ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ මේ ලෝකයට සෙත සුව පිණිස වැඩ වාසය කරනවා කියලා. ඒ විදිහට අනිත් බුදු පියවරුත් ඒ සෙත සුව පිණිස වැඩ වාසය කරනවා කියලා දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 11 වෙනිදා අර අසංඛ්‍යය සත්ත භාවනාව, ඒකේ තියෙනවා ඒ පෙර කර්ම, පෙර තණ්හාව නිසා වෙන්නා වූ දෙයක් හැටියට දැනගෙන, නැවත සෑදීමක් නොකරනවා කියලා, ප්‍රඥාවන්තයා. ඒ කියන්නේ ඒකෙ පෙන්නුවේ මේ ස්පර්ශයයි, නාමරූපයයි. ඒ කෙළවරවල් දෙක බැලුවා. ඒ ස්පර්ශයත් නාමරූපයත් දෙක ම දුකයි කියලා දැනගෙන ඒ අසංඛ්‍යය සත්වයෙක් නම් ඒ නිවන පිණිස මනස යොමු කරන්නේ නැතුව, විඤ්ඤාණයෙන් යමක් දැනගැනීමට ඇති කැමැත්තක් නැතිකම නිසා එයා ජීවත් වෙනවා කියන එක, හරියට දර කොටයක් වාගෙ. ඒකෙන් පෙන්නනවා ප්‍රඥාවන්තයෙක් නම් ස්පර්ශය නිසා නාමරූප හටගැනීම, නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො කියලා ඒ විදිහට දැනගෙන, ඒ පෙර කර්ම පෙර තණ්හාව වශයෙන් දැනගෙන, ඒ කියන්නේ පෙර කර්ම කියලා කිව්වහම අර ස්පර්ශය නිසා, ස්පර්ශ, චේතනා ඊළඟට නාමරූප කොටුව. පෙර තණ්හාව කිව්වහම ස්පර්ශ වේදනා නාමරූප කියන කොටස. මේක මේ විදිහට දැනගෙන, මේ සෑදීමක් කරන්න නැති කියන එකයි ඒකෙ තියෙන්නේ. එතකොට මෙන්න මේ භාවනාව තමයි මම කරේ.
එතකොට ඒක කරන්න ගත්තම ඒ මොකකටවත් කිසිම ආකාරයකින් අර කලින් කර පෙන්නුවා නේ අර පපඤ්ච සඤ්ඤා සඞ්‌ඛා කියලා. අන්න ඒ කොටස් නිසා, දැන් නිරෝධයට වාගේ යාගෙන එනවා. එහෙම අවස්ථාවේ දී යමක් දැක්ක ද ඒකට තමන් හදන්න යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එතකොට මෙතන අපිට පේනවා අපි රූපයක් දැක්කහම, දැන් ඔය කතාව විඤ්ඤාණ ධාරාව ගැලුවා නම් තමයි අපිට ඔය විදිහට මේ flow එකක් තියෙනවා නම් විතරයි අපිට ඔය විදිහට ඇති වෙන්නේ. ඔය භයභෙරව slide 4 එකේ තියෙන අර්ථය නේ කතා කරන්නේ.
එතකොට මෙතන flow එකක් එන්න නම් ඒ රූපයට අපි මගේ කියලා ගැනීමක් කරන්න ඕනේ. එහෙම කරන්නේ මේ සංස්කාරයන් මගේ කියලා ගත්ත නිසා. එතකොට මෙන්න මේ කෙළවරවල් දෙක තමයි මේ සංස්කාරයන් මගේ කියලා ගත්තේ චේතනාවන් ඇති වෙලා, ඒ කියන්නේ දිට්ඨීන්. දිට්ඨිය විසින් යමක් අනුමත කළා ද අන්න ඒක නිසා අපිට ඔය සංස්කාරයන් වෙලා, ඒ සංස්කාරයන් අපිව නැවතත් අපිව හපා කන්න එනවා වගේ අර රූපයන් ගන්නෙයි කියන එක එයා කියනවා.
අනිත් අතට මේක මේ විදිහට කරකැවීම නිසා ඒ කියන්නේ අර ඉද්ධිපාද diagram එකේ අර කාමච්ඡන්දයයි, දුස්සීලභාවයයි. ඊට පසේ මේක අනිත් පැත්තට හැරෙනවා. අත්තවාද උපාදාන අත්තභාව පටිලාභ, ඔය විදිහට ඒක කැරකීම. මේ කැරකීම හේතු කොටගෙන මේ තණ්හාවක් ඇති වෙලා තියෙනවා. දැන් අර තණ්හාව විසින් ඒ පාර ඊළඟට දුවවනවා. එතකොට මේ තණ්හාවයි, දෘෂ්ඨියයි තමයි මේ විදිහට මේ දේ කරන්නේ කියන එක තමයි ඒ භාවනාවේ දී බැලුවේ.
ඒක තමයි භාවනාව.