ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ කෘතඥතා පූර්වකව, මොකද මෙත්තා සූත්‍රයේ එහෙම ඒ diagram එක එහෙම ගැන ඒ සතුටු වීම, ඒ පැහැදීම ඇතුව මම ඒ බුදුපියවරු, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන්ගෙන සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමියි කියලා කිව්වා ම, අර කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ද්වේෂය නැති කරමියි කියලා කිව්වා ම, sandwich එක වගේ මැද හිරවෙන එක. මෝහය නැති කරමියි කිව්වා ම සංස්කාරවලට අගය දෙන්නේ නැහැයි කියලා අර රෝදය කැරකීම නැවැත්විය යුතු ය කියන අර්ථයෙන් බැලුවා.
භාවනාවට පෙර ම කිව්වා රහතන් වහන්සේ 2014 ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා, විපරිණාම දුක්ඛතාවය කියලා භාවනාවක් තියෙනවා ඒක බලන්න කියලා. ඒ භාවනාවේ තියෙන්නේ අර රූපය අළලා දිට්ඨි අනුසය මගින් අර පළවෙනි පාරේ, කබලිංකාර ආහාර පාරේ, අර රූපය පවත්වනවා කියලා සිහි කිරීමක් තියෙනවා ඒකේ. ඒක තමයි අර කාම උපාදානය කියන එක එහෙම වෙන්නේ. එතකොට මේ විදිහට මම මේ උපාදාන හතර ම මම මේ භාවනාවෙදි හොඳට සිහි කළා.
අත්තවාද උපාදානය කියන එක විශේෂයෙන් බැලුවා. එතකොට අත්තවාද උපාදානය මතක තියෙනවා නම්, අපි පෙන්නුවා, ඒ 3 සහ 8 රේඛාවලින් තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. 3 කියන්නේ වේදනාවේ ඉඳන් පරාමාසයට එන එක. 8 කියන්නේ දිට්ඨි අනුසය පාර. ඒකේ සෝක කියන cross එකේ සිට වේදනාවට යන්නා වූ කොටස. එතෙන්ට එනවා පදුට්ඨමනසඞ්කප්පයෙ අගය කියන එක අපි හිතමු ඒක 9 කියලා. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් සෝකය දක්වා එන එක, පදුට්ඨමනසඞ්කප්පයෙ අගය. ඊළඟට අපිට ආපහු එනවා භය අගතියේ ඉඳන් සෝකය දක්වා එන අගය, අපි හිතමු ඒක 10 කියලා, ඒක මාන පාරේ රූප අගය කියන එක.
එතකොට, මේක කල්පනා කළා මේ අත්තවාද උපාදානයේ අර්ථ දැක්වීම. ඒකෙදි රහතන් වහන්සේ පෙන්නුවා, මේ සුඛය කියන එක පරාමාස විය යුතුයි. ඒ සුඛය අපි අත්තා වශයෙන් ගන්නවා. සුඛය පැවැත්වීම කියන එක විය යුතුයි. ඒක පදුට්ඨමනසඞ්කප්පය මගින් ඒක ඇති වෙනවා. නිත්‍යයි කියලා ගැනීමක් තියෙනවා. රූපය ස්පර්ශ කරමින් සුඛය කියන එක ඇති වෙනවා. එතකොට මාන අගය නොගිලිහී පැවැත්විය යුතු ය. ඒක මාන පාරේ රූප අගය මගින් සිදු කරනවා කියන එක. අපි මෙසේ අත්තවාද උපාදානය වෙයි කියලා අපි ඒ භාවනාවෙදි ඉගෙනගෙන තියෙනවා, අත්තවාද උපාදාන භාවනාවෙදි.
දැන් එහෙම නම් දැන් පේනවා, මේ රූපයත්, රූපයේ අගය පැවැත්වීමත් කියන එක පදුට්ඨමනසඞ්කප්පය මගින් සිද්ධ කරනවා, ඒ රේඛාව තමයි අපි ඔය 9 කියලා කිව්වේ. ඊළඟට පේනවා පරාමාසයේ සිට සෝකයේ cross එක දක්වා එන මානයයි, මානයේ පැවැත්මයි කියන එක ඊළඟට පේනවා ඉදංසච්චයේ සිට භය අගතිය දක්වා එන රේඛාව. එතකොට ඒක දික් කළොත් යන්නේ කොහාට ද? ප්‍රියේහි විප්පයොගයට.
ඊළඟට 9 වෙනි රේඛාව කියපු එක, ඒ කියන්නේ අපි ටිකකට ඉස්සර වෙලා කිව්වා නේ පරාමාසයේ ඉඳන් සෝකයට එන්නා වූ එක ඒක පදුට්ඨමනසඞ්කප්පයෙ අගයන් එන්නේ කියලා, ඒක දික් කළොත් යන්නේ ජරාවට. එහෙම නම් අපි මානය වෙලා තියෙන්නේ මොකට ද? ජරා වන රූපය නිසා ම යි. මානය වෙලා තියෙන්නේ. ඒක එහෙමයි. අපි කාමච්ඡන්ද වූයේ ජරා වන රූපයට ම යි. ඒක පැවැත්විය හැකියයි හිතාගෙන අපි මාන වුණා.
මේක හරි ලස්සනට එනවා. ඒ කියන්නේ, 4 වෙනි පාර රහතන් වහන්සේ පෙන්නුවා නේ, ඒක මානයයි, මානය පැවැත්වීමයි කියන එක, 4 වෙනි පාර කියන එක. දැන් ඒක ඉදංසච්චයේ සිට stamp කරගෙන ඒක අගය එනවා. ඒක යනවා මේ පියෙහි විප්පයොගය දක්වා. එතකොට මේ අගයන් ගිහිල්ලා තමයි අපි අත්තවාද උපාදානය කියන ඒවා අපිට හැදිලා තියෙන්නේ. අතන උඩින් එනවා පදුට්ඨමනසඞ්කප්පය, රූපයයි රූපය කියන එක පවත්වා ගන්න, මේ විදිහට එනවා ජරා වන රූපයට. එතකොට අපිට පේනවා මේ අවස්ථාවෙදි ආවේ රූපය කියන එක පවතින්නේ නෑ, නිත්‍ය වෙන්නේ නෑ. පවතී යැයි කියලා හිතාගෙන තමයි මේ මානය කියන එක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් නිත්‍යභාවය ම තමයි මේ මානය වෙලා තියෙන්නේ. කියන එක මට භාවනාවෙදි බොහොම හොඳට ආවා.
භාවනාවේ නමත් මානය.