ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ යම් ප්‍රදේශයක වාසය කරනවා ද ඒ ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරලා, ඒ විදිහට පැවසුවා. ඒ විදිහට ම බුදුපියවරු දාහතර නමට ම වැඳ නමස්කාර කළා සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.
භාවනාවට පෙර ඒ රහතන් වහන්සේ මට කිව්වා අපි කරපු භාවනාවක් තියෙනවා මේ දාහතර වෙනිදා ජනවාරි මාසේ 2015. ඒකෙදි බැලුවා මේ අපි පෙන්නනවා නේ අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට කියන එක A කියලා. එතකොට ඒක නිත්‍යයි පෙර ගත්ත නිසා සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියලා තියෙනවා. ඊට පස්සේ අර A, B, C, D, E මතකයි නේ. එතකොට මේකෙ මේ නිත්‍යභාවය මොන රවුමේ ද කියලා කියන එකයි භාවනා කළේ.
ඉතින් මෙතෙන්දි අර දිගට ම ධර්මයේ අර 5, 6, 7, 8, 9, 10, 11, 14 ඔය විදිහට දිගට ම ගිහිල්ලා එතෙන්දි අපි ඉගෙන ගත්තා ඒ මිච්ඡා දිට්ඨි කියන අගය පළමුවෙන් ම ජාතිය කරා එනවා. එතකොට මේකට සමාන්තර ධර්මය මේකෙ බලන්න ඕනේ. එහෙම නම් අපි අභිජ්ඣා වෙලා තියෙනවා, අර දෝස අගතියේ ඉඳන් අපි අභිජ්ඣාවට එනවා කියන එක.
එතකොට අභිජ්ඣා වීම සමඟ චේතනා වෙනවා කියලා ඒකෙදි මට තේරුණා. මේක සිද්ධ වෙන්නේ මේ 6 වන රවුම අවසානයේ දී චේතනා වෙනවා. මොන ආකාරයට ද අර දෝමනස්සය දක්වා පැමිණීමෙන් අපි සෝකය 5.4 ඉඳන් 6.4 දක්වා පැමිණෙනවා. ඊට පස්සේ මේ 6.4, 7.4 දක්වා උපායාසය යන්නෙ. ඉතින් 6න් පස්සේ මේක වෙන්නේ කියලා. එතකොට මෙතන දී අපිට වැටහීමක් ඇති වෙනවා ඔය දෙකේ රවුමේ දී හත වෙන කොටත් නන්දියක් ඇති වෙලා තියෙනවා. එතකොට රූපය එහෙම මැරිලා ආපහු 2.4 ආපහු උපද්දවලා මෙතන මේ නන්දි වෙලා.
ආපහු අපි දන්නවා මේ 6.4 වෙනකොට ආපහු ජාතියක් ඇති වෙලා. ඔතෙන්දි 4.4 දිත් ජාතියක් ඇති උණා නේ වේදනාව නිසා. දැන් රූපයයි වේදනාවයි නිසා. එතකොට මෙතෙන්දි පේනවා මේ රූපය කියන එක ජරා වන රූපය, දිරන රූපය. මේක නිසා ම දිගින් දිගට ම අපි මේ දැන් චේතනා කරන තත්වයට ඇවිල්ලා. දැන් නන්දිය ආවා ම නන්දිය උණයින් පස්සේ ඕක අපි චේතනා වෙනවා.
එතකොට දැන් මේක බලලා ඉවර වෙලා මම ඊයේ භාවනාවත් එක්ක බැලුවා. ඊයේ භාවනාවෙදිත් අපිට පෙනුණා මේ ජරාව. අප්‍රියේහි සම්ප්‍රයෝගය ජරාව. ජරාවෙන් අපි නන්දියට යනවා කියලා. නන්දිය දක්වා ඒක දික් වෙනවා කියලා. එතකොට මේ කැරකීම කියන එක. ඒ පාර මම බැලුවා මේ ඉන්ද්‍රියන් කියන ඒවා තුන. සති, ප්‍රඥා, සමාධි ඉන්ද්‍රිය. අර star එක වගේ එනවා නේ. ඉතින් එතකොට ප්‍රඥා ඉන්ද්‍රියෙන් පටන් ගත්තා. ඒකෙදි අර B point එක කියන එක හදන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මේක දැන් ජරාවට පත් වෙලා තියෙන දෙයක් නිසා, මේක හදන්න පුළුවන්කමක් ඇත්තේ නෑ.
එතකොට අර sample එක ගත්තා කියලා, ඒ කියන්නේ 2.4 දී මළා, 4.4 දී මළා, 6.4 දී මළා. එතකොට මේ මනුස්සයට ප්‍රඥාවක් තියෙන්න ඕනේ මේක කොච්චර කරත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. අන්න ඒ විදිහේ ප්‍රඥාවක්. ඒක තියෙනකොට ඉතින් ඒක නිසා අපි මේ දිට්ඨි ආශ්‍රවය කියන එක වෙන්නෙත් නෑ. ඒකට පැමිණෙන්නා වූ ධර්මය ඒකට බැසගන්නේ නැහැයි කියන එක, ඒක තියෙනවා. එතකොට ඒ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් ඒ විදිහට ඒක නවත්වනවා කියන එක ආවා.
ඊට පස්සේ බැලුවා මේ සමාධි ඉන්ද්‍රිය කියන එක. එතකොට ඒ සමාධි ඉන්ද්‍රියේ දී අපිට පේනවා අපි සංස්කාර කියන කොටස, ඒ සංස්කාරයන් නිසා මේ ඇති වෙන්න දෙන්නෙ නැහැ කියන අර්ථය තියෙනවා. සංස්කාරයන්, ප්‍රඥාවෙන්, විමංසාවෙන් කියනවා ඒ සංස්කාරයන් ගන්න එපා කියලා. එතකොට සමාධියේ දී මේක ගන්නෙ නැහැයි කියන එක.
ඉතින් මේ සමාධිය දැන් මම මේ අවස්ථාවේ දී බැලුවා මගේ සමාධිය හරි ම උග්‍රයි. මම බැලුවා මේ සමාධිය මේ තථාගතයන් වහන්සේ කියන සම්මා සමාධිය ම යි මේ කියන්නේ. ඒ කියන්නේ අනිත් ඉන්ද්‍රියයන් ඔක්කොම සහිතව තිබෙන්නා වූ මේ සමාධිය. එතකොට ඒක ඒ විදිහට ගත්තා. රහතන් වහන්සේ “සාදු” කියලා කිව්වා. ඒ සමාධියේ දී මම බැලුවා මොකද මේ මට දැන් මම ඒ පාර නිරෝධයටත් යනවා කියලා මම දන්නවා. මට රූපත් පෙනුණා. මේ ස්ථානය ගැනත් අතීත භවවල ඒවා. මම බැලුවා මොකද මේ තරම් ම මේකක්. මට තේරුණා මේ අර ඉස්සෙල්ලා කරපු භාවනාවෙන් මේ සති ඉන්ද්‍රිය කියන එක බොහොම ප්‍රභාස්වර ස්වභාවයට පත් වෙලා.
මොකද මේකේ ජරාව ම යි කියන එක තියෙනවා. මේක ජරාවට පත් වන දේ මේක හදන්න පුළුවන්කමක් ඇත්තෙ නැහැයි කියන එක හොඳින් එයාගේ ඒක පෙන්නනවා. ඒක නිකම් විතරක් නෙවෙයි එතන දී පෙන්නනවා, ඒ රහතන් වහන්සේ පෙන්නුවේ මේක “ඉතුරු ඉන්ද්‍රිය දෙක මගින් නවතන ලද යම් රූප හෝ ධර්ම කොටසක් කියලා නේ.” එතකොට ඒක පවත්වනවා කියලා.
ඉතින් ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් කිව්වා නේ තථාගතයන් වහන්සේ මේ මුසාවාද, පරුෂා වාචා ඒවා එපා. මේක මේ කිසිම ආකාරයකින් මේ සමාධියක් අල්ල ගෙනවත් තමන්ට ඉන්න බෑ. එතකොට ඒක වටිනවා මේ ධර්මය හුඟක් ගැඹුරට දැකලා තමන් ම අධ්‍යයනය කරලා, මේවා කරලා භාවිතා කරගන්නේ නැති මනුස්සයට වුණත් බුදුහාමුදුරුවන් ගැන කියන කතාව එනවා නම් ඒ පුද්ගලයාට පේනවා මේ සමාධියට කිසිම ආකාරයකින්වත් ඉන්න බෑ කියන එක තියෙනවා.
එතකොට මේ විරිය ඉන්ද්‍රිය මගින් අර රූපය ස්පර්ශ වෙන්න දෙන්නෙ නැතුව ඒ විදිහට ඒ දේ තියෙනවා කියන එක. එතකොට එහෙම නම් අපි එක පැත්තකින් අර “විවිච්‌චෙව කාමයෙහි විවිච්ච අකුසලයෙහි ධම්මෙහි” කියලා අර විරිය මගින් අපි ඒ ගමන් කරනවා, ඒ සමාධිය භාවිතා කරලා ධ්‍යානයන්ට යනවා. අර චිත්ත පාරිශුද්ධය කියන එක එහෙම ඇති වෙනවා.
ඉතින් මේක පුදුමාකාර සමාධි සහගතයි. ඒ නිරෝධයට යනවා කියන එක පේනවා. මේ අතීත මහා භවවල හුඟක් ඒවයි ඒවා බලන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. ඉතින් තියෙන්නේ අර ඊයේ භාවනාවට සම්බන්ධ කරන්න ඕනේ අර සතියෙන් ඇති වෙන්නා වූ භාවනාව. අන්න ඒක තමයි ඒකෙ වටිනාකම.
ඒක තමයි මං කරපු භාවනාව.