ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම උත්තරීතර ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ දාහතර නම ම මම සිහි කළා.
ලෝභය නැති කරමි. ඒ කාමච්ඡන්දය, ඒ කියන්නේ ජරා වන රූපයට ඇති කැමැත්ත. ඒ විදිහට මම සිහි කළා. අර මෝහය නැති කරනවා කිව්වම සංස්කාර මගේ නොවන්න විරිය භාවිතා කරනවා කියලා. ඊයේ භාවනාව නැවතත් කරන්නේයි කියලා කිව්වා රහතන් වහන්සේ ඒක මම පටන් ගන්න ඉස්සෙල්ලා ම.
එතෙන්දි මම කල්පනා කළා අර සීලබ්බත උපාදානය, වේදනාව, චේතනාව, පරාමාස. ඒ triangle එක. උපාදාන හතර ම මම සිහි කරගෙන ගියා. ඒ යනකොට ඒ හතරේ ඉලක්කම නේ ද අපි අඳින්නේ කියලා මට පේන්න ගත්තා. මේ උපාදාන හතර බලනකොට. ඒ මුලින් ම අපි අර පටන් ගන්නේ ඉදංසච්ච කෙළවර. හතරක් අඳින්නේ කොහොම ද? දකුණු අත පැත්තෙ ඉඳන් මෙහෙම ආවා උඩට ගියා පහළට එනවා. එහෙනම් පටන් ගන්නේ ඉදංසච්චයෙන්. එතකොට ඉදංසච්චයෙන් අපි ඒ සත්‍ය වශයෙන් ම ගන්නව නේ මේ මුසාව නේ ගන්නේ. අර රූපය සුභයි කියලා ගන්නේ. ඒ නිසා සුභ වීම කියන එක. ජරා වන රූපයකට අපි අර්ථයක් දීම. මේක නිසා ඇති වෙච්ච වේදනාවේ අර හතර සලකුණේ වම් කෙළවරට ආවා දැන්. එතකොට ඉදංසච්චයේ ඉඳන් වේදනාවට.
ඊට පස්සේ දැන් එනවා වේදනාවේ ඉඳන් චේතනාවට වීම කියන එක. ඒක වෙන්නේ මේ අත්තා වීමෙන් පස්සේ අර කාම උපාදානය මගින් තමයි ඒක ඇති කරන්නේ. අර 5B රූපය ලාභයක් වශයෙන් ගන්නවා නේ. ඒ ගැනීම නිසා ඔන්න දැන් ඇති වෙනවා ඔය චේතනාව. දැන් ඊට පස්සේ දැන් අපි ඒ දිට්ඨි උපාදානය එනකොට චේතනාවෙ ඉඳන් පරාමාසයට එනවා. අන්න හතර සලකුණේ උඩ කෑල්ල එනවා. එතකොට අන්න ඒ කෑල්ල හදනවා කියලා. අත්තවාද උපාදානය වෙනකොට අපි එනවා අර මාන පාරේ රූප අගය කියලා එහෙම අපි ලිව්වේ භය අගතිය සෝකයට යන කෑල්ල තියෙන්නේ. එතකොට අර ඉදංසච්චයෙ ඉඳන් නේ භය අගතියට ඇවිල්ලා තියෙන්නෙ.
එතකොට ඔය හතර සලකුණේ පහළ කෙළවර ස්ථාවර වෙනවා. Firm වෙන ස්වභාවයකට පත් කරනවා. ඒක මේ වෙලාවෙදි අපි දන්නවා දැන් ප්‍රියේහි විප්පයොගය දක්වා නේ ඕක දුවන්නෙ. ඕක දික් කළහම අර ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එනවා කියන එක.
එතකොට මට මෙතෙන්දි හොඳට තේරුණා මේ සෝකයේ ඇති ප්‍රමාණයට තමයි නැවතත් විඤ්ඤාණය ඉපදවීම කියන එක තියෙන්නෙ. කොච්චර ද ඔයාට සෝකය. ඒ ප්‍රමාණයට තමයි ඔයා දුවවන්නේ. අර මොකද අපි දැන් එතන පේනව නේ 4.7 ප්‍රියේහි විප්පයොගයට ආවා. 5.3 අර සඤ්ඤාවේ ජරාව. 6.4 ජාති වුණා. තවත් රවුම් තුනක් කරකවනවා. 8.4 වෙනකොට අර උඩ අතෙන්ට යනවා කියන එක.
එතකොට මට මේ වෙලාවේ දී තේරුණා මගේ මේ නළලේ මේ සතිය කියන එක තියෙනවා. නළලේ මැද්දේ තියෙනවා ඵල චිත්තයන්, ඉහළ ම ඵල චිත්තයන් නිසා. මේ දකුණේ කෙළවර ප්‍රඥාව තියෙනවා. හැබැයි නමුත් සමාධි ඉන්ද්‍රිය මට මේ වෙලාවේ නැහැයි කියන එක මට තේරුණා. මට ඇයි සමාධි ඉන්ද්‍රිය නැත්තෙ? එතෙන්දි මට කල්පනා වුණා මේ යම්කිසි ධර්මයක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒක නිසයි මේක තියෙන්නේ. Empty in the world කියන එක මතක් වුණා. ඒ මතක් වෙච්ච ගමන් මෙන්න සමාධි ඉන්ද්‍රිය ඇති වෙලා. විරිය, ප්‍රීතිය ඉන් අනතුරුව ශ්‍රද්ධාව කියන එකත් ඇති වුණා.
දැන් මම මෙතෙන්දි කල්පනා කළා මේ අපි සතියයි, ඵලයයි, ප්‍රඥාවයි තියෙනවා නම් මේක අවසන් කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය. බෑ. සමාධි ඉන්ද්‍රිය අවශ්‍යයි. ඔන්න ඔතනදි මට තේරෙනවා අර bell shaped curve එකේ කියන කතාවෙ දී වේදනා, චේතනා, ඉදංසච්ච කියන එක තියෙනවා. Bell shaped curve එක එතන නේ හැදෙන්නේ බැලුවම. Bell shaped curve එකේ අර A කියන point එක, අරගන්න ඊර්ෂ්‍යාව කියන තැනට එනවා කියලා. ඊට පස්සේ අර C කියන point එක මක්ඛය. අර B කියන point එක තමයි අර සාඨෙය්‍ය. B කියන එක ඇවිල්ලා තියෙන්නේ මේක ලාභයි කියලා සාඨෙය්‍ය කියන එක. ඒක මැද්දෙන් ඒක එන්නේ. B කියන point එක ම නෙවෙයි. ඊට පල්ලෙහායින් අර A, C යා කරන රේඛාවේ වගේ තියෙන්නෙ.
එතකොට මේක තමන් ගත්තා වූ දෙයක් නේ. ඉතින් ජරා වන රූපය නිසා ඊර්ෂ්‍යාව. ඒක නැති වෙලා යනකොට අපිට මක්ඛය. ඊළඟට ලාභයි කියලා හිතාගෙන සාඨෙය්‍ය. ඉතින් සතිය මගින් A වීම කියන එක වළක්වනවා. අර මේ වැළැක්වීමට උදව් උපකාර කරනවා. ඇයි සති ඉන්ද්‍රියයන් පෙන්නනව නේ අර සඤ්ඤාවේ ඉඳන් එන කතාව එපැයි කියන එක.
ඊළඟට ඒ ප්‍රඥාව මගින් අර සාඨෙය්‍ය වීම කියන එක වළක්වනවා. ඒක වැළැක් වූවත් අර පෙර ගත්තා වූ දේ නිසා වන ප්‍රතිඵලය. ඒ කියන්නේ මේ result of former කම්ම. ඒක වැළැක්වීමට සමාධි ඉන්ද්‍රිය කියන එක අවශ්‍යයි. එතකොට චිත්ත ඉද්ධිපාදය, සෝක, පරිදේව ඉක්මවනවා කියලා රහතන් වහන්සේ පෙන්නුවේ. එතකොට එහෙම නම් සති, ප්‍රඥා, සමාධි ඉන්ද්‍රියන් එක හා සමානව balance වෙලා තියෙන්න ඕනේ කියන එක මට තේරුණා. අන්න ඒ වෙලාවෙදි “සාදු” කියලා මට ඇහුණා. ඉතින් මේ සමඟ ම මේ ඈත තියෙන රූපයන් එහෙම පේන්න ගත්තා. එහෙම ම නිරෝධයට ගියා.
ඒක තමයි කරපු භාවනාව.