ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියා යම් තැනක වැඩ වාසය කරනවා ද එතැනදි සම්මා දිට්ඨිය පවතිනවා යැයි මිච්ඡා දිට්ඨිය නැති වෙනවා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරනවා ද එතන සම්මා දිට්ඨිය ඇති වෙනවා මිච්ඡා දිට්ඨිය නැති වෙනවා. ධම්මාධිපති බුදුපියාණන් වැඩ වාසය කරනවා ද එතන සම්මා දිට්ඨිය පවතිනවා මිච්ඡා දිට්ඨිය නැති වෙනවා. ඔය විදිහට දාහතර නම ම මම සිහි කළා.
එතකොට, මේක සිහි කරලා රහතන් වහන්සේ මට මුලින් ම කිව්වා ඒ බලන්න කියලා අර “අත්තුක්කංසකො, පරවම්භී” කියන එක. ඉතින් ඒ පාර මම ඒක සම්බන්ධ කරන්න උත්සාහ කළා අපේ ඊයේ භාවනාවට. ඊයේ භාවනාවේ දී අපි තේරුම් ගත්තා නේ, අර මිච්ඡා දිට්ඨිය. තණ්හාව නිසා මිච්ඡා දිට්ඨිය ඇති වෙලා ඒකෙන් සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙනවා කියන එක. ඊට පස්සේ තමයි අර මේ ඉද්ධිපාදයන් භාවිතා කළේ.
එතකොට දැන් මෙතන ඒ පිටුවේ ඊළඟට, ඊට ඉස්සෙල්ලා තියෙන්නේ අර කඞ්ඛී, විචිකිච්ඡති කියන එක නේ. ඒ කියන්නේ විචිකිච්ඡාව කියන එක ඔය කියන්නේ මේ අපි බලලා තියෙනවා මේ භාවනාව භයභෙරව සූත්‍රයේ සඳහා කරපු භාවනාව, සැප්තැම්බර් මාසේ හය වෙනිදා. එතකොට දැන් ඊයේ භාවනාවේ දී අපි බැලුවා නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙච්ච පලියට ම මේ ඔක්කොම නැති වෙන්නේ නෑ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය. එතකොට මෙතන විචිකිච්ඡාවේ කොටසට මම මනස යොමු කළා.
විචිකිච්ඡාව කොටසට මම මනස යොමු කළහම මම ඊයේ බැලුව නේ h1, h2 අනුව තමයි මේක දුවන්නෙ. විචිකිච්ඡාව කිව්වහම රහතන් වහන්සේ පෙන්නලා තියෙනවා විචිකිච්ඡාව අර කුක්කුච්චය හරහා විචිකිච්ඡාවක් ඇති වෙලා තියෙනවා. පරාමාස හරහා ඇති වෙලා තියෙනවා. එතකොට මේක අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වශයෙන් එන්න ඕනේ කියලා. එතකොට ඒකත් එක්ක ම මට කල්පනා වුණා, මේක මේ ආශ්‍රව හතර කිව්වම හරියට අර අපි හිතමු ඔය කොලේ නමනවා කියලා අපි රවුමට. අන්න ඒ විදිහට ගත්තොතින් මට පේනවා දැන් එහෙම නම් අවිද්‍යා ආශ්‍රවය කියන එක පල්ලෙහා අපි හිතමු, පල්ලෙහා ම triangle එකක පල්ලෙහා ම, නැත්නම් චතුරස්‍රයක පල්ලෙහා ම කොටසයි කියලා. එතකොට භව ආශ්‍රවයට කෙළින් ම සම්බන්ධයක් නැති හන්දා. භව ආශ්‍රවය කියන්නේ horizontally මේ වම් කෙළවරේ තියන එක භව ආශ්‍රවය. ඒකෙ උඩ ම කෙළවර තියෙන්නේ කාම ආශ්‍රවය. දැන් මම හතරැහැට යන්නේ මේක. අවිද්‍යා ආශ්‍රවය, භව ආශ්‍රවය, කාම ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවය කියලා අර චතුරස්‍රයක කොන් හතර ලියාගන්නවා.
එතකොට දැන් අපිට පේනවා මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යනවා. දිට්ඨි ආශ්‍රව ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන එක තියෙනවා. දෙපැත්තට ම ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් මෙතන අපි දැන් කල්පනා කරනවා, මේ ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා. ඒ පුද්ගලයා අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට යනවා කියන කාරණාව, මෙයාගේ ඒක සිද්ධ වෙනවා. එයා රූපය ස්පර්ශ කරන්න කාම ආශ්‍රවයට යනවා කියන එක තියෙනව නේ.
එතකොට මේකත් එක්ක කල්පනා කරනවා තමන්ගේ ධර්මයේ අර අපි බලනවා නේ, අත්තුක්කංසකො කියලා. අත්තුක්කංසකො කියලා කිව්වම වේදනාවේ ඉඳන් පරාමාසයට තමයි. එතන එයා කල්පනා කරනවා මේ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදන සංස්කාරයන් නොබිඳී පවතිනවා කියලා. පරවම්භී කිව්වහම ඒකේ ඒ අනිත් අය හදන විඤ්ඤාණය, සඤ්ඤාව භාවිතා කරලා නැවතත් සාදන්න ඕනෑ කියන අර්ථය යනුවෙන්. එයා ඒක මෝහය වෙනවා, මගේ එක එහෙම නෑ කියන අර්ථයෙන්. අනිත් අයව ගරහනවා කියන එක.
එතකොට මෙන්න මේකත් එක්ක අරක සම්බන්ධ කරලා බලනකොට මට පේනවා මේ කතාව ඇතුළෙදි, දැන් තියෙනවා කිව්වේ ඔය අහංකාරය වෙන්න තව පොඩි triangle එකක්. දැන් කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව දැන් උඩ triangle එකට නේ ඇවිල්ලා තියෙන්නෙ, සම්බන්ධ කළහම. එහෙම නම් මෙතන පේනවා මම අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්න, මම, මේ රූපය හින්දා මම වේදනාව කියන කෙළවරටයි ඇවිල්ලා තියෙන්නෙ. මේ රූපය සුඛයි කියන අර්ථයන්ට අපි ඇවිල්ලා තියෙන්නෙ නේ ද. ඒකෙ ඇතුළෙන් තව එකක් පේනවා.
ඊළඟට ඒ වේදනාවේ ඉඳන් පරාමාසය අර hub එකේ කෑල්ල. වේදනා. පරාමාසය අර භය අගතියට යනවා කියන්නේ. මේක hub එක. දිට්ඨි කතාව අයිති වෙන්නේ ඒ භය අගති කතාවට, ඒ පැත්තට. එතකොට දැන් එහෙනම් මෙන්න මේ ආකාරයට මේ තමන්ට පේනවා මේ අර කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. ඔය ඒකෙ දිවීම හේතු කොටගෙන මේ ඇතුළෙන් අර hub එක වගේ මේ ඇති වෙන්නා වූ කොටස ගැන හැඟීම තමන්ට ඇති වෙනවා.
එතකොට මේ විදිහට තමයි අපි මෙතන අපි අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන එක මේ පැත්තේ මේ සැකයෙන් ඉන්නා වූ එක අවිද්‍යා ආශ්‍රවයෙන් එන්නා වූ ඒ කතාව තියෙනවා. ඊට පස්සේ අපි පරාමාසය පැත්තට යනවා කියන්නේ අර අත්තා කියන එක හැදීම කියන එක තියෙනවා. ඇයි මෙයා කියනවා නේ මේ මගේ එක හොඳ ම එක කියන අර්ථයෙන් ගිහිල්ලා එයා විඤ්ඤාණයට මේ යන්නේ.
එතකොට මේ ඔන්න ඕක බැලුවට පස්සේ ඒ මනස පුදුමාකාර ඉහළ වූ සමාධියන්ට අර කූඤ්ඤයට එනකල් තමන්ට දැනෙනවා. ඉහළ ම ආකාර වූ ඒ සමාධිගත ස්වභාවයකින් මේ තමන්ගේ මනස පවතිනවා. ඒ කියලා ඒකෙන් නිරෝධයට යනවා කියන එක එහෙම බව බොහොම හොඳට පේනවා. ඒකෙන් තමයි ගොඩක් මම හිටියේ. ඒක තමයි මං කරපු භාවනාව.
දැන් බලාගෙන ගියා ම දැන් ඇතුළේ triangle එක ආවා නම් ඉතින් පේනවා අතන වේදනාවට ආවා ම ඉතින් අපි දැන් අන්න diamond එක එනවා. වේදනාවෙන් අපි යනවා චේතනාවට. අන්න එතනට ගියාට පස්සේ ඔන්න ආපහු ඒ සක්කාය දිට්ඨිය කියන එකට සම්බන්ධ වෙනවා. මොකද දැන් අත්තා කියලා තමන්ට එතනින් ආවා. අත්තා කියලා ආවා ම ඔයා ආපහු එනවා අවිද්‍යා ආශ්‍රවයට. ඇයි 1-3 මෝහය කියලා කියන්නේ, අවිද්‍යා ආශ්‍රවය නේ.
එතකොට ඒ අවිද්‍යා ආශ්‍රවයට ආවට පස්සෙ දැන් එහෙනම් ආපහු පල්ලෙහා පැත්තෙන් මේක උඩට යවනවා. දැන් එතකොට සක්කාය දිට්ඨිය. මේ පැත්තෙන් මේ විචිකිච්ඡාව. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව. මැද්දේ අර එකතු වෙවී, එකතු වෙවී අර කෑල්ල, අර පරාමාසය කියන එකට එකතු වෙවී එකතු වෙවී එතන තියෙනවා ඒ සීලබ්බත පරාමාසය.