ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා ඔය “භාවනා පහා තබ්බා” කියන ඒ භාවනාව දහතුන් වැනිදා ජනවාරි මාසේ, හරියට ම මාසෙකට ඉස්සෙල්ලා කරලා තියෙනවා. අන්න ඒක බලන්නයි කියලා. එතකොට ඉතින් මම ලෝභය නැති කරමි කියලා කියනකොට අර කාමච්ඡන්දය, ඒ කාමය ඇති වෙලා තියෙන්නේ මේ ජරා වන රූපයකටයි කියන එක. ඒක යම්කිසි කෙනෙක් ගන්නවා නම් ඒකට කැමති වෙනවා, නම් ඉතින් ඒක නිසා මෝහය වෙනවා.
ඔන්න ඕක බලපු ගමන් මේකෙ නිත්‍යභාවයක් නැතැයි කියන එක සිහි කළහම අර සතිය, ප්‍රඥාව, විරිය ඉන්ද්‍රිය ඇති වෙලා තියෙනවා කියලා. හොඳට තියෙනවා කියලා මට ඒ භාවනාවේ දී තේරුණා. එතකොට මෙතෙන්දි මේ “භාවනා පහා තබ්බා” කියන එකේ මේ සති සම්බොජ්ඣඞ්ගය කියන එක මම සිහි කළා. සතිය ඇති වෙලා තියෙන්නේ කබලිංකාර ආහාර එක, දෙක අත්තා ඉඳන් නිත්‍යයට එනවා කියන එක. තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක.
එතකොට ජාතියෙන් ජරා වෙනවා කිව්වහම ජරා වෙන රූප වේදනා, 5.3 වෙනකොට සඤ්ඤාවේ ජරාව, 7.7 වෙනකොට සංස්කාරයේ ජරාව. එතකොට මෙන්න මේ විදිහට ජරාව තියෙන ස්වභාවය තියෙනවා නම් එහෙම නම් ඒ සංස්කාරත් ජරා නම් ඒකෙන් හදන්නා වූ විඤ්ඤාණය කියන එකේ ඒ පැවතීමක් නෑ. එතකොට මෙතන නිත්‍යභාවයක් නැහැයි කියන එක ආවා. එතකොට ඒ නිත්‍යභාවයක් නැතැයි කියන එක දන්නවා කියන අවස්ථාවේ දී මට කල්පනා වුණා මෙතෙන්දි මේක අර මලකඩ කාපු යකඩ ඇණේ. මලකඩ කාපු යකඩ ඇණේ කිසිම ආකාරයකින්, ඒකෙන් හැදුවා නම් යම්කිසි භාණ්ඩයක් ඒක ඇතුළෙන් දිරනවා. ඇතුළෙන් දිරනවා පිටින් අපිට මොන ආකාරයට පෙනුණත් ඇතුළෙන් දිරන ස්වභාවය තියෙනවා.
එතකොට ඒක නිසා මට ආවා, අර නන්දියේ ඉඳන් ම පටන් අරගෙන ජරා වෙන දේකට නේ ඔය නන්දියක් ඇති වෙලා තියෙන්නේ. නන්දියේ ඉඳන් පටන් අරගෙන මෙහෙම චේතනා දක්වා ගිහිල්ලා අපි එනවා මේ ඉදංසච්චය දක්වා ම. එතකොට එතන ඇතුල් වෙනවා කියන එක, ඒ කියන්නේ සංස්කාර නිසා විඤ්ඤාණයේ ඒ හටගැනීමක් කියන කතාවක් තියෙනවා. අර පදුට්ඨමනසඞ්කප්පයේ අගය මේ පැත්තටත් එනවා නේ copy වෙලා. එතකොට ඒ ඉදංසච්චයට එන එක ඒ යන්නේ අර පල්ලෙහා සංස්කාර කොටුවට. 5 කියන එක වෙන්නේ නෑ.
ඉතින් ඔය අවස්ථාව වෙනකොට මට තේරුණා මේ උපෙක්ඛා ඉන්ද්‍රිය කියන එක තමයි ඒ වෙලාවෙදි මට ඇති වුණේ. ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතනයට යන්න පුළුවන්. යන්න පෙර ඒ තත්වය ඇති වෙනවා කියන එක. ඔතනදි රහතන් වහන්සේ “සාදු” කියලත් කිව්වා. එතකොට ඊට පස්සේ දැන් ඔතෙන්දි එනවා අපිට දැන් නිත්‍යභාවයක් නැහැයි කියලා දන්නවා නම්, සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම්, ඉතින් ඒ අවස්ථාවේ දී අපිට පේනවා අර ප්‍රඥාව කියන එක තියෙනවා. ප්‍රඥාවෙන් අපිට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙනවා නම් උද්ධච්චය කියන එක ඇති වන්නේ නෑ. එහෙම නම් අර හය වෙනි line එක තියනව නේ මෝහයේ ඉඳන් පරිදේවයට. අන්න ඒ කතාව සිද්ධ වෙන්නේ නැහැයි කියන එක.
එතකොට මේ තත්වයට ඇවිල්ලා ඊට පස්සේ දැන් ඔළුව හරි විශාලයි. කල්පනා කළා දැන් මෙතෙන්දි මේක ඉවරයක් වෙන්නේ නෑ නේ. අර හත් වෙනි පාර පරාමාසයේ ඉඳන් එන්නා වූ එක තියෙනවා. ඒක කැරකවීම කියන එක තියෙනවා. එතකොට මේක මේ තණ්හාව. තණ්හාව මගින් කරන්නා වූ දේ.
එතකොට එතෙන්දි අපි රහතන් වහන්සේ එතන කිව්ව වචනය තමයි අර “පෙර කරා.” පෙර මේක වුණා කියලා, ඒක උඩ නෙ මේ කරකැවීම කියන එක තියෙන්නෙ. අපි ඉස්සර මෙහෙම තිබුණ නේ. ඉස්සර ඒ කියන්නේ එයා comparison එකක් තියෙනවා මේ කලින් පාර අර හදපු එක පැවතුණා නේ. කලින් හදපු ගේ පැවතුණා. අන්න ඒ වගේ තමන්ගේ ඒ comparison එකක් ඒකෙ තියෙනවා. ඉතින් නමුත් මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. එතකොට මෙතන දී තමන්ට තේරෙනවා නම් අර ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක තමන්ට බොහෝ කාලයක් මේ ධ්‍යාන සහගතව ඉන්න පුළුවන් කියලා තියෙන කතාව ඒකත් බොරු ය කියන එක අර උද්ධච්ච කතාවේ දී අපි කිව්වා.
එතකොට මෙතන මේ ඇතුළෙදි මේක නැතුවත් මේක කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මේ hub එකෙන් කරකවනවා කියන එකත් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියලා අන්න එතැන දී අර අත්තා කියලා ගන්නේ නැති එක තියෙනව නේ. අත්තා කියලා අරගෙන නේ ඔතන ඕක විදිහට වෙන්නේ. ඒක වෙන්නේ නැහැයි කියලා ඉතින් එතන ආකිඤ්චන විමුක්තිය කියන එක. ඒක සහගතව එතන හිටියා.
මෙහෙම ඉඳලා බොහොම ඔය රූපයන් එහෙම ඔය විදිහට එක එක ආකාරයට දැක්කා. ඒ දැකලා ඉතින් මේකෙ කල්පනා වුණා මේ මොකක් හරි එකක් මේ තව නිකන් තව කෑල්ලකට කෑල්ලක් හයි වෙලා තියෙනවා. කොළ දෙකක් ඇලවිලා තියෙනවා වගේ කියන්නකො. අන්න ඒ කොළ දෙකේ ඒ ඇලවිලා තියෙන එක ගැලවිලා යනවා නම් ඒ දෙක වෙන් වෙනවා.
ඒක මට හොඳට තේරුණේ ඒක මේ මානයෙන්. දැන් ඔතනදි අපි ඇවිල්ලා තියෙනවා ඔය දැන් රූපය, රූපය පැවැත්ම ගැන කතා කළා. ඊළඟට තියෙන්නෙ මොකද ඔය තණ්හාවේ තිබුණා නේ ඔය “අජොසන ලක්ඛණා තණ්හා” කිව්වා. ඊළඟට ඒකට පදට්ඨානය, ආසන්න කාරණය වෙලා තියෙන්නේ මේ ප්‍රිය රූප, මදුර රූප කියන එක තමයි. ඒවා ආසන්න කාරණය වෙලා තියෙන්නේ.
එතකොට ඊළඟට මේ දෙක ගැලවෙනවා කියලා කියන එකේ තියෙන්නේ අර දැන් අපි පෙර මෙහෙමයි කියලා තණ්හාවෙන් අර කතාවක් කරලා අපි ගෙනියනවා නේ එතකොට ඒ කතාව නැති වෙන්න ඕනේ. පෙර කතාවත් එක්ක මේක මෙහෙමයි කියලා කියන එක. අන්න එහෙම වෙනවා නම් අර ඉදංසච්චයට එනවා නේ චේතනාවේ ඉඳන්. අන්න ඒ පාර කියන එක කැපෙනවා. අන්න ඒ flow එක කියන එක කැපෙනවා. ඒ කියන්නේ දැන් මානය මගින් තමයි එතන අපිව මේ පැත්තට ගෙනියන්නේ පෙර කතාවත් එක්ක. අන්න ඒ කතාව කැපෙනවා නම් අන්න එතෙන්දි ඒ ගැලවිලා යනවා. මේ කෑල්ල මේක සිද්ධ වෙන්නේ නැත්නම් එහෙනම් මානයයි මානය මගින් පැවැත්මයි කියන එක, ඒක සිද්ධ වෙන්නේ නෑයි කියන එක.
ඉතින් ඕක තමයි මං කරපු භාවනාව.
එකේ අර කොළ දෙක කියලා කිව්වහම සඤ්ඤා, චේතනා, එතන ඉඳන් භය අගතියට යනවා කියන පල්ලෙහා එක, එක කොළයක්. ඊට පස්සේ අතනින් ඉදංසච්චයට ගිහිල්ලා මානය පවත්වන්න කරන්නා වූ ඒ කතාව තමයි. ඉතින් අපි යන්නේ ප්‍රියේහි විප්පයොගයට. අන්න ඒක තමයි අනිත් කොළය. අන්න ඒ කොළ දෙක තමයි මේ ගැලවීම කියන එක තියෙන්නේ.