ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරනවා නම් ඒ ප්‍රදේශයේ සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා ඒ සම්මා දිට්ඨිය පැතිරෙනවා කියන එක කල්පනා කළා.
ඊට පස්සේ ඒ භාවනාවට පෙර ම රහතන් වහන්සේ මට පෙන්නුවා ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්න තියෙන භාවනාවක් තියෙනවා. ඒ භාවනාව කරලා තියෙන්නේ ජූලි මාසේ 8 වෙනිදා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ඥාන කියන භාවනාව. ඉතින් ඒ භාවනාවේ තියෙන්නෙ මේ වේදනාවෙන් චේතනා වෙලා එතනින් අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව. දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය. එතනින් සඤ්ඤාව අල්ලාගෙන යනවා කියන එක. ඔය ධර්මය අභිනන්දනය කරන්නේ මොන වටයෙන් ද කියන එක තමයි මේ බැලුවේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ මන වඩන ධර්මයන් ඇත. ඒ අභිනන්දනය කරනවා නම් අජ්ඣොසාය තිට්ඨති නම් පරිහානිය බව. ඒ කුසල ධර්මයෙන් පිරිහෙන බව කියලා තියෙනවා. ඉතින් ඒ භාවනාවෙදිම මම රහතන් වහන්සේගෙන් ඉගෙන ගත්තා ඒ ධර්මය අභිනන්දනය කරන්නේ ඒ අට වෙනි රවුමෙන් පස්සේයි කියන එකයි. කියලා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කතාව තේරුම් ගත්තා.
එතකොට දැන් මේක බලලා මම කෙළින් ම ගත්තේ ඊයේ භාවනාවත් එක්ක මේකේ සම්බන්ධතාවය මට ආවේ. සරලව ම එනවා නම් මට එනවා මුලින් ම අපිට හිතෙනවා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා හරි ජීවත් වෙන්න. ඒක එක ක්‍රමයක්. තවත් මනුස්සයෙක් අල්ලනවා මම මේ රූපය අල්ලගෙන මම ජීවත් වෙනවා. දැන් මනුස්සයෙක් මොකක් හරි එකක් කරගෙන ජීවත් වීම නේ තියෙන්නෙ. රස්සාවක් කරගෙන ජීවත් වීම හරි රස්සාවක් නැතිව ඉන්න මනුස්සයෙක් වෙන ක්‍රමයකින් හරි තමන්ගේ ජීවිතය පවත්වාගෙන ඉන්නවා කියන එක තියෙනවා.
එතකොට මට එකපාරට ම පුදුමාකාර විදිහට වැටහුණා මෙන්න මේ පවත්වාගෙන ඉන්නවා කියන එක ම තමයි මිච්ඡා දිට්ඨිය. ඒක මේ කලින් වැටහිච්ච ආකාරයට නෙමෙයි. ඒ කියන්නේ මේ මනුස්සයෙකුට ඉන්න ඕනේ කියලා හැඟීමක් තියෙනවා නේ. අන්න එහෙම ඉන්න ඕනේ කියලා හැඟීමක්. දැන් රහතන් වහන්සේ පෙන්නුවා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්වීමක් තියෙනවා ද ඒක අභිජ්ඣාව වෙනවා කියලා. ආපහු පෙන්නුවා මේ කාම සඤ්ඤා කියනකොට සංස්කාරය නිසා විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා ද ඒකට ඇති කැමැත්ත, මේක මේ කාම සඤ්ඤාව කියලා.
එතකොට එහෙම නම් මෙතෙන්දි මේ අපි කල්පනා කරන්නේ කොහොම හරි පවත්වන්න ඕනෙ කියන එකයි. භවය. ඉතින් මේක පුදුමාකාර විදිහට තේරුණා. මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම මේක වැටහීම කියන එක තියෙනවා. ඉන්න ඕන. පවතින්න ඕන. මෙන්න මේක තමයි මිච්ඡා දිට්ඨිය.
ඒ පාර මට කල්පනා වෙනවා අර රහතන් වහන්සේලා හත් නමක් ඇවිල්ලා කියපු ගාථාව. එතෙන්දි පෙන්නනවා නේ ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. මේක සඳහා ඇහැ ඕනේ කියලා කියනවා භව ආශ්‍රවය. මෙහෙම ඉන්න එක හොඳයි කියනවා මානය. ඒක නිසා කරනවා සංස්කාර. ඉතින් ඊට පස්සේ අතහරින්නේ නැහැයි කියලා කියනවා නිත්‍යභාවය. මේ විදිහට විඳිනවා දුක කියන එක ආවා.
මේක තේරුම් ගත්තම මට හරි පුදුමාකාර වූ සැනසීමක්. පුදුමාකාර වූ සැනසීමක් දැනුණා. මේක නේ ද මේ අපිට වෙලා තියෙන්නෙ කියලා. දැන් මේක බොහොම සනීපයි. මේ සැනසීම සහගතව මම ඉඳලා මම කල්පනා කළා.
මට එතකොට මේක පෙනුණා දෙපැත්තකින්. ඒ කියන්නේ හරියට ම ඔන්චිල්ලාවක් කබලිංකාර ආහාරයේ ඉඳන් වේදනාව දක්වා එක පැත්තකින් දාලා මෙහෙම එල්ලලා තියෙනවා. එක පැත්තක්, අනිත් පැත්තෙන් මෙතනින් විඤ්ඤාණ ආහාර කෙළවරින් අල්ලලා අර සංස්කාර තියෙන එක තියෙන්නේ, අන්න ඒ හරියෙන් අල්ලලා අපි එල්ලලා තියෙනවා. පරාමාසය දක්වා එන්න පුළුවන් ඒක. ඒක එල්ලලා තියෙනවා. මේ දෙක මැද්දේ පොල්ලක් දාල තියෙනවා. එතකොට අපි මේක පද්ද පද්ද ඉන්නවා.
ඉතින් මනුස්සයෙක් මෙහා පැත්තෙ කෙළවර කපලා දානවා නම්, ඒ කියන්නේ රූපයත් එක්ක අල්ලගෙන ඉන්නේ නැතැයි කියලා එතනින් අයින් කරලා දානවා නම්, රූපය 50%ක් ස්පර්ශ කරමින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා ඉන්නා වූ අනිත් කෙළවරත් අපි කපලා දානවා නම්, මේ ඔන්චිල්ලාව කඩාගෙන බිමට වැටෙනවා. එතකොට මොකක්වත් පැද්දිල්ලක් මොනවක්වත් නැහැයි කියලා.
එතකොට මට මෙතන දී මතක් උණා. “භවාය වා විභවාය වා,” අර භවයටවත් විභවයටවත් මේක නැති කරන්න කියලවත් ඇතිකරන්න කියලාවත් එහෙම එකක් නැති වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක එහෙම ම තිබිලා, මම කල්පනා කළා දැන් මේකේ වේදනාව නිසා තණ්හාව කියන කතාවයි ඇති වෙන්නේ. එහා පැත්තෙන් තියෙන්නේ අර අභිනිවේසය කතාව. එතකොට ඔන්චිල්ලාවේ දෙපැත්ත. ඉතින් එහෙම නම් මේ තණ්හාව කියන එක නැති වෙනවා නම් ඉතින් උපාදානය නැති වෙනවා. උපාදානය නැති වෙනවා නම් ඉතින් භවයක් නෑ. දැන් මෙතනින් හොඳ ලස්සනට පෙනුණේ අර ඊයේ ධර්මයන් එක්ක. දැන් අපි භව ආශ්‍රවය කියන එක හැදෙන හැටි නේ අපිට මේ වෙලාවේ පෙනුණේ. මේ විදිහට ඉන්න ඕනේ කියලා තමන්ට එකක් ඇති වුණා නම් අන්න එතනින් ඒ දිට්ඨියෙන් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නෙ. බොහොම හොඳට ඇති වුණා ඒ භාවනාවේ.
ඒක තමයි කරපු භාවනාව.