එතෙන්ට වෙනකම් ම මේ මනසේ ඇවිල්ලා තියෙනවා බොහොම සැරට. ඒ සංස්කාර, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔතනින් ඊළඟට එන්නේ අර අවූපසන්තචිත්තය, උඩ එකයි මේකයි සමාන කරගන්න බැහැ හදන්න බැහැයි කියන තත්වෙට තමයි මනස ඇවිල්ලා තියෙන්නේ. එතැනින් ඒ භාවනාව නැවැත්වූවා. මේ ඒක තමයි මං කරපු භාවනාව.
මේකේ දැකපු තව දෙයක් තමයි අර මළ සිරුරක ඔක්කොම පණුවෝ කට වටේ ම මේවා මේවා වෙලා. ඒ අවස්ථාවේ දී මනෝමය කායකින් ඉඳල බලලා, ඒත් අපි යනවා නේ, පේනවද, රෝගීයි, ථීනයි, ඔක්කොම තියෙනවා, මං ඒක දැක්කා. ඒත් ගිහිල්ලා ඉපදෙනවා. අන්න එතැන තමයි මහ ම තුච්ඡයි කියන්නේ. අර මාන අගයත් එක්ක තමන් බලන්න ඕනේ, මේකේ අර රවුම් එක්ක එනවා කියන එක, අර A, B ඒ points එකත් එක්ක.