ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව අපි සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ.
මම ඊයේ පෙරේදා කරපු භාවනාව ම තමයි මම ආපහු නැවතත් කළේ. ඒ භාවනාවේ දී මම බැලුවේ, දැන් අපි මනුස්සයෙක් දිහා බලනකොට අපි හිතමු බබෙක් එහෙම නැත්නම් තරුණ එක්කෙනෙක් දිහා බලනකොට කෙනෙක්ගේ එකපාරට ම මේ සිත මේ සුභයි කියලා යන ස්වභාවයක් තියෙනවා. ඇයි අපේ සිත එහෙම ඒ විදිහට යන්නේ? ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් යුතුව බැලුවොතින් එහෙනම් අපි දන්නවා මේ මලකඩ කාපු යකඩ ඇණයක් වාගේ දිර දිරා යන්නා වූ දෙයක්, ඒක කවදාවත් හොඳ වෙන්නේ නැතෙයි කියන එක, ඒක අපි දන්නවා. නමුත් අර මනුස්සයෙකුට එනවා මේක මේ අල්ලා ගන්නා වූ ස්වභාවයක්. ඒක හේතු වෙලා තියෙන්නේ අපි මේක නිතර ම කරකවන ගමන් තමයි අපි බලන්නේ. කරකවන ගමන් බලනවා කියන එක තමයි ප්‍රශ්නය කියන එක එතැන තියෙන්නේ.
එතකොට දැන් අපි බැලුවොත් එහෙම ඔය කාමච්ඡන්දය කියන එක, කාමච්ඡන්දය කියලා කිව්වහම අර ජරාවට තියෙන කැමැත්තයි කියලා අපි හොයා ගත්තා නේ. එතකොට ඒ ජරාවට තියෙන කැමැත්ත ඒ කියන්නේ කාමච්ඡන්ද රේඛාව අපි දික් කළොත් යන්නේත් කෙළින් ම ජරාවට. අනෙක් පැත්තේ අපි දන්නවා පදුට්ඨමනසඞ්කප්පය ඉඳන් අපි එනවා නේ, ඒක දික් කළහමත් එන්නේ ජරාවට. එතකොට V shape එකට ම ඕක පේනවා අපිට ජරාවට ම තමයි මේක යන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක ම අපි හොයා ගත්තා ඒ ජරාවට යෑම කියන එකට තමයි අපි මෙතැනින් කැමති වෙලා තියෙන්නේ එහෙනම්, ඒ රූපයේ ජරාවට. අනෙක් පැත්තට ගත්තහම සංස්කාර, අර පල්ලෙහා සංස්කාර කොටුව බැලුවහම එතැනින් අපි තේරුම් ගත්තා ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය සකස් වීම කියන එක තියෙනවා.
කාම සඤ්ඤාව කියලා කියන්නේ, රහතන් වහන්සේ පෙන්නුවා කාම සඤ්ඤාව කියලා කියන්නේ සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවැත්මයි කියන එක. එතකොට ඒ සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවැත්මට මෙයා කැමැත්ත තියෙනවා. ඉතින් ඔතනදි, ඔතන තව ධර්ම කාරණා ඉතින් ගොඩක් සම්බන්ධ වෙලා එනවා ඔය රූපයටයි, රූපයත් කාම සඤ්ඤාවත් කියන දෙක ම දුකයි කියලා නොදන්නා බව නිසා තමයි අපි මේ කරකැවීම කියන එක කරන්නේ. ඉතින් එහෙම කරලා ඒ පුද්ගලයා දැන් බලන්න විඤ්ඤාණය කාම සඤ්ඤාවෙන් අපි එතැන රූපය දන්නෙත් නැහැ කාම සඤ්ඤාව දන්නෙත් නැහැ, දෙක ම දුකයි කියලා දන්නේ නැහැ, දැන් අපි කරකවනවා කියන එක කරනවා, කැරකෙව්වහම මොකද වෙන්නේ? සංස්කාරයෙන් විඤ්ඤාණය, විඤ්ඤාණය මැරිලා වැටෙනවා. මරණය කියන එක සිද්ධ වෙනවා. රූපය කෙළවර තියෙන්නේ ජරාව පැත්ත, අර කෙළවර මරණය කියන එක. එතකොට මරණය ඇති වුණා නම් අපිට එහෙනම් පරිදේවය, පරිදේවය ඉඳන් සෝකය, සෝක දෝමනස්ස ඔන්න ඔය පැත්තට අපි ගමන් කරනවා කියන එක, ධාරාව ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා.
එතකොට දැන් ඒ තත්වෙට අපි එනවා කියලා කියන්නේ ඔතන ධර්මය තව චුට්ටක් ගැඹුරට යනවා, ඒක පරිස්සමින් බලන්න ඕනේ අර සබ්බාසව සූත්‍රයත් එක්ක. ඒකෙදි අපි ඉගෙන ගත්තා නේ 4.2 කියලා කිව්වහම අර එතැන මරණය ඊට පස්සේ 4.3 කියලා කියනකොට වේදනාවේ ජරාව, ඊට පස්සේ 5.3 කියලා කියනකොට අපි කිව්වා සඤ්ඤාවේ ජරාව දැන් ඊට පස්සේ අර පල්ලෙහාට යනවා 7.7 කියලා කියන්නේ සංස්කාරයේ ජරාව.
එතකොට මෙන්න මේ වගේ ජරාවට පත් වුණා වූ දේකින් තමයි අපි මේ විඤ්ඤාණය සකස් කරන්නේ, ඉතින් 7.7 කිව්වහම බලන්න ඔක්කොම රූපයයි, වේදනායි, සඤ්ඤායි සංස්කාරයි ඔක්කෝම ජරාවට පත් වෙලා. අන්න ඒ සංස්කාරයෙන් අපි ඒත් විඤ්ඤාණය හදනවා, ඒක නේ රහතන් වහන්සේ පෙන්නුවේ ථීනමිද්ධ අවස්ථාවේ දී මේක දුවනවා කියලා. එතකොට ඒත් අපි කරකවනවා. එතකොට අපි ඔය තත්වෙටත් පත් වෙලා කරකවනවා කියලා කියන්නේ අපි අට වෙනි රවුමට ආවා 7.7 පැන්නා දැන් අට වෙනි රවුමට ඇවිල්ලා තියෙන්නේ. ථීනමිද්ධ අවස්ථාවට තමන්ගේ ඇති වෙලා තියෙනවා කියන ස්වභාවය කියන එක තමන් දන්නවා. ඒ අවස්ථාවේ දීත් අපි කරකවමින් පවත්වනවා කියන එක මේක.
එතකොට මේක නිසා ඒ කියන්නේ අඥානභාවය දුකයි කියලා කියන එක දන්නේ නැහැ, රූප වශයෙන්වත්, වේදනා, සඤ්ඤා සංස්කාර වශයෙන් එකකින්වත් දුකයි කියලා දන්නේ නැහැ. ඉතින් අඥානභාවය, ඥානය නැතිකම කියන එක නිසා තමයි අපි මේ කරන්නේ. එතකොට දැන් බලන්න අපි දැන් උඩින් දැන් කරකවන එක නැවැත්වූවා කියලා හිතන්නකෝ, රූපය අල්ලලා කරකවන්නේ නැහැ අර කාම සඤ්ඤාව නිසා සංස්කාර නිසා අපි කරකවන්නෙත් නැහැ කියමුකෝ. මතක ද අර සබ්බාසව සූත්‍රයේ අර උඩිනුයි යටිනුයි කරකැවීම කියන එකට ඔය දෙක සම්බන්ධ වෙනවා. ඔය දෙක නැතෙයි කියලා හිතන්න. ඒත් අපි ඉගෙන ගත්තා මේ hub එක මැද්දෙන් තියෙන එක කරකවනවා කියන එක.
ඒ කියන්නේ තණ්හාව කියලා කියන්නේ අට වෙනි රවුමෙනුත් පස්සේ අත හරින්නේ නැහැයි කියන එක නේ, බලන්න මේක ගැඹුරු අර්ථයක් තියෙනවා. අට වෙනි රවුමෙනුත් පස්සේ මේක කරකවලා මෙයාට පේනවා රූපයත් ජරාව, වේදනාවත් ජරාව, සඤ්ඤාවත් ජරාව, සංස්කාරයත් ජරාව, ඒත් අත හරින්නේ නැහැ. මොකක් හරි අල්ලාගෙන දැවීම කියන එක එතැන තියෙනවා. ඉතින් එතැන දී මට හොඳට ගැඹුරට තේරුණා, මේ රූපයත් එක්ක කැරකුවේ නැති වුණාට, සංස්කාරය නිසා කැරකුවේ නැති වුණාට අර මැද්දේ hub එක නිසා මේක කැරකෙනවා. ආන්න එතැන දී තමයි මට හොඳට ම තේරුණේ තථාගතයන් වහන්සේ කිව්වේ තණ්හාව නිසයි දුක්ඛය ඇති වෙන්නේ කියන එක. ඒක ගැඹුරට තේරෙනවා මේ අවස්ථාව වෙනකොට. තණ්හාව නිසයි මේ දුක්ඛය, චතුරාර්ය සත්‍යයේ ඒ ධර්මය.
එතකොට දැන් මෙන්න මේ තත්වයට, තමන්ගේ තණ්හාව නිසා මේක කැරකෙනවා කියන එක තමන් තේරුම් ගත්තහම තමන්ට පේනවා එහෙම නම් අර සබ්බාසව සූත්‍රය වගේ උඩින් අපි කරන්නා වූ ක්‍රියාවලිය එහෙනම් චේතනාව, පල්ලෙහා සංස්කාර නිසා අර භය අගතියට යන්නා වූ ඒ ක්‍රියාවලිය තමන්ට පේනවා. මැද්දේ පරාමාසය කියන එක hub එක, ඒක නිසා කියන එක. දැන් ඉතින් ඕක බැලුවහම හරියට මෙතැන 4 සලකුණ එනවා. 4 සලකුණ එන්නේ දෙපැත්තට, මේ පැත්තට වේදනා, අනෙක් පැත්තට ඉදංසච්චයට, පරාමාසය මැද්දේ කියන එකයි. එතකොට අපි දන්නවා නේ 4 සලකුණට අපි භාවනා කරන ක්‍රමය මොකක් ද කියන එක. ඒකෙදි අපි භාවිතා කරනවා ඉද්ධිපාද හතර, එතකොට අපි මුලින් ම කල්පනා කරන්න ඕනේ විරිය ඉද්ධිපාදය කියන එක.
විරිය ඉද්ධිපාදයේ දී අර ඉදංසච්චයට එන කෙළවර ගැනයි අපි කතා කරන්නේ. ඒක හරහටයි දැන් තියෙන්නේ. දැන් විරිය ඉද්ධිපාදය, ඉදංසච්චයට, ඉදංසච්චයෙ දී අර සංස්කාර කියන ඒවා නිසා අපිට එන්නා වූ ප්‍රශ්නය අපි අත හරින්න ඕනැ. සංස්කාරයන් නිසා මගේ වෙනවා කියන එක. ඊළඟට ඒ වගේ ම ඕගොල්ලෝ දන්නවා ඊළඟට දෙවෙනි විරිය අර අත්තා නොවෙන්න, තුන් වෙනි විරිය අර රූපය කියන එක ස්පර්ශ නොවෙන්න. අන්න එතැන දී ඕගොල්ලෝ එනවා ඡන්ද ඉද්ධිපාදයට.
එතකොට වේදනාවේ කෙළවරේ තියෙන්නේ ඡන්ද ඉද්ධිපාදයෙන් නැති කරන්නා වූ දේ. රූපය ස්පර්ශ වුණා, වේදනාවට ආවා එතැනින් ඇති වෙන්නා වූ එක. එතකොට ඔය රහතන් වහන්සේ මට අද කියලා දුන්නා ඔය වේදනාවයි, රූපය ස්පර්ශ වෙලා ඇති වෙන වේදනාවයි, ඒ කියන්නේ රූපයයි, රූපය නිසා ඇති වෙන ප්‍රතිඵලයයි. එතකොට බලන්න ප්‍රතිඵලය කිව්වහම රූපයයි, වේදනාවයි, තණ්හාවයි ආන්න ඒක නොවෙන්න තමයි ඡන්දය කියන එක ඒකෙදි භාවිතා කරන්නේ අපි.
එතකොට මෙතැන දී ඒක ම තමයි අපි චිත්ත ඉද්ධිපාදයට අපි ගමන් කරන්නේ. වේදනාවට react කරන්නේ නැහැයි කියන එක තමයි අතන චිත්ත ඉද්ධිපාදයට යන්නේ, දැන් ඉතින් එතනින් ආවා අපි චිත්ත ඉද්ධිපාදය කියන එකට.
ඒ චිත්ත ඉද්ධිපාදයට ආවට පස්සේ එතන චිත්ත ඉද්ධිපාදය මොකට ද අපිට? ඒ චිත්ත ඉද්ධිපාදය භාවිතා කරන්නේ අපි සෝක පරිදේවයන් කියන ඒවා ඉක්මවන්න, බලන්න සෝක පරිදේවයන් ඉක්මවන්නේ නැත්නම් අර පල්ලෙහායින් අර අපේ සංස්කාරයන් නිසා විඤ්ඤාණ මැරිලා පරිදේවයෙන් සෝකයට, සෝකයෙන් අපි දෝමනස්සයට ගිහිල්ලා ආපහු අර ක්‍රියාවලිය කරනවා. දැන් මෙතැන ටිකක් අර ගැඹුරට බැලිය යුතු ධර්මය තමයි සබ්බාසව සූත්‍රයේ, ඒකෙ කෙළවරට යන්න ඕනේ. දැන් අපි අර මෙතැන සෝකයේ තියෙන එක, කියන එකට එනකොට අපිට කියන්න පුළුවන් ඕක 4.4 කියලා, හතර රවුමේ හතර, ජාතියත් 4.4 මේකත් 4.4.
ඒක සල්ලයක් නේ 4.4 ඉඳන් 5.4ට යනවා. ඉතින් 4.4 ඉඳන් 5.4ට යනකොට එයා එනවා දොමනස්සයට, මේක propel වෙවී එන්නේ, එතකොට 5.4 ඉඳන් දෝමනස්සය ආපහු දැන් සෝකය 5.4, 6.4 වෙනකොට දැන් දෝමනස්සය ඉඳන් ඒ පාර 6.4, 7.4 වෙලා එයා යන්න යනවා අර උපායාසය කියන එකට. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එක තියෙනවා.
එතකොට මේක නොවෙන්න, මේ සෝක පරිදේවයන් කියන ඒවා ඉක්මවන්න, අපි ආපහු හැදුවහම ආපහු පරිදේව වෙනවා, සෝක පරිදේවයන් ඉක්මවන්න තමයි අපි අර චිත්ත ඉද්ධිපාදය කියන එක අපි භාවිතා කරන්නේ. එහෙනම් හතරෙ පල්ලෙහා කෑල්ල. දැන් උඩ විමංසා ඉද්ධිපාදය කියන එක අපි භාවිතා කරනවා අර චේතනාව නිසා නොවෙන්න, චේතනාව මගේ කියලා අරගෙන අත්තා වීම කියන එක සිද්ධ වෙනවා නේ, අන්න ඒක නොවෙන්න. අන්න ඔතන ඔය ඉද්ධිපාද 4 ඕගොල්ලෝ ඔය විදිහට බැලුවහම පේනවා ඕක ඇවිල්ලා අර diamond එකේ කෙළවරවල් හතර නේ.
එතකොට ඔය පාරිසුද්ධිපධානියඞ්ගයන්ගේ හතර edge එක හැටියට එනවා මේක අර node එක vertice එකට තමයි මේ හතර එන්නේ කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
එක කොටසක් කියන්න අමතක වුණා. ඒ ඒකෙ අර තණ්හාවෙන් කරකවන කෑල්ල දැන් ඒ අවස්ථාවේ දී මං අර කිව්වේ දැන් අපි රූපය නිසා උඩින් කරන්නේ නැති කතාවක් තියෙනවා, සංස්කාර නිසා කරන්නේ නැති කතාවක් තියෙනවා, hub එකෙන් විතරක් කරනවා කිව්වා නේ ද? ඒ hub එකෙන් විතරක් කරනවා කියන එක හරියට ඕගොල්ලො දන්නවා නේ ඔන්චිලි පදිනවා කියන එක. ඔන්චිලි පදින මනුස්සයා කොහොම ද ඔන්චිල්ලාව පදින්නේ. මුලින් පයින් ගහලා අරක නග්ග ගත්තා කවුරු හරි තල්ලු කරලා හරි. ඊට පස්සේ මොකද කරන්නේ, අර උඩට ගියාට පස්සේ ඒ මනුස්සයා කකුල මෙහෙම දිග හරිනවා නේ ද? දන්නවා නේ අර, ඒ වේදනාව සඳහා මේකේ හරි සැපක් කියලා කකුල දිග හැරලා ඒ විදිහට නමලා තමයි ඒක කරන්නේ, පේනවද අර මොකක්වත් රූපයක් මේවා කරන්නේ නැති වුණත් අර විදිහට රූපයත් හා සම්බන්ධයක් තියෙනවා මේක කරන්නේ නැති වුණාට. ආන්න ඒ වගේ දෙයක් තමයි. අන්න ඒ වෙලාවේ තමයි මට තේරුණේ අර තණ්හාව නිසා තමයි මේක තියෙන්නේ කියන එක, පවතින්නේ කියන එක.