ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන්ගෙන සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම කිව්වා මට අර 26 වැනිදා ජනවාරි මාසේ 2015 තණ්හා නිරෝධ භාවනාව කියන එක බලන්න කියලා. ඒකෙ තියෙනවා අර ලාභ සත්කාර කියන එක area 1 එක, නිකාමයමානා area 3 එක. ඉතින් ඒකේ අර area 3 වල අපි දන්නවා තණ්හාව සහ තණ්හාව වීමට ඇති කැමැත්ත කියන එක. ඒක සිහි කළා. එතකොට මෙතෙන්දි මට කල්පනා වුණා අර 7.5 රූපය ලාභයක් ලෙස ගන්නවා නේ. අර භාවනාවේ පෙන්නනවා එහෙම අපි දිගට ම යනවා එකේ.
එතකොට මේ සමඟ ම මට තේරුණා අර සති සහ ප්‍රඥා ඉන්ද්‍රියයන් අර විදිහට ම කලින් වගේ ඇති වෙලා තියෙනවා. ඒක සම්බන්ධ වුණා ඊයේ භාවනාවට. ඊයේ භාවනාවේ දී අර සති ඉන්ද්‍රිය නිසා අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ හටගැනීම කියන එක නතර වෙනවා. එතකොට සතිය කියන එක තියෙන්නේ අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාව දක්වා යන එක. ඒක වළක්වලා නේ තියෙන්නේ. එතකොට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා අර විඤ්ඤාණයේ හටගැනීම අර A කියන point එකේ කතාව ඒක නැති වෙනවා. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා නම් අර ජරා වන රූපය කියලා දැනගෙන මාන නොවී B point එක කියන එක හදන්නේ නැතිව නිකම් ඉන්නවා. හදන්න බැරි දෙයක් කියලා තේරුම් අරගෙන.
එතකොට එතෙන්දි අපිට පේනවා අර ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන එකයි. මෝහයේ ඉඳන් පරිදේවයට එන එකයි. අර 5, 6 කියන රේඛා දෙක නැති වෙනවා. නමුත් ඒ දෙක නැති වුණත් 7 මගින් ධාරාව ගලනවා කියන එක අපි සිහි කළා. එහෙම නම් මේ 5, 6 කියන එක නැත්නම් එහෙම නම් මොකෙන් ද මේක පහළට එන්නෙ? එහෙම නම් පරාමාසයේ ඉඳන් භය අගතියට කෙළින් ම එන්න ඕනේ කියන එක තියෙනවා. ඇයි මේ පැත්තෙන් මේ flow එක නැති වුණා. එතකොට මේක ම නේ ද මේ. මේ වෙලාවේ “සාදු” කියලා ඇහුණා.
භය අගතියේ ඉඳන් ඊට පස්සේ අපි දන්නවා අප්‍රියේහි සම්ප්‍රයෝගය. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය 4.7 නන්දිය. එතකොට ප්‍රියේහි විප්පයොගය වෙන්න නම් අපිට යම්කිසි දෙයක් මේ පෙර අපි අරගෙන තියෙන්න ඕනේ ප්‍රියයි කියලා. විප්පයොගය වෙන්න ඉස්සෙල්ලා ප්‍රියයි කියලා අරගෙන තියෙන්න එපැයි. එතකොට ප්‍රිය යනුවෙන් අරගෙන තියෙන්නේ මොකක් ද? ජරා වන රූපය ම යි. එතකොට මේ අවස්ථාවේ දී අපි දන්නවා අර steps වශයෙන් ගත්තම අර රවුම් හයේ හතර වෙනි step එක 6.4 වෙනකන් ඇවිල්ලා තියෙනවා. අර ජාති, රාග සල්ලය මගින් නැවතත් රූපය දක්වා ගෙනියනවා කියලා කිව්වේ. එතකොට 7.4, 8.4 අර සෝකය විසින් කරන ක්‍රියාවලිය අන්න ඒක මට සිහි වුණා.
එතකොට මෙතෙන්දි ආවා “අජොසන ලක්ඛණා තණ්හා.” ප්‍රිය රූපෙත්, මදුර රූපෙත් පදට්ඨානය කියලා. එහෙම නම් මේ අර ඉස්සර වගේ අපිට අර උඩින් විතරක් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ප්‍රිය රූපයයි මදුර රූපයයි දෙකක්. මෙතන ප්‍රිය රූපය කිව්වහම කබලිංකාර ආහාරය කියන එක ප්‍රිය රූපය. අර මදුර රූපය කියන එකට ප්‍රියේහි විප්පයොගය කියන එක ගන්න ඕන පල්ලෙහායින්. අර එතන දී ඇවිල්ලා තියෙනවා කියන එක.
ඉතින් අපි දන්නවා ඔය ප්‍රියේහි විප්පයොගයට දිගට මේ ධාරාව ගලාගෙන යනකොට අර 7.7 විතර වෙනකොට අපි දන්නව නේ ඒ මිච්ඡා දිට්ඨිය නිසා ඇති වූ උද්ධච්ච මාන අගය එතනට ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ජරා වන රූපය නිසා ඇති වුණු සඤ්ඤා අගය එතැනට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාවෙදි මට තේරුණා එහෙම නම් මේ දැන් ආපහු, රූපයට ආපහු නොයන්න නම් අපිට මේ ඉද්ධිපාද හතර ම භාවිතා කරන්න වෙනවා. ඇයි මොකද රාග සල්ලයෙන් කරකවලා එයා ආපහු උඩට ගෙනියන්න හදනව නේ මේක දැන්. මේකේ දැන් විඤ්ඤාණය මැරිලා. මේක දැන් ගෙනියන්න හදනවා ආපහු නේ ද? ජාතිය දක්වා රූපය දක්වා, එතකොට ඒ රාග සල්ලය සහ අනිත් සල්ල මගින්, ඇති වෙන ඒවාට ඉද්ධිපාද හතර ම අවශ්‍යයි. අන්න ඒකෙන් ඇති වන සමාධිය අවශ්‍යයි කියන එක තමයි හොඳ ම. අන්න ඒක තමයි සමාධි ඉන්ද්‍රිය එතෙන්දී. ඒ ඔක්කොම ටික තියෙන්න ඕනේ.
ඒක තමයි කරපු භාවනාව.