ඒ උතුම් බුදුපියවරු සිහි කළා ශ්‍රද්ධාවෙන් යුතුව. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. එතකොට ඒ සාසනය පවත්වනවා කියන හැඟීමත් මට ආවා, ඒ බුදුපියාණන් වහන්සේ. මේ විදිහට බුදුවරුන් දාහතර නම ම මෙහෙම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කිව්වේ අර ඊයේ භාවනාව ම කරන්න කියල නේ. එතකොට මම මුලින් පටන් ගත්තේ අර ලෝභය නැති කරමි කියලා කිව්වහම කාමච්ඡන්දය කියන එක, ඒකට අයිති වෙනවා අර ජරා වන රූපයට තමයි මේක තියෙන්නේ කියලා. ඉතින් ඔය විදිහට ලෝභ දෝස මෝහ කියන එක ඔය සංස්කාර මගේ නොවෙන්න විදිහට අපි යනවා නේ මෝහය කියන කතාවේ දී.
මේක බලලා ඊට පස්සේ මම ඊයේ භාවනාව නැවතත් කළා. එතකොට ඊයේ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා අර පදුට්ඨමනසඞ්කප්පය මගින් අර රූපයයි රූපයේ අගයයි එතන පවත්වනවා කියන එක. ජරා වන එකකට තමයි අපි මේ ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා රහතන් වහන්සේ කිව්ව නේ ඔය අත්තවාද උපාදානයේදි කියලා පදුට්ඨමනසඞ්කප්පය මගින් අර සුඛයයි, සුඛයේ පැවැත්මයි කියන එක එනවා කියලා. ඉතින් මට ඒක හොඳට තේරුණා. ඉතින් ඒ කියන්නේ රූපය දැන් අපි අර curve එකේ A ඉඳන් B වලට ගියා නම් තමයි අපිට අර ඒ දෙවැනි රවුම වෙනකොට තමයි අර නිත්‍ය කතාව කියන එක එන්නේ ධාරාව ගලන නිසා. එතකොට සුඛය පවතිනවා කියන එක තියෙනවා. එතකොට මේක මේ රූපයයි රූපය නැත්නම් මේක සිද්ධ වෙන්නේ නෑ නේ. එතකොට රූපයත් එක්ක මෙතන සුඛ යැයි කියලා මෙතන ඉන්නවා කියන එක තියෙනවා.
එතකොට ඒ අවස්ථාවේ දී මට තේරෙන්න ගත්තා මගේ මේ සති ඉන්ද්‍රියයි, ප්‍රඥා ඉන්ද්‍රියයි, සමාධි ඉන්ද්‍රියයි කියන එක. ඒ ඔළුවේ තුන් පැත්තට ඒක හොඳට මට තේරෙනවා. එකිනෙකට මට හොඳට දැනෙනවා. ඉතින් එතනදි මම තේරුම් ගත්තා මෙතන මේ තණ්හාව නිසා තමයි අපි අර රූපය අර විදිහට ස්පර්ශ කරමින් අරක කරන්නේ. ඒ කියන්නේ කරකවන නිසා.
අන්න එතනදි එනවා අපිට අර සීලබ්බත උපාදානයේ අගය. සීලබ්බත උපාදානයෙන් අපි අර වේදනාවේ ඉඳන් චේතනාවට ගිහිල්ලා, චේතනාවෙන් අපි පරාමාසයට එනවා. එතනින් අත්තා කතාව එතන ඒක සිද්ධ වෙනවා. එතකොට මේක රූපයක් දැක්ක පලියට නිකම්ම නෙවෙයි. මම මේ කරකවන නිසා තණ්හාවෙන් තමයි මේක අපේ කෙරෙන්නේ කියන එක.
එතකොට මේක සහගතව තමයි මම අර හොඳට තුන ම මේක පත්තු වෙලා තියෙනවා කියලා මට තේරෙනවා. මට එතන ඉන්න පුළුවන් ඕන තරම් ඒ ඉන්ද්‍රිය තුන භාවිතා කරගෙන. සිතත් නතර කරන්නත් පුළුවන්. නතරත් වෙනවා. ටිකක් වෙලා මම මෙහෙම ඉඳලා ඊට පස්සේ මම ඊළඟ කොටස ගැන බැලුවා. ඊළඟ කොටස බැලුවහම අපි ඊයේ ඉගෙන ගත්තේ මානයයි මාන අගයේ පැවැත්මයි කියන එක තමයි. අර ඉදංසච්චයේ ඉඳන් භය අගතිය හරහා යනවා ප්‍රියේහි විප්පයොගයටයි අපි යන්නේ කියන එක. එතකොට ඔය අත්තවාද උපාදානයේ කතාවයි එතෙන්දි බැලුවේ. එතකොට ඒ අත්තවාද උපාදානයේ කතාවෙදි තේරෙනවා මෙතන මේ චේතනාවට ආවා. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්න ඕන කියන එක ඒ value එක. ඉතින් ඒක ඒ value එක තේරෙනවත් එක්ක ම ඒක තමයි මේ අපි පවත්වන්නෙ මේ. අතන දී අපි කල්පනා කරනවා වේදනා චේතනා පරාමාස වෙනකොට මෙතන අත්තා. මේ අත්තා නිසා මානය, අත්තා නිසා මේ සුඛය තමයි අත්තා උණේ. අත්තා නිසා තමයි මෙයාගේ මේ මානය.
එතකොට ඒ මානයයි මාන අගය පැවැත්මයි කියන එක මෙතන. ඒ කෑල්ල එනවත් එක්ක ම මට මේ ඒ විරිය ඇති වෙනවා නේ මේවා මගේ නොවෙන්න. සංස්කාර මගේ නොවෙන්න. අන්න විරිය ඉන්ද්‍රිය පත්තු වුණා.
මේ ධර්මය බොහොම ලස්සනයි හොඳයි හරි කියලා ගත්තහම ඔන්න ශ්‍රද්ධා ඉන්ද්‍රියත් මෙතන. ඒක විරිය ඉන්ද්‍රියත් එක්ක ම ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එහෙම ම එන්න පටන් ගත්තා. ඉතින් ඒ ගත්තහම ඉතින් ඒ මේක දුන්නා වූ මේ රහතන් වහන්සේලාට පුදුමාකාර විදිහට කෘතඥතාවය කියන එක. ඒ බුදුහාමුදුරුවන්ටයි, රහතන් වහන්සේලාටයි, උදව් කළා වූ දෙවි දේව මාතාවන්ටයි ඒ විදිහට ඒ වගේ ම මම උත්සාහයෙන් සොයා ගත්තු කොටස් ටික තියෙනවා. ඒ තුන් කොටස ම මගේ මනසට ආවා.
ඉතින් ඒක ඇවිල්ලා මම කල්පනා කළා මේ ධර්මය දැන් මට තේරෙනවා, මේ ඉන්ද්‍රියයන් දැන් පහ ම තියෙනවා. ඒ විරිය ඉන්ද්‍රිය ප්‍රීතිය ගලන ඒවත් තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් මෙතනත් මට ඉන්න පුළුවන් කැමති විදිහට. මේ ඉන්ද්‍රිය පහ ම පවත්වාගෙන මට ඉන්න පුළුවන්. ටිකක් වෙලා එතන ඉඳල මම කල්පනා කළා මම මෙන්න මේ ධර්මය ඉතින් මේ අනිත් අයටත් මේ සැපත ම දෙනවා කියන එක. ඒක කියපු ගමන් මේ මගේ නළලෙන් පත්තු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර ඉහළ ම ඵල චිත්තය එතන පත්තු වෙලා ඒක තියෙනවා කියන එක. දැන් මෙහෙම ටිකක් වෙලා ඉඳල ඉන්ද්‍රිය පහත් තියෙනවා. මේකත් තියෙනවා. ඒ ඕන එකකට මට මාරු වෙන්නත් පුළුවන්. මෙහෙම ඉඳලා ඒ පාර මම කල්පනා කළා මේ ලෝකෙ කිසිම දෙයක් නෑ. මේක empty. තුන් පාරක් ම ආවා ඒ වචනේ මගේ මනසට. Empty in the world, empty in the world. මේකේ කිසිම දෙයක් ගත යුත්තක් ඇත්තේ නෑ. අන්න ඒක කියපු ගමන් මේ ආකිඤ්චන විමුක්තිය.
ආකිඤ්චන විමුක්තියත් හොඳට ම මට තේරුණා වෙනස අනිත් ඒවත්, ඉන්ද්‍රියත් එක්ක අතට ගත්තහම. මේ එකක්වත්, ඒ ඉන්ද්‍රියයන්ගේ එකකවත්, ඒකෙ මොනවක්වත් පැවතීමක් නැතුව, ඒක ඔළුව වෙනස් වෙලා ඒක තියෙන්නා වූ ඒ ස්වභාවය ඒකත් මට තේරුණා. ආකිඤ්චන විමුක්තියෙත් මම ඒ විදිහට හිටියා. එහෙම ඉඳලා රහතන් වහන්සේ ඒ මට ඇති කියලා කිව්වයින් පස්සෙ මම ඒක නැවැත්තුවා.
ඒක තමයි ඒ කරපු භාවනාව. කැමති කැමති විදිහට ඉන්ද්‍රියයන්ගෙන් ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.