ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම තමයි අදත් කරන්න ගත්තෙ. කරන්නේයි කියලා කිව්වා. එතකොට මම මේ ලෝභය නැති කරමි. ද්වේෂය නැති කරමි. මෝහය නැති කරමි කියලා. ඒ කාමච්ඡන්ද ජරාවට යන එක සංස්කාරයන් කියන ඒවා මගේ වෙලා ඇති වෙන්නා වූ ප්‍රශ්නය මම බැලුවා. බලලා ඉතින් මෙතැන දී මට ආවේ මේ කෙළින් ම මම අර චේතනාවෙන් එන්නා වූ අර bell shaped curve එකේ උඩ කෙළවරට තමයි මගේ ආවේ චේතනාවෙන්. විමංසාව කියන එක එතන ඕනෑ කියන එක ආවා. ඉතින් විමංසාව කියලා කිව්වහම එතන ඒ ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන එක ගත්තම දැන් අපිට පේනවා අර සාඨෙය්‍ය. ප්‍රඥාව නම් සාඨෙය්‍ය කියන එක එතන වෙන්නේ නෑ. ඒ කියන්නේ bell shaped curve එකේ අර උඩ ම කෙළවර B කියන point එක එතන හැදෙන්නේ නෑ. ජරාවට පත් වෙනවා කියලා මම හොඳට දන්නවා නම් මම මොකට ද, ඒ අර මානය කියන එක බැහැලා ගිහිල්ලා මේක හදන්න යන්නෙ නෑ. අපි කලිනුත් ඕක කළා.
එතකොට ඊළඟට සතිය කියන එක අපි දන්නවා ස්පර්ශයයි සඤ්ඤාවයි අතරයි සති ඉන්ද්‍රිය කියන එක තියෙන්නෙ. එතකොට එහෙම නම් අපි දන්නවා මේ සතිය කියන එක මගේ තියෙනවා නම් අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම කියන එක, අභිජ්ඣාව. අන්න ඒක කියන එක නැති වෙනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාවට එන්න දෙන්නෙ නෑ සතිය තියෙනවා නම්. සතියෙදි පෙන්නනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අස්තංගමෝ.
එතකොට ඒ රූපය මේ ආකාරයි. සමුදය මේ ආකාරයි. අස්තංගමය මේ ආකාරයි කියලා එතනින් පේනවා. එතකොට එතනින් එහෙම නම් සමුදය අස්තංගමය දන්නවා නම් අර මිච්ඡා දිට්ඨිය කියන එක එතන නැති වෙනවා. එතකොට ඒක නිසා ඒ පැත්තෙන් එන්නා වූ දේ නැති වෙනවා කියලා. එතකොට ඊළඟට නමුත් අර පෙර කර්මයන් නිසා, පෙර ගත්තා වූ දේ නිසා ඇති වන ප්‍රතිඵලය වළක්වන්න සමාධි ඉන්ද්‍රිය කියන එක අවශ්‍ය යැයි කියන එක. අර පල්ලෙහායින් එනවා කියන එක.
එතකොට එහෙම නම් මේ සමාධි ඉන්ද්‍රිය කියන එක පවතින්න නම් කොහොම ද පවතින්න පුළුවන්කම? සමාධි ඉන්ද්‍රිය පවතින්න නම් අවූපසන්තචිත්ත නොවෙන්න ඕනේ. සංස්කාර දෙකක් සමාන වෙන්නේ නෑ. ඒ කියන්නෙ නිර්වාණය ම වෙන්න ඕනේ. මට අර “Excellent” කියන එකත් ඇහුණා.
ඒ තත්වයේ මනස මගේ ඉන්ද්‍රියයන් තුන ම හොඳට පවත්වාගෙන හිටියා. පුදුමාකාර විදිහට සැරට ඒ ඉන්ද්‍රියයන් තුන එකකින් එකකට මම ඒක මාරු වෙවී ඒක මම පැවැත්වූවා. ඔහොම පැවැත්වූහම මට තේරෙනවා අර පළවෙනි එකේදි තියෙන්නෙ අර මේ ජරාවට නේ අපි යන්නේ අර පදුට්ඨමනසඞ්කප්පයෙන්. අනිත් පැත්තෙන් ආවා නම් අපි යන්නේ ප්‍රියේහි විප්පයොගයට. ඉතින් නිර්වාණයෙන් වෙනසක්, පිටත දෙයක් ගත්තා නම් ඉතින් අපිට ප්‍රියේහි විප්පයොගය කියන එක තමයි තියෙන්නේ. නිවනින් පිටත දෙයක් නේ අරගෙන තියෙන්නේ.
එතකොට මේ විදිහට හිටියා. එහෙම හිටියම ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා හොඳට දන්නවා. දැන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනකොට මුලින් හරි රස්නයක් දැනුණා. මුහුණෙයි හැමතැන ම හරි රස්නෙයි. ඉතින් මට තේරුණා මේ භාවනාව නිසා ම යි මේක තියෙන්නේ. ඊට පස්සේ දැන් ඉතින් ඔය තත්වයට මනස හුඟක් ම පැවතුණා ම කාලයක් ඒක cool වෙලා ගියා, ඒ කියන්නේ මම shirt එකවත් ගලවන්නේ නැහැයි කියන එක මම කල්පනා කළා, මේ ඒ තත්වය මේ විදිහට ම ඉන්නවා කියලා රස්නේ වුණාට. ඒක cool වෙලා ගියා. ඊට පස්සේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා, වෙන්න යනවා කියලා මම දන්නවා.
ඊට පස්සේ මට එක එක ඔය පොඩි පුතා හරි චූටි පුතා හරි ඔන්න ඔය වගේ මොනවා හරි කියනවා, ඒ වගේ දේවල් ඇහෙනවා. ඉස්සර මොනවා හරි එකක්. ආයිත් මම එනවා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට. එළියට ඇවිල්ලයි ඕක වෙන්නේ. ඊට පස්සේ දැන් මම වැටෙන්නේ නෑ. දැන් මම හොඳට දැක්කා ආලෝකය ඔන්න හය වෙනි ධ්‍යාන තලයේ. ඒකෙ මම ඉන්නවා. ඒක දැකලා හොඳට ඉන්නවා. ඒක නළලෙන් තමයි පුදුමාකාර විදිහට ඒක තේරෙන්නේ. ඒකත් එක්ක. එතකොට ඒ ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය හොඳට තියෙන අවස්ථාවේ දී අර ආකිඤ්චන විමුක්තිය කියන එක, එතැන ඉන්නවා කියන එක මම දන්නවා. Empty in the world කියන වචනය, ඒකත් එක්ක.
එතකොට ඒ විදිහට හය, හත, අට. ඔය ධ්‍යාන තුනෙන් තමුන්ට කැමති කැමති විදිහට මේ ඉන්ද්‍රියයන් තුන භාවිතා කරමින් ඉන්න පුළුවන්. මේකේ ඉතින් නිරෝධයට යනවා. ඒ විදිහට එක එක අවස්ථාවේ දී නිරෝධයට යනවා කියන එක තියෙනවා.
මේක තමයි කරපු භාවනාව.