ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරනවා නම් එතන සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කලින් ම කිව්වා අර ඉන්ද්‍රිය බල ධර්ම භාවනාවක් කරලා තියෙනවා දෙසැම්බර් මාසේ 30 වැනිදා අන්න ඒක කරන්නේයි කියලා, ගිය අවුරුද්දේ. ඉතින් ඒකේ තියෙන්නේ මේ මනවඩනා ධර්මයෝ ඇත. ඒවා අභිනන්දනා කරනවා නම් පරිහානියයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ධර්මය අභිනන්දනා කිරීම කියන එක සිද්ධ වෙන්නේ අට වැනි රවුමෙන් පස්සේ.
ඉතින් මේ වෙලාවෙදි අපි අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යනවා කියන එක ඉගෙන ගත්තයි කියන්නේ, වේදනාවෙන් චේතනා, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, සඤ්ඤා. ඒ විදිහට යන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන විදිහත් ඔය විදිහට නේ බලන්නේ. එතකොට ඉතින් අපි දන්නවා ඉතින් අවිද්‍යා ආශ්‍රව වෙන්න ඉස්සෙල්ලා ඒ කාම ආශ්‍රව එහෙම සිද්ධ වුණා කියලා. එතන දී ඔය සබ්බාසව සූත්‍රයෙත් කියලා තියෙනවා අවිද්‍යා ආශ්‍රවවලින් අපි කාම ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රව වෙනවා කියන එක කාමා ආශ්‍රවයෙන් සිද්ධ වුණා. දැන් ඉතින් අවිද්‍යා ආශ්‍රවය නිසා මේක කැරකෙනවා, රෝදය කියන එක.
එතකොට මේකෙ ජල ධාරාව පැවැත්වීම කියන එක කාම ආශ්‍රව සහ අනෙකුත් ආශ්‍රවවලින් වෙනවා කියලා. ඉතින් ඒකෙ මතකයි ඒ රෝදයේ උඩින් වතුර වැටෙනවා. යටින් එකතු වන ජල ධාරාව සංස්කාර නිසා ඒක කැරකීමට උදව් වෙනවා. ඒ පාර රෝදය කියන එක පඨවි ධාතුව විදිහට ගත්තා, ජලය ආපෝ ධාතුව විදිහට ගත්තා. ජලය වැටීම නිසා කැරකීම සිද්ධ වෙනවා, මේකෙන් යම්කිසි වේදනාවක් හටගන්නවා ද මේක තේජෝ ධාතුව. ධාතු හතර මේ විදිහට, “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” එතකොට ඒක ධාතු, ධාතු වශයෙන් දන්නේ සමතික්‌කම විභූතිය දක්වා යනවා කියලා.
පළවෙනි එකට ඉතින් ධාතු වශයෙන් දැනගෙන, ඒක ඥාත විභූතිය, මගේ යැයි නොගැනීම. දෙවැනි කාරණයට එනවා මේක කැරකැවීම ලෙස දැනගෙන අනිත්‍ය ස්වභාවය. මේක ලොවට ම සාධාරණ ධර්මයක් බව දැනගන්නවා. ඒ තීරණ විභූතිය කියන එක. ඊළඟට කැරකීම පහ කිරීම, කැරකීමට නොසතුටු වීම කියන එක ප්‍රහාණ විභූතිය. ඒ රූපය අල්ලලා ඇති වූ ක්‍රියාවලියක්, නාම කොටසක් බව දැනගෙන පහ කිරීම සමතික්‌කම විභූතිය. එතකොට මේ විදිහට මේක කළහම අර කලින් වගේ ම අර ආලෝකය, හය වෙනි ධ්‍යාන සහගතව ආලෝකය ප්‍රභාස්වරව ඒක හොඳට ඒක ඒ විදිහට ම තියෙනවා කියන එක ඒක ආවා. ඉතින් ඒකත් ඇවිල්ලා ඒ පාර මම මේක නිතර ම සම්බන්ධ කරනවා නේ, ඒ ඊයේ කරපු භාවනාවත් එක්ක. ඒ සම්මා දිට්ඨිය කියන එක මම ඒ භාවනා කොටස ඒක කළා.
ඉතින් එකේ දැන් ඔතනදි අපි ආවේ ධාතු කියල නේ. එතකොට ඒ ධාතු කියන එක ආවයින් පස්සෙ දැන් අපි දන්නවා අර තණ්හා, මිච්ඡා දිට්ඨි, අත්තා, භව ආශ්‍රවය කියලා ආවා කියන එක. අර උඩ කෙළවර ධාතු. ඉතින් ඔය pyramid එක කැරකෙනවා. දැන් මෙතන මේ කැරකැවෙන්නේ නැත්නම්, පහළ base එක කැරකෙන්නේ නැත්නම්, අවිද්‍යා ආශ්‍රව base එක කැරකෙන්නේ නැත්නම්, උඩ කරකැවිල්ලක් නෑ. කැරකෙන්නේ නැත්නම් ඉතින් ඕක ධාතු, ධාතු වශයෙන් ඒක තියෙනවා කියන අර්ථය තියෙනවා.
ඉතින් මේක මේ භාවනාව එහෙම දිගට කරගෙන ගියා. ඉතින් මෙතැන දී මම කල්පනා කළා ඉතින් මේක තේරුම් අරගෙන අර සාත අසාත කතාවට ආවා. අසාත, අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක අසාත කතාව. සාත කතාව ප්‍රියේහි විප්පයොගය කියන එක. ඉතින් අර lines 5, 6 ඒවා කපාගෙන එන එක ඇවිල්ලා. මේ විදිහට සතිමත් වෙනවා. සති ඉන්ද්‍රිය කියන එක එතන ඒක මම ගත්තා, ඉතින් අර මිච්ඡා දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන් නැති වෙනවා නේ, සම්මා දිට්ඨියේ තියෙනවා නේ සමුදයක් අස්තංගමයක් කියන අර්ථය ඒකෙ තියෙනවා.
ඉතින් ඒකෙන් මම කෙළින් ම ආවේ අද සමාධි ඉන්ද්‍රියට, පල්ලෙහා. සති ඉන්ද්‍රියෙන් සමාධි ඉන්ද්‍රිය. ඒ සමාධි ඉන්ද්‍රියේ කතාවේ දී එකින් එකට අර ඡන්ද සමාධිය, ඒ විදිහට අර මෙත්තාව තියෙන්න ඕනේ. අර මෙහෙම line එකේ ඉන්න පුළුවන් වෙන්නේ මෙත්තාව තියෙනවා නම් කියන එක කිව්ව නේ, ඉද්ධිපාද එකේ. එතකොට අර හය වෙනි ධ්‍යාන සහගතව එතන තියෙන එක. එතන චිත්ත ඉද්ධිපාදය.
එතකොට විරිය ඉද්ධිපාදයට ආවා. ඒකෙ විරිය ඉද්ධිපාදයේ තියන හතුරෝ දෙන්නා අර පලාසයයි, මේ පැත්තෙන් තිබෙන්නා වූ ඒ කුලමච්ඡරිය කියන එක. ඒක බැලුවා ඉතින් ඒක මට ඒක හොඳට තේරුණා. මොකද පලාසයේ තියෙන්නේ සංස්කාරවල විෂමතාවය. සංස්කාරවල විෂමතාවය කියන එක නිසා තමයි වෙන් කර කර අපි මේ පැත්තෙන් යන්නේ එක එක කුලයක්. අර පෙර හිටපු කුලය හොඳයි ආදී වශයෙන්. දැන් මුලින් කිව්ව නේ දෙකක් එපා කියලා. දැන් ඒ කියන්නේ ඡන්ද ඉද්ධිපාදයත් චිත්ත ඉද්ධිපාදයේදිත් වේදනාව අල්ලගෙන එපා කියලා කිව්වට, අර පෙර ගත්තා වූ එක නිසා අතන සංස්කාරවල විෂමතාවයෙන් ආපහු නැවතත් අපි වේදනාවට යනවා නම් අපේ කුලමච්ඡරිය කියන එක ආපහු හැදෙනවා. එතකොට මේක නොවන්න තමයි මේ විරිය ඉද්ධිපාදය එතනදි අපි ගන්නවා ඔය සංස්කාරයන් කියන ඒවා එතන නොවෙන්න.
එහෙම ඒක හොඳට අරගෙන ඊට පස්සේ එතනින් ගත්තා දැන් විමංසාව කියන එක. මේ සංස්කාර මගේ නොවෙන්න නිකම්ම බෑ. විමංසාවෙන් කියන්න ඕනේ. එතකොට විමංසාවට ගියා, ඒ කියන්නේ උඩ කෙළවරට යනවා ප්‍රඥා ඉන්ද්‍රිය, අර එතන දී පෙන්නුවා නේ අර අත්තා කියලා පල්ලෙහාට බහිනවා. ඒක තේරුම් අරගෙන ඒක නොගන්න ගන්න ඕනේ කියලා. අර B point එක ගැන සාකච්ඡා කරා නේ ප්‍රඥාව ඇති නම් අපි සාඨෙය්‍ය වන්නේ නැහැයි කියලා. ජරාවට පත් වෙනවා කියලා දැනගෙන ඒක ගන්නෙ නැතිව.
ඉතින් මෙහෙම කළාට පස්සේ ඉතින් මේ විමුක්තීන් ඒවා ඔක්කොම තියෙනවා. මට මේ මම දැක්කා මහා විශාල කුරුල්ලෙක්. ඒ මහා විශාල කුරුල්ලා කියලා කිව්වට මට එකපාරට ම තේරුණා මේක අර ග්‍රහලෝකය නේ ද කියලා. අර ඈත තියෙන ග්‍රහලෝකය. ආන්න ඒක. මම ඒ ග්‍රහලෝකය දැක්කා. ඒ විදිහට දැකලා ඊට පස්සේ ආපහු ඒ පෘථිවියේ scenes තියෙන්නේ උඩ ඉඳන් බලනකොට ඈතට කඳු කඳු ඔක්කොම. ඒවා සහගතව ඒවා ඔක්කොම දැකලා.
ඊට ඉස්සෙල්ලා ඔය අකනිට්ඨාවත් මට අල්ලගන්න වුණා එක වෙලාවක. ඒ වෙලාවෙදි ඒ හාමුදුරුවරුත් දකිනවා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේලා එතන එහෙමයි කියන එක.
ඔය විදිහට සම්පූර්ණයෙන් ගිහිල්ලා අන්තිමට මේ blank නිරෝධයට ගිය අවස්ථාවක්. ඊට පස්සේ රහතන් වහන්සේ, එලියට ආවා ම මට “ඇති” කියලා කිව්වම මම නැවැත්තුවා.
එක තමයි කරපු භාවනාව.