ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන යම්කිසි ප්‍රදේශයක් ඇත්ද එහි සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා. මේ විදිහට හතර නමක් සිහි කරා. ඊට පස්සේ ආපහු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා, දහ වෙනිදා පෙබරවාරි මාසේ 2015 අනාශ්‍රව චිත්ත භාවනාව, ඒක කරන්නෙයි කියලා පැවසුවා. එතකොට ඒකෙ තියෙන්නෙ, අර ලෝභය නැති කරමි කිව්වම ලෝභය, කාමච්ඡන්දය ජරා වන රූපයකට තිබෙන්නා වූ කැමැත්ත. ඉතින් මේ වගේ දෙයක් අරගෙන මෝහ වීම කියන එක තියෙනවා. ඊට පස්සේ වේදනාව අල්ලලා මේ ජරා වන වේදනාව සමඟ තමයි ජීවත් වෙන්නේ. ඒක නේ ද්වේෂය කියන්නේ.
එතකොට ඒ භාවනාවේ දී මම අර මෙනෙහි කළා අර අපි දන්නව නේ lines වලින් එන්නේ 5, 6, 7, 8 ඔය විදිහට අප්‍රියේහි සම්ප්රයෝගය, ප්‍රියේහි විප්පයොගය දක්වා යන්නේ, අන්න ඒක සිහි කළා. ඒක සිහි කළා ම ඉතින් ඒකේ එනවා මේ ජරා වන රූපය නිසා වන සඤ්ඤා අගය අපි ඉගෙන ගත්තා අප්‍රියේහි සම්ප්රයෝගය තුළට ආවා කියලා. ඒකට ආවයින් පස්සේ ඒක 5.3 කියන එක දක්වා යනවා සඤ්ඤාවේ ජරාව බවට පත් වුණා.
එතකොට දැන් එහෙම නම් අපිට පේනවා මුලින් අපි ඕක පටන් ගත්තම සඤ්ඤාවේ ඉඳන් පරාමාසය දක්වා ආවා එකක්. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා ඇති වෙනවා කියලා. පහළින් අපිට පේනවා දැන් අප්‍රියේහි සම්පයොගය නිසා ආපහු ජරාවට යනවා කියන එක. ඉතින් ඕක තව ටිකක් දික් කළොත් ඕක යන්නේ නන්දියට. දැන් එතකොට අපිට පේනවා අර අපි ඊයේ බලපු ධර්මය තියෙනවා නේ අපේ තණ්හාවෙන් චේතනාව. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය. ඒ මිච්ඡා දිට්ඨියෙන් අපි ආපහු භව ආශ්‍රවයට. එතකොට උඩට ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට එනවා කියන එක. දැන් මේකෙදි පේනවා මෙහෙම පල්ලෙහාට සඤ්ඤා, පරාමාස. පල්ලෙහාට අප්‍රියේහි සම්පයොගය, ජරාව, උඩට, එතකොට මේ පැත්තට කැරකීම කියන එක සිද්ධ වෙනවා කියලා.
එතකොට මේක දැකලා ඒ සිත නතර වීම කියන එක ඒකෙදි සිදු වුණා. එතකොට මේ ඉන්ද්රියයන් තුනේ බලපෑම මම සිහි කළා. සති ඉන්ද්රිය, ඒ විදිහට, ඒකෙ ආශ්‍රව නිසා කැරකෙන්නා වූ ඒ pyramid එක නතර කිරීමට ඇති හැකියාව කියන එක.
එතකොට ප්‍රඥා ඉන්ද්රිය මගින් අපි දන්නවා B point එක නොසාදනවා කියලා. ඒ කියන්නේ මානය අඩු වෙනවා. ඒ කළ නොහැකි බව දැනගන්නවා. එතකොට මේ නිසා දිට්ඨි ආශ්රවයත් එයට පැමිණෙන්නා වූ ධර්මයෝත් බැසගෙන යනවා කියලා තියෙනවා. Subside වෙනවා.
ඊළඟට අර සමාධි ඉන්ද්රිය කියන එක බැලුවොතින් මාන පාර මගින් එන බලපෑම කියන එක පහ කරනවා. එතකොට කාම ආශ්‍රව වීමට ඇති හැකියාව පහ කෙරෙනවා. අර පල්ලෙහාට එන lines අනුව තමයි මේ කල්පනා කරන්නේ. සති ඉන්ද්රිය මගින් ඉතිරි ඉන්ද්රියයන් දෙක, ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය මගින් නවතන ලද යම් රූප හෝ ධර්ම කොටසක් හෝ වේ ද ඒක පවත්වනවා. මේ නිසා කාම ආශ්‍රව නොවීමත් දිට්ඨි ආශ්‍රව නොවීමටත් වග බලා ගන්නවා, කියන එක එනවා. එතකොට ඔය පථය දැන් මේ බලාගෙන යන්නේ මේ හැදෙන විදිහ බලලා, ඒකෙන් මට පේනවා දැන් මේක මේ ඉන්ද්‍රියන් තුනෙන් මේ විදිහට මේක සිද්ධ වෙනවා. මොකද දැන් ඒ pyramid පිරමිඩ් එක ඇතුළේ දැන් අපිට පේනවා අපිට මේ විරිය ඉන්ද්‍රියයි, ශ්‍රද්ධා ඉන්ද්‍රියයි ඇතුළේ තියෙන්නෙ කියන එක. එතකොට දැන් මේකෙදි ලස්සනට පැහැදිලි වෙනවා අපි ඉරක් ඇඳ ගත්තොතින් කොටුවක් කාම ආශ්‍රව, අර pyramid එකේ කෑල්ල. Slice එක ගන්නවා කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා triangle එකක්.
එතකොට ඒක කපාගෙන යනවා අපි තවත් අර තරුවක් වගේ එකකින්. කොහොම ද ඒ? කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන line එකට උඩින් සතිය කියන එක ලියනවා. දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා ලියලා නේ තියෙන්නෙ මේ පැත්තෙන්, දකුණු අත පැත්තෙන් අපි ප්‍රඥා කියලා ලියනවා. අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව කියන එකට වම් අත පැත්තෙන් සමාධිය කියලා ලියනවා.
එතකොට අපි අර ළමයි තරු අඳින්නේ අන්න ඒ වගේ දැන් ඔන්න ඉරි කෑලි තුන යා කරනවා. සති, ප්‍රඥා, සමාධි, කියන එකට. සමාධියේ ඉඳන් ආපහු සතියට. ඒක ආවයින් පස්සේ දැන් අපිට පේනවා මේ සති ඉන්ද්රිය කියන එක ගත්තහම අපි වම් අත පැත්ත බලනවා. වම් අත පැත්ත බැලුවම අපිට පේනවා සති ඉන්ද්‍රියේ ඉඳන් සමාධි ඉන්ද්‍රියට තියෙන රේඛාව මගින් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන එක එයා එතනින් කපනවා. ඒක කැපීම කියන එක සිද්ධ වෙනවා. කාම ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යනවා කියන එක නවත්වනවා.
ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්රිය කියන එක අපි බලනකොට ප්‍රඥාවේ ඉඳන් සතිය දක්වා තියෙන රේඛාව බැලුවොතින් එතනින් පෙන්නනවා මේ කාම ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට එන්නා වූ එක කියන එක අයින් කරනවා. දිට්ඨි ආශ්‍රවයෙන් අර අවිද්‍යා ආශ්‍රවයට යන්නා වූ කියන දේ එයා නැති කරනවා කියන එක පේනවා.
ඊට පස්සේ අපි එතන සමාධි ඉන්ද්රිය කියන එක බැලුවම ඒ සමාධි ඉන්ද්‍රියේ ඉඳන් ප්‍රඥාවට තියන රේඛාව තමයි අපි සලකලා බලන්න ඕනේ. එතැන දී එයා පෙන්නනවා මෙතන මේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එන එක අර මාන පාරෙන් ඇති වෙන්නා වූ බලපෑම වශයෙන් එතන අපි බලනවා, ඒක කැපෙනවා කියන එක. ඊට පස්සේ එයා යන්න දෙන්නේ නෑ මේ කාම ආශ්‍රවය කියන එකට ඇති හැකියාව කියන එක එයා පහ කරනවා කියන එක. එතකොට මේ තරුව තියෙනවා. ඉතින් මේක ආලෝකය සහිතව ඉඳලා ඉතින් නිරෝධයට ගියා. ඒ විදිහට ඒක පැවතුණා.
ඒක තමයි ඒ භාවනාව.