Date: 06/02/2015 Name: Sabbanissagga bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරනවා නම් එතන සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා, මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට කලින් ම කිව්වා අර සබ්බනිස්සග්ග භාවනාවක් කරලා තියෙනවා ජනවාරි මාසේ 17 වෙනිදා, මේ අවුරුද්දේ. අන්න ඒක කරන්නයි කියලා. ඉතින් ඒකෙ පෙන්නන්නෙ අපි බලාගෙන යනවා, අර වටවලින්. අපි දන්නවා විඤ්ඤාණය කියන එක මැරෙනවා බොහොම ඉක්මනින්. පළවෙනි වටේ ම මැරෙනවා. ඊට පස්සේ දෙවෙනි වටේ දෙක වෙනකොට අපි නිත්‍ය වශයෙන් ම අපි අරකෙන් අයින් වෙලා ඉන්නවා කියන අර්ථයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි ඒ significant එතන. එතන දී ගත්තම මේ රූපයත් එක්ක නෙවෙයි අනිත් රූපයත් එක්ක ඉන්නේ.

ඔය විදිහට වට වශයෙන් බලාගෙන ගියා. බලාගෙන ගියා ම ඉතින් දැන් පේනවා අර වේදනාව. දැන් ඉතින් ඒ 4.4 වෙනකොට ජාතිය. එහෙම නම් ඉතින් ආපහු අර මරණය කියන එක සිද්ධ වෙලා නේ 4.2 දී. එතකොට දැන් මේ වනකොට වේදනාවත් ජරාවට පත් වෙලා. ඊළඟට අපි 6.4 වෙනකොට දැන් අපිට පේනවා රූපයත් ජරා වෙලා, වේදනාවත් ජරා වෙලා. ඒත් ඉතින් අපි අගයන් දෙනව නේ. දැන් අර හැම වටේ ම මම බැලුවේ අර චේතනා අගයන් දෙන එක කියන එක. ඉතින් අපි මුලින් රූපයට අගයන් දුන්නා. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න වේදනාවට අගය දුන්නා. ජරා වෙන වේදනාවට. මේ අවස්ථාව වෙනකොට රූපයයි වේදනාවයි දෙක ම ජරා වෙලා. ඒ වෙනකොට හයේදි අපි අගය දෙනවා. එතකොට හතේ ගත්තම අපි දන්නවා ඉතින් අර ධම්මමච්ඡරිය එතන ඒකේ අගය දෙනවා. දැන් හත වෙනකොට අන්න සංස්කාරයෙත් ජරාව, දැන් අපි දන්නවා 6.4 වෙනකොට, සඤ්ඤාවේ ජරාව වුණා 5.3. අපි ඒත් අල්ලගෙන ඉන්නවා. රූපයත් ජරාව, වේදනාවත් ජරාව, සඤ්ඤාවත් ජරාව.

ඊට පස්සේ හත ගියා ම 7.4 ගියා, 7.7 කියලා කිව්වහම පේනවා අපි සංස්කාරය ජරාවට පත් වෙලා. අපි එතකොට ඒකටත් ඒත් අගය දෙනවා. මෙහෙම අගය දෙන්න වටින්නේ නැතෙයි කියන එක ඒක, මේකට මාන වෙන්න වටින්නේ නැතෙයි කියන එක ආවහම ඉතින් අර ඊයේ භාවනාවත් එක්ක අර pyramid පිරමිඩ් එක ආශ්‍රවයන්ගෙන් කැරකිලා, මේකෙන් තමයි මෙතන වෙන්නෙ කියන එක, ඒක ආවා.

ඉතින් ඕක අගයක් දෙන්නේ නැතැයි කියන එක කල්පනා කිරීමත් එක්ක ම අප්පණිහිත චෙතො විමුක්තිය, 8.4 වෙනව නේ 8 4 වෙලා, අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක එතන දී ඇති උණා. ඒ ඇති වෙලා ඊට පස්සේ ඉතින් මම ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට බොහොම වාරයක් ඒකේ ගිහිල්ලා ඒකේ හිටියා කියන එක තමයි මම දන්නේ. එකෙන් එලියට එනවා. ආපහු එනවා කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

ඒ භාවනාවේ දී ඔය ඒ අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක හරියට ම ආවේ අර අතන pyramid එකේ උඩ කෙළවර ධාතුන් කියන එක නේ. මේක අරගෙන තමයි මේ යන්නේ කියන එක. මේක ධාතු කියලා අන්න ඒ point එක ආපු ගමන් ම තමයි දැන් අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක එතන ඒක ඇති වුණේ.