Date: 29/01/2015 Name: Maana bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයට සිත සුව පිණිස වැඩ වාසය කරන පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම සිහි කරලා මම වැඳ නමස්කාර කරා.

ලෝභය නැති කරමි කියලා කිව්වම අපි දන්නවා අර කාමච්ඡන්දය, ඒ කියන්නේ ජරා වන දේකට තමයි අපි මේ කැමති වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ වගේ රූපයක් අල්ලගෙන කරකවලා මලකඩ කාපු යකඩ ඇණයක් වගේ එකක් අල්ලලා කරකවලා ඒකෙන් අපි මානයක් ඇති කරගන්නවා. පවතින්නෙ නෑ ඒක. ඊට පස්සේ අපිට පේනවා අනිත් කෙළවර සංස්කාර කෙළවර. මේක නිසා ඇති වෙලා තියෙන අර සංස්කාර කෙළවර. එතනත් අපි ඒ කරකවලා අපි පවතිනවා කියලා හිතලා මානයක් ඇති කරගන්නවා. දැන් එතකොට අපි ඉගෙන ගත්තා මේ රූපය කියන එක දන්නෙ නැතිකම. ඊළඟට දුකයි කියලා දන්නේ නැතිකම. ඒ වගේ ම මේ සංස්කාරයෙන් අපේ විඤ්ඤාණයක් කියන එක සකස් වෙනවා. කාම සඤ්ඤා, රූපයයි කාම සඤ්ඤාවයි කියන දෙක තමයි ගත්තේ. එතකොට කාම සඤ්ඤාව කිව්වම මේ සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීම.

එතකොට මේක මේ මලකඩ කාපු එක නිසා මේ කිසිම ආකාරයකින්, ඒ රූපයවත්, ඒක නිසා ඇති වන වේදනාවත්, සඤ්ඤාවත්, සංස්කාරයවත් කිසිවත් පවතින්නෙ නෑ. නමුත් ඒ එකින් එකට අපි මාන වෙනවා, පුදුමාකාර විදිහකට අහංකාර වෙනවා කියන එක තියෙනවා. දැන් ඉතින් අර මුල කෙළවර දෙක ගත්තා. පළවෙනි එකෙන් මට තියෙන්නේ අර අභිජ්ඣා වෙනවා කිව්වම රහතන් වහන්සේ කිව්වා මිච්ඡා දිට්ඨිය නිසා. මිච්ඡාදිට්ඨික සඤ්ඤාවක් නිසා විඤ්ඤාණය පැවතීම අභිජ්ඣා. එතකොට ඕක පවතින්නෙ නෑ නේ.

අපි ඊයේ පෙරේදා භාවනාවෙන් ඉගෙන ගත්තේ මේක කරකවලා තණ්හාවයි මේකෙ අර සක්කාය දිට්ඨිය නිසා කරකැවීමෙන් පවත්වාගෙන ඉඳීමක් විතරයි තියෙන්නෙ. නමුත් මේක පවතින්නේ නෑ. එන්න එන්න දිරනවා. එතකොට සංස්කාර කෙළවරේ දී කිව්වා මේ සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත කියලා කාම සඤ්ඤාව, ඒකත් පවතින්නේ නැහැ. නමුත් අපි මාන වෙනවා කියන එක. මානයේ කිසිම තේරුමක් නැහැ, නමුත් මේක පවතින්නෙ නැති විඤ්ඤාණයක් කියන එක, ඒක හොඳට ආවා.

එතකොට මේ විදිහට පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියන එක. ඉතින් එතන දී මේ මානය අයින් වෙන්න ඕනේ කියන එක කල්පනා කරා. මේක පවත්වන්න බැරි නම් අර bell shaped curve එක අර A, B කියලා ඒකවත් පවත්වන්න බැහැ. ඉතින් පවත්වන්න බැරි නම් මේකෙන් අයින් වෙන්න ඕනෙ කියලා, මෙතැන දී කල්පනා වෙනවා, මේක පවතිනවා කිව්වමයි අපේ මේ නිත්‍ය කතාව තියෙන්නේ. එහෙම නම් නිත්‍ය කතාව කියන එක අයින් වෙනවා නම්, මේ මානයත් කියන එකත් නැති වෙනවා. නිත්‍ය කතාව, කැරකැවීමෙන් තමයි අපි මේක හදාගෙන තියෙන්නේ. අර කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා. මේක අයින් වුණහම මේක සම්පූර්ණයෙන් නැති වෙනවා කියන එක. ඉතින් ඕක තමයි කරපු භාවනාව. මේ භාවනාවේ නම මානය.