Date: 28/01/2015 Name: Madhupindika bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ, ලෝකයට සුව සෙත පිණිස වැඩ වාසය කරන පළමු වන ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අර මම pedal එක බැලුවා. ඊයේ pedal එකක් ගැන කතා කළා නේ. ඒකේ උඩ කෙළවරේ තියෙන්නේ කාමච්ඡන්දය, යට කෙළවරේ තියෙන්නේ අර කාම සඤ්ඤාව. ඒ කියන්නේ දුස්සීලභාවය නිසා ඇති වුණා වූ සංස්කාරය මගින්, විඤ්ඤාණය පැවැත්වීමට ඇති කැමැත්ත. ඔය දෙක උඩ තමයි මේක දුවන්නේ. එතකොට මේකේ මම කල්පනා කළා, මේ දෙකේ මොකක් පෙර ද, මොකක් පසුව ද කියලා. එතකොට මට පේනවා, දෙපැත්තට ම යනවා. මේ සංස්කාර නිසයි කාමච්ඡන්ද කතාව ඇති වෙන්නේ, ඒ කාමච්ඡන්දය නිසා තමයි මේ පැත්තට ආපහු එන්නේ. එතකොට ඊට පස්සේ මට තේරුණා මේ දෙක ම සිද්ධ වෙන්නේ, අර ඊයේ භාවනාව මගින් වටහා ගත්ත ධර්මය කියලා මට තේරුණා. ඊයේ භාවනාව මගින් පෙන්නුවා නේ මේ තණ්හාවයි, සක්කාය දිට්ඨියයි කියන එක උඩ තමයි මේක තියෙන්නේ.

එතකොට සක්කාය දිට්ඨිය කියන එක බැලුවහම අපිට පේනවා, ඉස්සෙල්ලා ම මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨිය කිව්වහම, දුක්ඛය නොදන්නා බව. මේක නිසා අපි කරකැවීම. එතකොට කරකැවීම නිසා අපිට තණ්හාව. අන්න ඒකෙන් තණ්හාව වෙලා සක්කාය දිට්ඨිය. එතකොට ඒ කෑලි දෙකත් එක්කයි එතන සක්කාය කියන එක ඇති වුණේ.

දැන් අපි කාමච්ඡන්දය වෙනවා නම්, ඒ කියන්නේ සුභයි කියලා ගත්තොත් විතර නේ කාමච්ඡන්ද කතාවන් ඇති වෙන්නේ. ඒකට අනතුරුවයි මේක සිදු වෙන්නේ. එහෙනම් සුභ යැයි අර්ථ දැක් වූ සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ මම මේ පාරේ යනවා, මේකේ ගියහම මට හොඳයි, මේකේ සුවඳ තිබෙනවා, මේ රස තිබෙනවා ආදී වශයෙන් කියනවා. අන්න ඒක ම හේතුව වුණා, ඒක ම ප්‍රත්‍ය වුණා. මේක මගින් තමයි අපේ සංස්කාරයන් කියන ඒවා ඇති වුණේ.

එතකොට දැන් මේ අවිද්‍යා පච්චයෙන් සංස්කාර. දැන් මට පේනවා මේක තමයි චතුරාර්ය සත්‍ය නොදැනීම. දුක්ඛය දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. අර මේක වටහා ගැනීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම කියලා කියන්නේ. මෙතන අපිට පේනවා තණ්හාව නිසා තමයි මේක ඇති වෙන්නේ කියන එක. මේක දුකයි, මේ මුළු එක ම පේනවා, පේනවා ද? අර ඊයේ භාවනාවත් එක්ක මේක හරි ලස්සනට පේනවා. එතකොට මේකෙන් මාව නිරෝධ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා, නිරෝධ වෙනවා, මට පේනවා. දැන් ඊළඟට සඤ්ඤාව ඔක්කොම එන්නේ කෑලි. ඒ රූපයත්, ඒක මොකට ද, මොකක් ද ඒ රූපය, මේ කෑල්ල මේ ඔක්කොම කෑලි කෑලි. මේවා වෙන්නේ. ඉතින් මේවයේ අර්ථයක් නැහැ. ඒ පාර මම කල්පනා කළා, අපි මේකට අර්ථයක් දෙන්න උත්සාහ කරවීම මගින් තමයි මේක නැවතත් කරකැවීම කියන එක සිද්ධ වෙන්නේ. අපි දැන් මෙයා කවුද, මේ මොකක් ද ආදී වශයෙන් අපි සිතනවා, මට අන්න ඒ වෙලාවේ තේරුණේ, මේ ඔක්කොම පපඤ්ච සඞ්‌ඛා.

අන්න ඒ වෙලාවේ මට ආවා මධුපිණ්ඩික සූත්‍රය. එතකොට රහතන් වහන්සේ කිව්වා ඔබ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ දී.

ඉතින් ඒ සඤ්ඤා කොටස්වලට අර්ථයක් නොදෙනවා නම් අපිට මේ අනුසය ධර්මයෝ කියන එක පවතින්නේ නැහැ. ඒකේ පරියුට්ඨානය, obsession කියන එක වෙන්නේ නැහැ. ඒක තමයි මේ මධුපිණ්ඩික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක තේරෙනවා. මොකක් ද මේ කිව්වේ කියන එක. ඒක තමයි කරපු භාවනාව. මේ භාවනාවේ නමත් මධුපිණ්ඩික භාවනාව.