ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වහන්සේ වශයෙන්, ලෝකයට සිත සුව පිණිස වැඩ වාසය කරන්නේ යැයි කියලා, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම මුලින් පටන් ගත්තා ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා. ලෝභය නැති කරමි කිව්වම අර කාමච්ඡන්දය, අපි දන්නවා දැන් කාමච්ඡන්දය කියන්නේ ජරාවට තියෙන්නා වූ කැමැත්ත, ජරා ධර්මයට. එතකොට මේක නිසා අපි දන්නවා අනික් පැත්තෙන් අපිට අර v shape එකට යනවා කියලා කිව්වේ. එතකොට පදුට්ඨමනසඞ්කප්පය ඇවිල්ලා ඊට පස්සේ අපි දන්නවා අර සංස්කාර කෙළවරින් එතන බැහැගෙන එනවා භය අගතිය දක්වා. එතකොට මේක හරියට අර මොකක් හරි එකක් පදින්න pedals දෙකක් කියන එක parallel මේක එනවා වගේ.
දැන් එතකොට ඔය තත්වයට මනස ගෙනල්ලා රහතන් වහන්සේ මට මුලින් කිව්වා 12/09/2014 කාම ආශ්‍රවය කියන භාවනාව, ඒක බලාගන්න කියලා. ඉතින් ඒකෙ තියෙන්නෙ 4.4 කිව්වම එතනින් අපිට තියෙනවා ඒ කාම ආශ්‍රව කියන කතාව. ඉතින් ඔතනදි අපි දන්නවා අර ව්‍යාපන්න චිත්තා පදුට්ඨමනසඞ්කප්පා කියලා, එතන තියෙනවා. ව්‍යාපන්න චිත්තය කිව්වම අර වේදනාව පරාමාසයට එනවා. විපරිණාමයට පත් වෙච්ච ඒ දුක් වේදනාව, පරාමාසයට ඇතුල් වෙනවා.
ඊළඟට පදුට්ඨමනසඞ්කප්පය, අපි අර නිත්‍යයි කියලා ගත්තු සංස්කාර නිසා තමයි එතන ඒක පරාමාසයට ඇතුල් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා ව්‍යාපන්න චිත්තය හතර වන රවුමේ දී තමයි ඇති වෙන්නේ. සිතට තවම ඇතුල් වෙලා නැහැ. ඉතින් අපි මේක සුඛ යැයි කියලා ගන්නවා. අන්න ඒක තමයි ඒ විපරිණතභාවය නිසා හටගත් දෙයක් ම තමයි අපි මේක සුඛයි කියලා අරගෙන තියෙන්නෙ කියලා පේනවා.
ඊළඟට අපිට පේනවා මෙතනින්, අර නිත්‍යභාවය කියන එක පදුට්ඨමනසඞ්කප්පයෙන් පරාමාසයට ඇතුළු වීම. දැන් එතැනදි කාම ආශ්‍රවයේ ලක්ෂණය කියන එක මම ඒ භාවනාවේ දී මෙනෙහි කළා. අජ්ඣත්තාය, අල්ලීනාය කියන එක. ඒක තමයි කාම ආශ්‍රවයේ ලක්ෂණය.
එතකොට අල්ලීනාය කියන එක ගත්තහම, අර වේදනාව සුඛ යැයි කියලා හිතාගෙන අපි ඇලෙනවා. ඇතුළු වෙන්නේ මලකඩ කාපු යකඩ ඇණය නිසා ඇති වෙච්ච විපරිණතභාවයට පත් වෙච්ච වේදනාව, නමුත්, අපි සුඛයි කියලා අරගෙන ඇලෙනවා. ඒක තමයි අල්ලීනාය කියන්නේ. අජ්ඣත්තාය කියන එක ඉතින් ඒකෙ, දිගට තියෙනවා ඒකෙ අර නිත්‍යභාවයක් කියන එක අඩංගුයි. ඉතින් ඒක රහතන් වහන්සේගෙන් ඇහුවම ඒ අර්ථය තියෙනවා කිව්වා. රහතන් වහන්සේ පෙන්නුවේ ඒක නිසා මේක වටේට අපි යනවා. ඒ කියන්නේ අපි අර diamond shape එකට වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති. මේක රවුමට ගමන් කිරීම විඤ්ඤාණ ධාරාව පැවැත්වීම හේතු කොටගෙන නිත්‍යභාවය ඒක ඇති වෙලා තමයි මේක තියෙන්නේ.
ඉතින් ඔය diamond shape එක ඇති වුණා නම්, ඔයගොල්ලෝ දන්නවා අර ඒ diamond shape එක දෙකට බෙදුවොත් චේතනා, භය අගති කියන විදිහට, මේ පැත්ත මමං එහා පැත්ත අහං වෙනවා. ඉතින් මමංනුයි අහංනුයි මේක අස්සෙ හැංගිලා ඉන්න තැනක් දක්වා අපි බලලා තියෙනවා. පොඩ්ඩ පොඩ්ඩ අර blotting paper එක වාගේ රූරලා එනවා කියන එකයි තියෙන්නෙ. ඉතින් එතැන දී මට හොඳට වැටහුණා, එතකොට දැන් ඔතන රහතන් වහන්සේ පෙන්නුවා ඕක තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය කියන එකේ යම්කිසි ආකාරයකට අර්ථ දක්වා ඇති නම් අපි ඒක පවත්වනවා. එහෙම නම් අජ්ඣත්තාය කියලා කියන්නේ, යම්කිසි පුද්ගලයෙක් තමා යැයි අර්ථ දක්වන විදිහ. තමන්ගේ මොන ආකාරයකට මේ වේදනාවන් සකස් වෙනවද, මොන path එකේ ගිහිල්ල ද තමන් ඒකට අජ්ඣත්තාය, සක්කාය වෙනවා.
මට වේදනාව මේ පැත්තෙන් මෙහෙම ඇතුල් වුණා, පරාමාසකායගන්ථයට මෙහෙම ඇතුල් වුණා, මේක ඇති වුණේ මම අඹ කාලා, මේක ඇති වුණේ මේ වගේ ස්පර්ශයන්ගෙන්, මෙන්න මේ path එකේ ගියා ම මට මේ ගස්වලින් මේ විදිහට සුවඳවල් දැනෙනවා, ඒ අනුව තමයි මගේ අජ්ඣත්තාය, කියන එක මට ඇති වෙලා තියෙන්නේ. ඒ මගේ සක්කාය. සක්කාය කියලා කියන්නේ own body එක නේ. එතකොට අජ්ඣත්තාය, කියලා කියන්නේ ඒක.
ඉතින් ඒ භාවනාවේ තියෙන්නෙ ඔය හරියට එන විට සිත නතර වෙනවා හරි අමාරුයි හිතන්න. ඊට පස්සේ දැන් ආපහු මම මේක සම්බන්ධ කළා ඊයේ භාවනාවට. 4.4 නේ අපි කිව්වෙ කාම ආශ්‍රව කියන එක. 4.4 ඒවා කීයක් තියෙනවා ද? කාම ආශ්‍රවයට 4.4, දැන් මෙන්න මේ අර්ථ දැක්වීම මෙතැන තියෙනවා. ආයෙත් තියෙනවා 4.4, වේදනාව නිසා අපි ජාතිය ඇති වෙන එක 4.4. ඊළඟට ආයෙත් අපි දන්නවා 4.4, අපි සෝකයට දානවා. එතකොට බලන්න ඒකෙ පෙන්නුවෙ, සෝකයට දැම්මා කිව්වේ, අර සඤ්ඤාවෙන් සංචේතනා වෙලා, මතක ද ඒක?
ඊට පස්සේ අපි A කියලා දැම්මා ඕකට. ඒ විදිහට ගිහිල්ලා අන්තිමට අපි එනවා යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛයේ ඉඳන්, ඊට පස්සේ පරිදේවයේ සිට සෝකයට ආවා, ඒක අපි D කියලා කිව්වා, ඊට පස්සේ E කියලා කිව්වේ රූපයේ ඉඳන් සඤ්ඤාවට යන එක.
එතකොට මෙන්න මේ විදිහට බැලුවම ඔයගොල්ලන්ට පේනවා, අපි ඊයේ පෙරේදා භාවනාවත් එක්ක මේක connect කරලා බැලුවහම, අර රූපය මළාට පස්සේ අරක කරකවන්නේ කවුද? දැන් මේක මළා. මේක මළාට පස්සෙ මම කිව්වේ අර peak වේදනාව මගින්, දැන් 6.4 වුණා. එතැනදිත් මේක මැරිලා ඉවර වෙලා අපි දැන් එන එක නේ තියෙන්නේ. නේ ද? අර දෙකේදි මැරෙනවා, 6.4 දි අපි ආපහු උපද්දවන්න කියලා එනවා. මේක මේ කරකවන්නේ තමන්ගේ තිබෙන්නා වූ, අර සුඛයි කියලා වේදනාවක් ඇති වුණා අර අජ්ඣත්තාය කියන කතාවයි, අර තමන් define කරගත්තා නේ තමාගේ path එක. මේ විදිහට ගිහිල්ලා තමයි මගේ මේ සක්කාය.
මෙන්න මේ දෙක උඩ තමයි තමන්ගේ පැවැත්ම කියන එක තියෙන්නේ. ඉතින් ඕක ම නේ රහතන් වහන්සේ කලින් පෙන්නුවෙ. මේකට හානි වෙන්නෙ නැතිව, අහංකාරයට, මමංකාරයට හානි වෙන්නේ නැතිව අපි කොහොම හරි මේක පවත්වනවා කියන එක.
ඉතින් මේක හරි පුදුමයි, ඉතින් හැම අවස්ථාවේ දී ම සිත නතර වෙනවා. ඔය විදිහට අපි බලාගෙන ගියා ම. ඒ භාවනාව කරන්න හරි අමාරුයි. මොකද, ඔය කලින් පාරත් මගේ ඒ විදිහට ඒ තත්වයට පත් වුණා. අර කාම ආශ්‍රවය කියන එක නැති වෙන අවස්ථාව වෙනකන් ම එතන ඒ භාවනාවේ දී එනවා. ඒ මොහොතේ දී නැහැ. එතකොට අන්න ඒ තත්වෙට ආවහම මේක නතර වෙලා තියෙන්නෙ. ඒක කරකවන්නේ pedal කරන්නෙ නැහැ නේ. එතකොට අර ආපහු පරිස්සමින් මහන්සි වෙලා ගන්න ඕනි. ආපහු සිතනවා කියන එක. හරි විසාලයි. ඊයේ වගේ ම ඔක්කොම ඒ නිකට දක්වා ඇති වෙන ඒවා මේ ඔක්කොම ඇති වෙලා තිබුණා, බොහෝ වේලාවක්. ඒක තමයි මං කරපු භාවනාව.
මේ භාවනාවේ දී තේරිච්ච දේ තමයි ඒ කැරකෙනවා කියන එකට අපිට තියන කැමැත්ත. ඒක තේරුම් ගන්න අපි අර බැලුවේ, කාමච්ඡන්දයයි සංස්කාරයයි කියන එක දෙපැත්තෙන් කැරකීම කියන එක තියෙනවා. දුස්සීලභාවය. ඉතින් එතනින් අපි ඉගෙන ගත්ත නේ, ඉද්ධිපාද diagram එකේ අනිත් පැත්තට හැදෙනවා කියලා අත්තවාද උපාදානයේ සිට අත්තභාව පටිලාභය දක්වා.