Date: 05/02/2015 Name: Upasaantha bhavana - No maana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙදහස් පන්සියයකින් බණ අහලා, ඒ විශාල කාලයක් තිස්සේ ඒ සම්මා දිට්ඨිය සහිතව ජීවත් වෙනවා. සම්මා දිට්ඨිය බුදුපියා නිසා පැතිරෙනවා කියලා. ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙදහස් එකසියයකින් බණ අහල. ඔය විදිහට කාලයයි ඒ වගේ ම ඒ බුදුවරු ගණනයි අනුව බුදුපියවරු දාහතර නම ම සිහි කළා. ඒ මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨියෙන් ඉන්නවා කියලා.

සම්මා දිට්ඨිය ඇති නම් මිච්ඡා දිට්ඨිය කියන එක නැහැ. එහෙම නම් අපිට එනවා තණ්හා, මිච්ඡා දිට්ඨි, අත්තා, භව ආශ්‍රව කියන කතාව නේ තියෙන්නේ. එතකොට භව ආශ්‍රවය නැති නම් ඇස ඕනේ කියලා කියන එක නැති වෙනවා. භව ආශ්‍රවය නොවීමට නම් මානය නොවන්න ඕනෑ. බුදුවරු හත් දෙනා කියපු, ඒ දේ ගත්තා.

භාවනාවට පෙර ම මට කිව්වා උපශාන්ත භාවනාවක් කරලා තියෙනවා 21 දා ජූනි මාසයේ 2014. ඒක බලන්නයි කියලා. ඒකෙ තියෙන්නෙ එක ම ධ්‍යානයකින්වත් ඉන්න බෑ. නිත්‍යව පවත්වන්න බැහැ කියන එකයි. මේක අනාශ්‍රව සඤ්ඤාවත් එක්ක භාවනාවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා ඒ භාවනාවේ දී. ඒකෙදි අපි බලලා තියෙනවා මේ සුභය කියලා ඉදංසච්චයට ඇතුල් වීම. ඒක A කියලා කියන්නකො. B නිත්‍යයි කියලා ගැනීම. මානය නිසයි නිත්‍යයි කියලා ගැනීම. C හැටියට වෙනවා සංස්කාර පරාමාස වීම නිසා සඤ්ඤාව සුඛ වීම. මානය නැත්නම් අර B නිත්‍ය කතාව නෑ. එතකොට මේක නොවන්න නම් මේ සංස්කාර නොවන්න ඕනෑ. මොකද සංස්කාර හැදුවොතින් අපි මාන කතාවක් එනව නේ.

එතකොට ඒ කියන්නේ සිඛී බුද්ධ ගාථාව මට ඒ වෙලාවේ සිහි වුණා. “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරොධනා” කියන එක. මෙය සමඟ ම බොහොම ශාන්තභාවයක් ඒකෙ ඇති වුණා. මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා. කැරකැවීම නැත්නම් ආශ්‍රව අපි බැලුව නේ “න අභිසඤ්චෙතයති, න අභිසඞ්ඛරොති ” කියන එක තියෙනවා.

එතකොට එහෙම නම් අර pyramid එකේ පල්ලෙහා base එක කැරකෙන්නේ නෑ මේකත් එක්ක. මේ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන base එක කැරකෙන්නේ නෑ. ඒක කැරකෙන්නේ නැත්නම් අර වේදනා, පරාමාස භය අගති කියන ඒ කතාව කැරකෙන්නේත් නෑ. ඉතින් එහෙම නම් මේ pyramid එකේ තියෙන්නේ උඩ කෙළවරේ ධාතු කියන එකයි තියෙන්නේ උඩ ම කෙළවරට. එතකොට පහළ base එක කැරකීම නැත්නම් ඇතුළේ කරකැවීම නෑ. උඩ කෙළවර ධාතු යන්න පමණක් පවතිනවා. ආන්න අර, knowledge instance එක, රහතන් වහන්සේගේ තියන. එතකොට මෙතන ධාතු ටික ධාතු මනසිකාරය මගේ නෙවෙයි කියන එක නේ අපි ගන්නෙ. මේවා එකක්වත් මගේ නෙවෙයි කියන අර ධාතු මනසිකාරය අපි භාවිතා කරනවා. අන්න ඒකත් එක්ක මතක නේ අසූචි කියන එක පඨවිය මගේ නෙවෙයි කියලා. එතකොට එහෙම වෙනවා නම් අර සුභ යන කතාවත් නැති වෙලා යනවා. දැන් එහෙම නම් අර සංස්කාර, මාන ඒවා ඔක්කොම නැති වෙලා යනවා කියන එක තියෙනවා. ඉතින් මෙතැන දී “Excellent” කියලත් ඇහුණා. මේ වෙලාවේ නිරෝධයට ගියා. මේ අල්ලපු ගෙදර සද්ද ඔක්කොම තියෙද්දී. ඒ තරම් වේගයකින් මේක සිද්ධ වුණා.

ඒක තමයි කරපු භාවනාව.