ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, ලෝකයේ සිත සුව පිණිස වැඩ වාසය කරනවා කියලා මේ විදිහට ඒ අග්‍ර බුදුපියාණන් වහන්සේ ඉඳන් පටන් අරගෙන අනෙක් බුදුපියවරු සිහි කරලා, දාහතර නම ම සිහි කළා.
එතකොට මම, මට කලින් ම කිව්වා ඔය නන්දි කියලා භාවනාවක් අපි, 15 වෙනිදා කරලා තියෙනවා අගෝස්තු මාසයේ, නන්දි භාවනා 2, ඒක පොඩ්ඩක් බලන්නයි කියලා. ඒකේ තියෙන්නේ අර ලෝභය නැති කරමියි කියලා කිව්වහම, ලෝභය කියන එක අපි දන්නවා, අභිජ්ඣා කියන එක තියෙනවා නම් ලෝභය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ අභිජ්ඣා තියෙනවා නම් නන්දිය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් අපි දන්නවා ඕකේ ඔය වට ගාන ගිහිල්ලා, ඒ වට අටක් එහෙම ගිහිල්ලා නම වෙනි රවුමේ දී අපි ථීනමිද්ධ අවස්ථාවේ දීත් අපි අර තීරණය ගන්නවා, සුභයි කියන එක අරකට ඇදෙනවා ඉදංසච්චයට යනවා කියලා. ඉතින් ඒකෙදි තේරුම් ගත්තා ඒ නන්දිය වෙන්න නම් ඉතින් අපිට මිච්ඡා දිට්ඨිය කියන එක තියෙන්න ඕනේ, අභිජ්ඣා වෙන්න නම් මිච්ඡා දිට්ඨිය කියන එක තියෙන්න ඕනේ. එතකොට ඒ විදිහට අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු විදිහට ඒක නොවෙන්නයි කියලා කලින් භාවනාව කරලා තියෙනවා.
දැන් අද භාවනාවේ දී කළේ දැන් අපි බැලුවොතින් එහෙම ඔය නන්දිය වෙන අවස්ථාව වෙනකොට 7.7 වෙලා නේ. 7.7 වෙනවා කියන අවස්ථාවේ දී අපිට පේනවා මේක මේ ධාරාව පොඩ්ඩ පොඩ්ඩ ගලාගෙන එන හැටි. අපි දන්නවා නේ 4.4 ඉඳන් 5.4 වෙලා තමයි ඒ කියන්නේ අර සෝකයේ සල්ලය තියෙනවා නේ, අන්න ඒ වෙලාවේ දී තමයි ඔය 5.3 එහෙම වෙන්නේ, සඤ්ඤාව ජරාව කියලා ගන්නවා.
එතකොට ඊට පස්සේ අපි ඒ සෝකයේ ඉඳන් අර දෝමනස්සය කියන කොටසට ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ අපි දෝමනස්සයේ ඉඳන් දැක්කා 5.4 ඉඳන් 6.4ට යනවා. අන්න එතකොට තමයි push වෙලා යන්නේ ජාතියට. ඒ 6.4ත් ජාතිය. එතකොට අපි ඒ වෙලාවේ දී කියනවා ඒ රූපයයි වේදනාවයි දෙක ම නිසයි ඒ ජාතිය කියලා. ඒක real. අර 2.4ත්, එතැන real ගතිය තියෙනවා රූපයත් එක්ක. මෙතැන ආපහු රූපයයි, වේදනාවයි දෙක ම නිසා ඇති වෙන එකේ real එකත් තියෙනවා, අර 4.4 දී ජාතිය fake. මොකද වේදනාව විතරයි, substance එකක් නැහැ.
ඊට පස්සේ දැන් අපි ඊට පස්සේ ඉගෙන ගත්තා, ඒ 6.4, 7.4 බවට පත් වෙනවා කියලා. ඊට පස්සේ තමයි 7.7 වෙන්නේ කියන එක. එතකොට එහෙම නම් ඕගොල්ලන්ට පේනවා 6.4 ඉඳන් 7.4, 7.4 ඉඳන් 8.4 වෙනකොට තමයි 7.7 මැද්දේ තියෙන්නේ. ඒ කියන්නේ වට දෙකක් එතැන යන්න ඕනේ. ඒ වට දෙකක් යනවා කියන්නේ ඒ 8.4 ආවා නම් අපි ආවා දුක්ඛය කියන තැනට. දුක්ඛය කියන එක 8.4 කියන තැන ලියන්න ඕනේ, ලකුණු කරගන්න ඕන.
දැන් බලන්න එහෙම නම් මෙතැන gap එකක් තිබුණා දෙකක්. දැන් මේ වටවල gap දෙකක් තිබුණා කියලා පේනවා, ඇයි ඒ 6.4, 5.4 ඉඳන් 6.4 වෙනකොට ජාතිය. 6.4, 7.4. 7.4, 8.4 කියන එක තියෙනවා. අපි ඕක පොඩ්ඩක් පැත්තකින් තියමු, දැන් gap දෙකක් තියෙනවා කියන එක. දැන් මට භාවනාවේ දී ආවේ, දැන් මම ආපහු කලින් භාවනාවේ එක apply කළා.
දැන් මට අභිජ්ඣා කියන එක ඇති වෙලා තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක තියෙන්න ඕනේ. එතකොට 8.4 කිව්වහම දුක්ඛය. එතකොට එහෙනම් මුළු දුක්ඛය ම අපි mark කරලා ඉවරයි, ඒ රවුම වෙනකොට. දැන් 8න් පස්සේ නේ අපි ථීනමිද්ධයට එහෙම යන්නේ. එතකොට මුළු දුක්ඛය ම mark කරලා ඉවරයි.
එතකොට දැන් මම කියනවා අභිජ්ඣා වෙන්නේ මිච්ඡා දිට්ඨිය නිසා. මොකක් ද මිච්ඡා දිට්ඨිය? මේක සම්පූර්ණයෙන් ම දුකයි කියලා දන්නේ නැතිකම. අර 8.4. අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා. ඒ දක්වා දුක්ඛය ඇවිල්ලා, ඒත් මේ මනුස්සයා මේක මිච්ඡා දිට්ඨියක් වෙලා තියෙනවා, ඒ කියන්නේ දුක්ඛය දන්නේ නැහැ, ඒක නිසා අභිජ්ඣා වෙලා අපි මේක කරනවා. ථීනමිද්ධ අවස්ථාවේ දීත් අපි දුවනවා නේ.
දැන් ඕක ඔය විදිහට බලලා ඊට පස්සේ මම කල්පනා කළා, ඒ රහතන් වහන්සේ “ඇතියි” කිව්වා, ඕක නවත්වලා, මම කල්පනා කළා ඇයි මෙතැන රවුම් දෙකක් gap එක. 5.4 6.4 වෙනකොට අපි ජාතියට ආවා. දැන් 6.4, 7.4. 7.4, 8.4 වෙලා තමයි අපිට වෙන්නේ. එතකොට රවුම් දෙක මොකද? අපි දන්නවා අපි ආවට අතන සෝක සල්ලය නිසා අපි මෙතැනට ආවට, ඒ ජාතිය කියන එක දක්වා අපි එතැනට ආවට, මේක රාග සල්ලයෙන් උඩට ගෙනියන්න ඕනේ රූපයට. එතැන සල්ල දෙකයි, දැන් තමන් සෝක වෙලා ඉන්නවා මදිවට රාගයකුත් තියෙන්න ඕනේ මේක ඉස්සරහට ගෙනියන්න කියන එක. අන්න ඒක තමයි මට තේරුණේ.
ඒ කියන්නේ අර නන්දිය දක්වා අපි ආවා. අර 7.7 නන්දිය කියලා කිව්වේ. එතකොට 7.4 ඉඳන් මේක උස්සගෙන යනවා උඩ රූපය දක්වා අර සල්ලය විසින් ගෙනියනවා. ඒ කියන්නේ මේ සෝක වෙලත් මේ මනුස්සයා මේක රාගය අත හරින්නේ නැහැ නේ. අර වස්තුවට තිබෙන්නා වූ එක, ඒකෙ subtle difference එකක් තියෙනවා ඒ දෙක අතර.
ඒක තමයි මං කරපු භාවනාව.