ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්, සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් මට ඕනකම තිබුණේ ඊයේ භාවනාව ම නැවතත් කරන්න. ඉතින් ඒක ඒ විදිහට කරගෙන ගියා. මේකෙදි අර සති ඉන්ද්‍රිය කියන එක ටිකක් වැඩියෙන් කළා. අර “ඉති රූපං ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අස්තංගමෝ.” ඒ වේදනාව චිත්තානුපස්සනාවටත් ආවා. එතකොට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන ඒවායේ සමුදය අස්තංගමය කියන එක, ඒක බැලුවා. එතනදි ඒක බලලා අර ඊයේ භාවනාවේ දී පෙන්නුවා නේ අර 6.7 උණයින් පස්සේ චේතනා වෙනවා කියන එක. එතෙන්දි නේ නිත්‍යභාවය ඇති වෙනවා කියලා කිව්වේ.
එතකොට එතෙන්දි අර මැරෙන විඤ්ඤාණය කියන එක ආපහු හදන්න බෑ නේ. එතකොට ඒ කියන්නේ අර B කියන point එක හදන්න බෑ කියන එක තියෙනවා. මාන නොවිය යුතු ය. පුනපුනා මිය යන විඤ්ඤාණය සෑදිය හැකි ද? මෙය නොහැකි ය.
එතැන දී රහතන් වහන්සේ පෙන්වලා දුන්නා වචනයක් “මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතු ද එය සපයා දෙයි” මේ නිසා ප්‍රඥා ඉන්ද්‍රිය මගින් දිට්ඨි ආශ්‍රව නොවෙයි. කුමක් නිසා ද? චේතනා නැත. ඉතින් මෙතැන දී භාවනාවට පෙර ම මට ආවා ඕක උදේ හිතනකොට ම අර අපි දන්නවා ඉහළ ම වූ ප්‍රඥාව තුළ තියෙන්නෙ දුක්ඛ නිරෝධය විතරයි නේ. කිසිම එකකට අල්ලන්නේ නැහැයි කියන එක තියෙනව නේ. එතකොට අන්න ඒ මහා ගැඹුරකට එතන මට වැටහෙනවා එතන. ඒ විදිහට මම බැලුවා දැන් අර ඉතිරි භාවනාවන් දෙක ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන එකයි සති ඉන්ද්‍රියයි ඔය විදිහට බලලා ඉවර වෙලා ඒ විදිහට ශ්‍රද්ධාව කියන එක ඒ තථාගතයන් වහන්සේ පැවසුවා, ඉතින් අර මුසාවාද එහෙම එපා කියලා නේ ද. එතකොට දැන් සමාධියක් නැති කෙනෙකුට වුණත් ඒ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් මේක මෙහෙමයි කියන එක වැටහෙනවා නම් ඒ ඉතින් ඉහළ ම ධ්‍යානයක් වුණත් ඕවත් ඔච්චරයි කියන අර්ථයට එනවා.
ඉතින් ඒ වගේ ම විරිය මගින් රූප ස්පර්ශය නවත්වනවා. එතකොට දැන් මට පේනවා මේ දෙකෙළවරවල් දෙක. රූප ස්පර්ශය කෙළවර කතාව නැවැත්තුව මේ සංස්කාර කොටස, චිත්ත සංස්කාර වේවා කාය වේවා ඒවා ඔක්කොම එතනින් අර handle එක වගේ කරකවනවා කියන එක සම්පූර්ණයෙන් නවත්වනවා. දැන් එයා නැවැත්තුවා ම ඒ දෙක මගින් නැවැත්තුවට පස්සෙ සති ඉන්ද්‍රිය මගින් අර ඒ නවත්වන ලද ධර්මයන් තියෙනවා ද ඒක පවත්වනවා. ඒක වෙන්න දෙන්නෙ නැතුව පවත්වනවා. පවත්වලා ප්‍රඥා ඉන්ද්‍රියට support කරනවා. සති ඉන්ද්‍රිය මහා විශාල දෙයක් මෙතන කරනවා කියන එක.
ඉතින් මට තේරුණා මේ ඔක්කොම මේ ඉන්ද්‍රිය පහ ම හොඳ ලස්සනට තියෙනවා. එතකොට මේ එන සිතිවිලි දැන් මම සිත නතර වෙලා එහෙම මම ඔහොම ඉන්නවා. ඊට පස්සේ යම්කිසි විදිහකට පටන් ගැනීමක් තියෙනවා ද ඒ පටන් ගැනීමට ආ සිතුවිලි පවා මම දන්නවා.
එතකොට මට තේරුණා අර ඒක නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අර “සරාගං වා චිත්තං සරා ගං චිත්තං ති පජානාති” අර විමුක්ති සහගතව චිත්තය තියෙනකොට, විමුක්තිය සහගතව චිත්තය කියන එක, ඒක දන්නවා කියන එකේ ඕවා ඔක්කොම දැනගෙන හිටියා. ඉතින් එතැන දී ඔය විදිහට ගිහිල්ලා දැන් මේක තේරෙනවා, මේ ඒ කිසිම දේකට ලෝකයේ ඉන්න ඕනෑකමක් ඇත්තේ නෑ. කිසිම දෙයක් නෑ ඉන්නයි කියලා.
එතකොට එහෙම නම් අකනිට්ඨාව කියන question එකට ආවා. එතෙන්දි ගත්තා මේ දන්නා වූ තථාගතයන් වහන්සේලා ම තමයි මෙතන යන්නේ කියලා කිව්වේ. එතකොට ඒ ශ්‍රද්ධාව අනුව ඒ ගමන යනවා කියන එක මම පැවසුවා. මේ ලෝක සත්වයා දුකින් මිදීම පිණිසයි මේක මේ යන්නේ කියලා. එතකොට රහතන් වහන්සේලා කිව්වා “මේ ධර්මය දැන් හතෙන් දෙකක් දැන් දීලා තියෙනවා” කියලා. ඒ දුන්නා කියලා කිව්වේ ඒක ගැන යම් හෝ ආකාරයක හැඟීමක් ඇති වුණා, නමුත් ඒ තරම් ලොකුවට සැලකීමක් කියන එක ඒකත් ඒ අවස්ථාවේ දී ඒක නැතෙයි කියන එක මට තේරුණා.
ඉතින් ඒක තමයි ඒ කරපු භාවනාව.