ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වශයෙන්, ලෝකයට සිත සුව පිණිස වැඩ වාසය කරන්නේ ය, කියලා මේ විදිහට දාහතර නම ම සිහි කළා.
මම භාවනාව කරන්න පෙර ම, රහතන් වහන්සේ කිව්වා, මතක ද අපි බැලුවා නිකාමයමානා, ලාභසක්කාරසිලොකං නිකාමයමානා කියලා අපි බලලා තියෙනවා නේ, ඒකේ ලාභ සත්කාර කියන එක ගත්තහම අපි දන්නවා අර area 1 එකේ ලාභයි කියලා ගන්න එක. ඊළඟට නිකාමයමානා කියලා කිව්වහම අර වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් පරාමාසයට එනවා කියන එක. එතකොට අපි ඒ කෑල්ල අපි කිව්වා තණ්හාව කියලා. ඊට පස්සේ වේදනාවේ ඉඳන් පරාමාසයට එන කෑල්ලට කිව්වා, ඒ තණ්හාව වීමට තියෙන කැමැත්ත කියලා, නේ ද?
එතකොට දැන් බලන්න ඊයේ භාවනාවේ කෙළවර. ඊයේ භාවනාවේ කෙළවර අපි ආවා, 6.4 වෙනකොට ජාතිය කියලා, ඊට පස්සේ අපි පෙන්නුවා අර සෝක සල්ලයෙන් තවත් කරකැවෙනවා, එයා 6.4, 7.4 වෙනවා. 7.4, 8.4 වෙනවා. එහෙම නේ උඩට යනවා කිව්වේ.
6.4, 7.4 වුණාට පස්සේ 7.5 මොකක් ද? 7.5 කියලා කියන්නේ අපි අත්තා කියලා ගත්තා රූපය ලාභයි කියලා. අන්න එයා ඉන්නේ අර ලාභසක්කාරසිලොකං කියන කතාවේ තමයි එයා ඉන්නේ. ඊළඟට අපි එනවා 7.4 වුණාට පස්සේ 7.5 වුණා. දැන් 7.7 දක්වා ආවා. දැන් බලන්න ඒක, ඕක පිළිවෙළට එනවා නේ ද? දැන් 7.4 කියන්නේ පරාමාසය, 7.5 කිව්වේ අත්තා, 7.6 දිට්ඨි අනුසය, ඊට පස්සේ 7.7 වෙනකොට නන්දිය. ඊට පස්සේ අපි ආවා 8.1. 8.1 කිව්වහම ධම්මමච්ඡරියෙන් චේතනාවට යන එක. ඊට පස්සේ 8.2 කිව්වහම පදුට්ඨමනසඞ්කප්පයෙන් එනවා එතැන පරාමාසයට නේ ද. එතකොට ඒක තමයි අපි ඊට පස්සේ 8.3 වෙනකොට අන්න වේදනාව යනවා, 8.4 වෙනකොට තමයි හරියට ම අතන පරාමාසයට දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඕක ඔය විදිහට දකිනකොට, ඒ තමන්ගේ මනස, ඔළුව තමන්ට දැනෙනවා වම පැත්තයි දකුණු පැත්තයි, මෙතන හිතන්නකො ඇතුළෙන් ඇවිල්ලා නිකට, එතකොට බලන්න ඔය picture එක ම නේ ද ඔය තියෙන්නේ. හරි ම සැපයි.
ඒ කියන්නේ මේ පැත්තෙන් area 1, මේ පැත්තෙන් area 3. මේක ඇරිලා වගේ ඔහොම තමන්ට දැනෙනවා. පුදුමාකාර සැපයක් තියෙන්නේ. ඒ අර නිරෝධයට ආසන්න අවස්ථාව. ඒ බොහොම ඒ සුඛයක් සහිතව ඉන්නා වූ අවස්ථාව. ඉතින් ඒ භාවනාවේ නම තණ්හාවේ නිරෝධය කියන එකයි, දුක්ඛ නිරෝධය නෙවෙයි, තණ්හාවේ නිරෝධය කියන එකයි එතැන පෙන්නන්නේ. දැන් ඒක හැදෙන්නේ මෙහෙමයි කියලා නේ එන්නේ.
දැන් බලන්න අපිට පේනවා 7.4, 8.4 වෙනකොට. 6.4, 7.4, 8.4 වෙනකොට අපි අතැනට වෙනකන් උස්සලා ගෙනියනවා නේ, මේක ලාභයි කියලා නේ ද? ඒ පැත්තෙන් තණ්හාව යනවා, ඉතින් ඕකේ බලන්න මුල ඉඳලා බැලුවොතින් ඕකේ ලස්සනට picture එක එනවා. මොකද ඒකේ අපි මුලින් ගන්නවා නේ අර ඡම්භී භීරුකජාතිකා. ඒ ඡම්භී කියලා කිව්වහම අපි අතන භය වෙනවා කියන කතාව තියෙනවා අහං සහ මමං එකට ඉඳියි ද කියලා. භීරුකජාතිකා කිව්වහම, මළාට පස්සේ මට ආපහු එකක් ලබා ගන්න පුළුවන් වේ ද. එතැන කල්පනා කරනවා නේ සැක ඇත්තා වූ මම, බිය ඇත්තා වූ මම, ඊළඟට කඞ්ඛී ඇත්තා වූ මම පරිදේව වූ දේවල්, පරිදේව වූ සංස්කාරයෝ නැවත සෑදිය හැකි ද? දැන් මෙයා මැරිලා මෙයාට තියෙනවා නේ මේක ආපහු හදන්න පුළුවන් වෙයි ද කියලා බයක් ඇතුව, මේ පිළිවෙළට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිවෙළට ඇවිල්ලා දැන් මෙතැන පේනවා, මේ අන්තිමට ඒ කියන්නේ, ඒ කෑල්ල ආවේ නැත්තන්, මේ මුළු frame එක ම මේක හරියට එන්නේ නැහැ.
මම මොකද භාවනාවට මුල දී ම රහතන් වහන්සේ එතැන බලන්න කිව්වා ම, මම එතැන ඒ කෑල්ලත් බැලුවා. බැලුවහම තමයි මට හොඳට ම වැදුණේ භීරුකජාතිකා කිව්වහම මෙතැන ආපහු හදාගන්න පුළුවන් වෙයි ද, මෙතැන කරකවලා කළාට. ඉතින් ඒක තමයි බොහොම සැප තියෙන්නා වූ භාවනාවක් කියලා කියන්න පුළුවන් ඒක ගත්තහම.
අනිත් එක මේක මෙහෙම දැනිච්ච එක හරි පුදුමයි, මේකේ තියෙන එක ම, මේ diagram එකේ තියෙන එක ම හරියට ම බෙදිලා තියෙනවා. දෙපැත්තේ කෑලි දෙකට කියන එක. ඒ triangle දෙක, බෙදිලා තියෙන්නේ.
මේක තමයි මම කරපු භාවනාව.