Date: 01/02/2015 Name: Dukka Nirodha bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරනවා ද එතන සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.

එතකොට මම කල්පනා කළා. මේ සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා කියන්නේ මේ මිච්ඡා දිට්ඨිය නැතිකමයි කියන එක. මිච්ඡා දිට්ඨිය නැතිකමයි කියලා කිව්වහම මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මොකක් ද? දුක්ඛය නොදන්නා බව. දුක්ඛ සමුදය දන්නේ නෑ. දුක්ඛ නිරෝධය දන්නේ නෑ. නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එක නොදන්නා බව. ඒක තමයි මිච්ඡා දිට්ඨිය කියන එක.

එහෙම නම් දැන් මේ මිච්ඡා දිට්ඨිය කියන එක හටගැනීම කියන එක තණ්හාව නිසා තමයි මේක ඇති වන්නේ. තණ්හාව නිසා ඇති වෙනවා නම් තණ්හාවෙන් අපි දන්නවා උපාදානය වෙනවා. උපාදානයෙන් භවය. භවය කියලා කිව්වහම එතන අපි කල්පනා කරන්න ඕනේ අර භව ආශ්‍රවයේ ලක්ෂණයත් එක්ක අර අත්තා කියලා ගැනීම. අන්න එතන අවස්ථාවේ දී, තමා නොවන්නේ තමා. කියන කතාව ආවා. අන්න එතෙන්දි අපිට පේනවා එතෙන්දි සක්කාය දිට්ඨිය කියන එක කෙනෙකුට ඇති වෙනවා කියලා.

එතකොට සක්කාය දිට්ඨිය කියන එක එතන ඇති වුණා නම්, ඒ සක්කාය දිට්ඨිය කාගේ හරි නැති වුණොත් එහෙම මම කල්පනා කළා මේ වැඩේ ඉවරයක් වෙනවද? සක්කාය දිට්ඨිය නැති වුණාට මේක ඉවරයක් වන්නේ නෑ. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නුවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියලා මේ තුන් ධර්මයෝ ම තියෙන්න ඕනෙ.

එතකොට එතන දී මට එනවා එහෙම නම් අර කැරකෙන රෝදයේ කතාවත් එක්ක සම්බන්ධ වෙනවා. විචිකිච්ඡාව කිව්වහම පල්ලෙහායින් අර සංස්කාර නිසා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නා වූ දේට support කරනවා. අර h1, h2 එකත් එක්ක එතන සම්බන්ධතාවය පේනවා. ඊළඟට ඒ පරාමාසය, පෙර පරාමාස වූ ධර්මයෝ අර සුඛය පරාමාස වුණා කියලා තණ්හාවෙන් වෙන්නා වූ දේ එතන ඒක නැති වෙන්න ඕනේ.

එතකොට උඩින් කියන තමාගේ අර චේතනාව තියන කෙළවරින් අපිට එනවා නේ අත්තා කියලා අරගෙන තියෙනවා නේ. ඉතින් එතනින් අපි අත්තා කියලා ගත්ත නම් අපි අර අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන එක ඒක නැති වෙන්න ඕනේ.

එතකොට මෙන්න මේක බැලුවහම දැන් අන්න අර හතරේ ඉලක්කම කියන එක මතු වෙනවා. දෙවැනි හතරේ ඉලක්කම. උඩ චේතනාව, මැද්දේ පරාමාසය, පල්ලෙහා භය අගතිය, දකුණු අත පැත්තට ඉදංසච්චය, වම් අත පැත්තට වේදනාව. Diamond එකේ ඒ කෙළවරවල් හතර. හතර දෙකට බෙදෙන එක. එතකොට මෙතන මේ හතරේ ඉලක්කම නැති කරගන්න අපි දැනගන්න ඕනේ ඉද්ධිපාදයන් හතර වඩන්න ඕන කියන එක.

ඉතින් ඒ ඉද්ධිපාදයන් වඩනවා කිව්වහම මුලින් අපි අර විරිය කියන එක අපි භාවිතා කරනවා. ඔය සංස්කාරයන් මගේ කියලා ගන්නේ නැති වෙන්න, ඉදංසච්චයට ගිහිල්ලා තියෙන්න වූ ඒ දේවල් එන්නේ නැති වෙන්න.

මේක නිසා අපිට ඡන්දය කියන එක එනවා. ඒ කියන්නේ අර වේදනාව. රූපය ස්පර්ශ වෙලා ඇති වන වේදනාව. එතකොට ඒ පැත්තෙන් නොවෙන්න, අපි ස්පර්ශයෙන් ඇති වෙන්නා වූ වේදනාව නොවෙන්න ඒ ඡන්දයන් කියන ඒවා අපි භාවිතා වෙන්න ඕනේ.

ඊළඟට මේකෙන් අපි චිත්තයට එනවා. චිත්ත ඉද්ධිපාද කියන එකට. ඒ චිත්ත ඉද්ධිපාදය රහතන් වහන්සේ පෙන්නුවේ සෝක, පරිදේව කියන එක ඉක්මවන්නයි අපි එක භාවිතා කරන්නේ. ඉතින් අර A, B, C, D වෙලා පරිදේවයේ ඉඳන් සෝකයට වෙලා ආපහු රූපය ස්පර්ශ කරන්න අපි යන්නා වූ E එක එහෙම, ඒක නිසා නොවන අර්ථය කියන එක තමන්ට පේනවා.

දැන් ඊළඟට විමංසාවට යනවා අපි, අර උඩ ඒ චේතනාවෙ තිබෙන්නා වූ දේ, ඒක නොවන්න විමංසා වෙන්. මේක උණොතින් තමන් තේරුම් ගන්නවා අර තමන්ට සිද්ධ වන්නේ අර ඒ අත්තා කියලා අරගෙන එතන ඉඳන් අපි යනවා කියන එකයි අවිද්‍යා ආශ්‍රවයට. ඉතින් මෙන්න මේ අර්ථයන් භාවිතා වෙනවා.

ඉතින් මෙතෙන්දි ඊට ඉස්සෙල්ලා කරපු අර ඉද්ධිපාද හතර ම වඩන්නා වූ ඒ diagram එක මට මතක් උණා. මෙතෙන්දි කල්පනා වුණා ඡන්දයෙන් චිත්තය. චිත්තයට වම් අත පැත්තෙන් එනවා දෙකක්. ඒ විමංසාවයි ඊළඟට විරියයි. එතකොට විමංසාවෙන් විරිය. දැන් අපිට ලස්සනට පේනවා අර විමංසාවට ආවයින් පස්සේ අර අත්තා කියලා අරගෙන අවිද්‍යා ආශ්‍රවයට යන්නා වූ කියන කතාව තියෙනවා නේ, එතකොට ඒක නොවෙන්න ඕනේ. ඒක නොවෙන්න වුණහම තමයි ඒ විමංසාවෙන් තමයි අන්න සංස්කාරයන්, ඒකෙන් හැදෙන සංස්කාරයන් මගේ කියලා නොගන්නා වූ ස්වභාවය එතන තියෙන්නේ support කරන්නේ. එතකොට එතැන එහෙම නම් විමංසාව.

ඊළඟට එනවා විරිය. විරියෙන් අපි දැන් එනවා ඡන්දයට. දැන් ඔය දෙවෙනි පාරට මේක ආපහු සිද්ධ වෙනවා කියන එක එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඉද්ධිපාද හතර ම මේ විදිහට භාවිතා කරන්න ඕනේ කියන එක. ඉතින් හුඟක් වෙලාවට ඔය වේදනාව තියෙන කෙළවරේ තමයි මම ඒ නතර වෙලා හිටියේ. ඒ ඡන්ද සමාධිය ඒක සහගතව. දැන් ඒ අවස්ථාව වෙනකොට තමන්ට ඕන ම එකක් එක්ක නොසිතා ඉන්න. ඒ වගේ සිත නවත්වාගෙන ඉන්න පුළුවන් තරම් හැකියාවක් තමන්ට තියෙනවා. අන්න ඒක තමයි මේවා කළේ.

ඔය මේක ඉවර උණාට පස්සේ. රහතන් වහන්සේ “ඇති” කිව්වම මම නැවැත්තුවා. ඊට පස්සේ ඒ විශ්වාජිත් බුදුපියා පැවසුවා “මේ විදිහට ඉන්නව නම් මාස ගණනක් ගත වෙන්නේ නැතෙයි. සති ගණනක් ගත වෙන්නේ නැතෙයි. පැය ගණන් ගත වෙන්නේ නැතෙයි. මිනිත්තු හතළිස් පහක් ඉන්නවා නම් ඇතියි” කියලා කිව්වා.