ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ යම්කිසි තැනක වැඩ වාසය කරනවා නම් එතන සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය නැති වෙනවයි කියලා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කලින් ම කිව්වා ඔය පස් වෙනිදා කරලා තියෙනවා අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ, උපශාන්ත භාවනාව. අන්න ඒක බලන්නයි කියලා. ඒකෙ තියෙනවා ඒ සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක නැහැයි කියන එක. එතකොට අපිට පේනවා මේ තණ්හාවෙන් මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨියෙන් තමයි භව ආශ්‍රව කියන එකට එන්නේ අපි.
එතකොට අපි භව ආශ්‍රවය නැති නම් ඉතින් අර ඇස ඕනේ, කියන කතාව කියන එක නැති වෙනවා. භව ආශ්‍රවය නොවෙන්න නම් මානය නොවන්න ඕනේ. අර ගාථාව තියෙනවා නේ. එතකොට මානය තමයි මෙහෙම වෙන එක හොඳයි කියලා කියන්නේ. මෙතෙන්දි ඒ භාවනාවේ දී මේ එක ම ධ්‍යානයකින්වත් ඉන්න බැරි යැයි කියන එක. අර නිත්‍ය යැයි කියන එක පැවැත්විය නොහැකි යැයි කියන එක බලලා, මේක දැන් අනාශ්‍රව සඤ්ඤා භාවනාවක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඒ භාවනාවේ දී.
ඒකෙදි අර සුභ යැයි කියලා ඉදංසච්චයට ඇතුල් වෙනවා. නිත්‍ය යැයි කියලා ගන්නවා මානය නිසා. සංස්කාර පරාමාස වීම නිසා සඤ්ඤාව සුඛ වෙනවා. එතැනදි අපි බැලුවා මේ මානය නැත්නම් නිත්‍ය කතාවක් නෑ. මෙහෙම නොවෙන්න නම් ඉතින් සංස්කාර නොවෙන්න ඕනෑ කියලා අර සිඛී බුද්ධ ගාථාවේ වටිනාකම ඒක නැවතත් ඒ විදිහට ආවා. ඉතින් අර ඒ භාවනාවේ දී කළා මේක අන්තිමට ගත්තම මේ උඩ කෙළවර ධාතු, අර pyramid එක වගේ කැරකෙන්නේ කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව ඒකේ උඩ තියෙනවා අර වේදනාව, පරාමාස, භය අගතිය කියලා pyramid එකේ උඩ, උඩ ම කෙළවර ධාතුයි කියලා.
එතකොට ඒ භාවනාව මට සම්බන්ධ වුණා, මේ ඊයේ කරපු භාවනාවත් එක්ක. ඊයේ කරපු භාවනාවේ දී අපි ගත්ත නේ මේ පල්ලෙහා ප්‍රියේහි විප්පයොගය කියන එක අර සාතයි කියන කතාව. ඒ ප්‍රියේහි විප්පයොගය කියන එකට දැන් අපිට පේනවා, මේ විවිධ ආකාරයෙන් අපි එනවා. කොහොම ද, අපි බැලුවොතින් එහෙම අර තණ්හා, මිච්ඡා දිට්ඨිය, අත්තා වෙලා භව ආශ්‍රවය වෙලා ආවා ම ඒ පාර දිගේත් ඔය ප්‍රියේහි විප්පයොගය කියන එකට අපි එනවා. එතකොට මෙහෙම ගියා, මෙහෙම ආවා, ආපහු භව ආශ්‍රවයට පල්ලෙහාට ආවා.
ඉතින් ඔය වගේ නේ ද ඔක්කොම pattern එක තියෙන්නෙ. ඒ කියන්නේ දැන් මිච්ඡා දිට්ඨිය ඇති වුණා නම් ඒක නිසා අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය කියන එකෙන් ඇති වෙලා ඊට පස්සේ අපි දන්නවා ඒකෙත් අර පල්ලෙහාට එනවා කියන එක. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි හිතමු ඒ pattern එක ම තමයි අපේ තියෙනවා ඉදංසච්චය. ඉදංසච්චය, භය අගතිය ඉඳන් ප්‍රියේහි විප්පයොගය. ඔය විදිහට අපි එනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම කැරකෙනවා කියන එක ම තමයි තියෙන්නෙ කියලා.
එතකොට මෙතෙන්දි මම බැලුවා මේ පල්ලෙහා තියන එක, දැන් උඩ සඤ්ඤාව fake කියන එක අපි ආවා නේ. උඩ සඤ්ඤාව fake. එතකොට මේ පල්ලෙහායින් තියෙන්නෙ මොකක් ද? ප්‍රියේහි විප්පයොගය කියන එකේදි අපි තේරුම් ගත්තා ඔතන දැන් දෙකක් තියෙනවා. එකක් තමයි අර මිච්ඡාදිට්ඨික අගය ප්‍රියේහි විප්පයොගයට ඇවිල්ලා තියෙනවා. ඒක අර path එක 5, 6. ඔය විදිහට ඇවිල්ලා. ඊට පස්සේ අර ජරා වන රූපය නිසා සඤ්ඤා අගයත් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බලන්න දැන් උඩ සඤ්ඤාව fake නම් ඒ ජරා වන රූපය කියන එක, ඒ අගය කියන එක මේකෙ හිටින්නේ නෑ. ඇයි ඉතින් ඒකෙ ගත යුත්තක් නෑ නේ.
එතකොට ඊළඟට ගත්තම මේ මිච්ඡා දිට්ඨිය කියන එක නැති නම්, ඒ පල්ලෙහායින් අර path එක දිගේ දැන් 6 වෙලා මිච්ඡා දිට්ඨිය කියන කතාව එනකොට අපි ඒ පෙන්නනවා මේ උද්ධච්චය කියන නිසා මේක maintain කරන්න පුළුවන් කියන කතාව. එහෙම maintain කරන්න පුළුවන් කියල නේ අපි අර 6 රේඛාව හරහා එන්නේ. මෙතන ඒ කියන්නේ පරිදේවයෙන් අපි එනවා අර භය අගතිය. ඒ භය අගතිය ඒ විදිහට පල්ලෙහාට එන කතාව කියන එක තියෙනවා. එතකොට මේක මේ විදිහට අර flow වෙලා එන පල්ලෙහා flow වෙලා එන එක කියන එකත් නැති වෙනවා. මිච්ඡා දිට්ඨිය, ඒ කියන්නේ මාන කතාව.
එතකොට මෙතන තියෙනවා එහෙම නම් මේ මානය නැත්නම් ඒ කතාව පල්ලෙහායින් එන එක ඕක පවතිනවා කියන කතාව බොරු කතාව ඒක පවතින්නෙ නෑ. එතකොට අර fake එක. එතකොට මගේ එතන සිත නතර වෙන ඒ ස්වභාවයකින් තිබුණා.
ඊට පස්සේ දැන් මම බැලුවා මේ පල්ලෙහා කෑල්ල තමයි මම හුඟක් තදින් බැලුවේ. එහෙම නම් මේ විදිහට කවුරු හරි කෙනෙක් සතියක් තියෙනවා නම්, සතිමත් වෙනවා නම් ඒ මනුස්සයට මේක ඉවරයි. ඇයි උඩ එක නිසා කරකවන්නේ නෑ. ඉතින් ඕක නේ බුදුහාමුදුරුවෝ කිව්වේ “සාතං අසාතං” කියන එක.
දැන් සාතයි කියන එක අපි දන්නවා ප්‍රියේහි විප්පයොගය කියලා. අසාතයි කියලා ගන්න පුළුවන් අප්‍රියේහි සම්ප්‍රයෝගය. එතකොට මෙන්න මේක නිසා තමයි මේකෙ මේ කැරකිල්ල. අර කාමච්ඡන්දය, “පහොති ඡන්දො” කියලා කියන්නේ. ඒ ගාථාවත් එක්ක මට පෙනුණා මේක නිසා තමයි මේ ඡන්දය ඇති වන්නේ මෙහෙම වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔය කතාව නෑ. එතකොට අර උඩ තියෙන ප්‍රිය රූප කතාවයි, මෙතන මේ සාත කතාවයි මේ දෙකෙන් තමයි මේ කරකවන්නේ කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් ඕකේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. විවිධාකාර විදිහට ආකිඤ්චන සමාධිය. ඉතින් ඒකෙදි මොකද අර මම අර ඉන්ද්‍රිය තුන ගත්තා, සති ඉන්ද්‍රිය එකෙන්. සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. අර ඒ භාවනාවේ කොටස සම්බන්ධ කළා. එතකොට ඉද්ධිපාද හතර සහිතව සමාධි ඉන්ද්‍රිය එහෙම ම තියෙනවා නම් හරි කියන එක. ඒක තමයි කරපු භාවනාව.