ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි කියන එක ගත්තා. එතැනදි කල්පනා කළේ අර ජරා වෙන රූපයකට කාමච්ඡන්දය ඇති වෙන ඒ කොටස. ඊට පස්සේ ද්වේෂය නැති කරමි කිව්වහම අර කලින් කරපු භාවනාවක තියෙනවා අර sandwich එක වගේ අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට. කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා නිකන් මැද්දේ column එක ම තද වෙනවා කියන එක තියෙනවා.
ඊට පස්සේ මේ මෝහය නැති කරමි, කියලා ඒ කොටස මම බැලුවා. ඒ සංස්කාර සම්බන්ධයෙන් මෙතන ඒක බලලා ඉවර වෙලා මේ රහතන් වහන්සේ මට කිව්වා ඔය දොළොස් වැනිදා ජූලි මාසේ 2014 Arising of consciousness කියලා තියෙන්නේ අන්න ඒක බලන්නයි කියලා. ඉතින් මම ඒක කල්පනා කළා. ඒකෙ තියෙනවා මේ triangle එකක් සඤ්ඤා, චේතනා, පරාමාස. එතකොට ඔය ඒ භාවනාවෙදි ඕක පෙන්නුවා ඔය සඤ්ඤා, චේතනා, පරාමාස කියන එක triangle එක උඩ තමයි අපි ඔය සුභයි කියලා ගන්නේ. එතකොට මේක මේ triangle එකේ සම්බන්ධතාවය පෙන්නුවා. ඔය සඤ්ඤාව කියන එක අවිද්‍යාව. එතකොට චේතනාව කියන එක මෝහය. ඊට පස්සේ ඒ පරාමාසය කියන එකේ අර අභිනිවේසය කියන කතාව තියෙනවා. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ ඔය තුන නිසා අර හැදෙනවා කියන එක පෙන්නුවා නේ සුභයි කියලා. අන්න ඒ කතාව කලින් කරලා තියෙනවා.
ඉතින් මම මේක බලනකොට ම මගේ සිත නතර වෙන්න පටන් ගත්තා. ඒකට හොඳ උදාහරණයකුත් ආවා. අපි හිතමුකෝ කවුරු හරි මනුස්සයෙක් හුස්ම ගන්නවා කියලා. ඒ හුස්ම ගන්නකොට, ඒ හුස්ම ගැනීමත් එක්ක ඒ තවත් පුද්ගලයෙකුට අන්න සඤ්ඤාවක් එතන තියෙනවා. අර නිත්‍යයි මැරිලා නෑ මෙයා ඉන්නවා. ඊට පස්සේ චේතනාවන් තියෙන්න පුළුවන් මනුස්සයෙකුගේ හුස්ම ගත්තහම. දැන් අර පොඩි ළමයෙකුගේ එහෙම ළමයෙක්ව ඉඹින්නෙ හුස්මක් එක්ක, මෙහෙම කරලා. එතකොට එතන දී චේතනාව. ඊට පස්සේ අර එහෙම දේවල් සුඛයි කියලා පරාමාස වීම තියෙන්නේ. එතකොට ඒ වේදනාව පරාමාස වීම කියන එක තියෙනවා. මේ කාරණා තුන ම එකපාරට ම සම්බන්ධ වුණා. සඤ්ඤා, චේතනා, පරාමාස කියන තුන ඔය උදාහරණයත් එක්ක.
ඒක ආවයින් පස්සේ ආයිත් මොකක්වත් නෑ. කෙළින් ම අර ආපහු සිත නතර වෙනවා. ඒ සිත නතර වෙලා ඒ අනාශ්‍රව චිත්තයෙන් එහෙම හිටියා. ඊට පස්සේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා. ඉතින් ආපහු අර flashes රූප එහෙම පේන්න ගත්තා. ආපහු අතනට ගියා ම ඒක අර දේ ම එනවා.
ඉතින් මේ triangle එක හරි ම බලගතුයි. සඤ්ඤා, චේතනා, පරාමාස ඒක හරියට කෙනෙක් තේරුම් ගන්නවා නම් එතනින් ම වැඩේ ඉවරයි. ඒ කියන්නේ ඒ භාවනාවේ දී පේනවා බොහොම ඒ අනාශ්‍රව ඉන්න පුළුවන් කියන හැකියාව කොච්චර තියෙනවා ද කියලා. මේ triangle එක තේරුම් ගැනීමෙන් ම. ඉතින් ඕකෙන් තමයි අර සුභයි කියලා ඉතින් අපිට වෙලා තියෙනවා කියන එක. සුභ කතාව මොකක්වත් ම නෑ ඉතින් එතැනින් ම ඉවරයි.
ඒක තමයි කරපු භාවනාව.