උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන්ගෙන සහම්පති බුදුපියාණන් දක්වා.
මම පන්සිල් ගැනීම කියන එක කරගෙන ගියා බොහොම කාලෙකට පස්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්යානයට යමි. එතකොට මම මේක කරගෙන යනකොට මේ එකින් එකට මට එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා චතුත්ථධ්යානයට යමියි කියනකොට අර ඉන්ද්රිය පහ ම සහිතව මම ඒක කියනවා. එතකොට අර, ඉද්ධිපාද වඩමියි, කියලා කියනකොට මට පේනවා ඒ ඔක්කොම තියෙනවා. මෙතන මේ ඔක්කොම ඉද්ධිපාදයන්ගෙන් ඒවා ඇති වෙලා තියෙනවා කියන එක. ඒ ඉන්ද්‍රියන් එහෙම තියෙනවා. ඒ සප්ත බොජ්ඣඞ්ගය කිව්වහම මුළු බොජ්ඣඞ්ගය ම. බොජ්ඣඞ්ගය එකින් එකට සතියේ ඉඳන් ප්‍රීතිය, ධම්මවිචය ඔය විදිහට ඔය ඔක්කොම තියෙනවයි කියන එක මට තේරුණා.
එතකොට ඒ අරි අට මඟ හරහා භාවනාව කරගෙන ගියා. දුක්ඛ සත්‍යය, සමුදය අස්තංගමය මෙනෙහි කිරීම. එතකොට ඊයේ භාවනාවත් එක්ක මේක සම්බන්ධ වුණා. අර සම්මා සතිය කියන එක මගින් ක්‍රියාවලියන් දෙකක් කරනවා කියන එක මට මෙතනදි තේරුණා. පළමුව ම රූපයන් දැක්කම ඒ පිළිබඳව මිච්ඡා දිට්ඨි අගය ඉවත් කරනවා. ඒ නිසා අත්තා වීම වැළැක්වීම මගින් භව ආශ්‍රවය නොවීමට ප්‍රඥා ඉන්ද්‍රියට උදව් උපකාර කරනවා. ඒක එක පැත්තක්.
ඊළඟට අපි දන්නවා අර දැන් එතෙන්දි අපිට පේනවා අර අත්තා කියලා, චේතනාවෙන් අත්තා කියලා ආපහු මෙහාට යන කතාව. භව ආශ්‍රවයට යන එක නැති වෙනවා කියලා.
ඊළඟට ආපහු පේනවා දෙවනුව අර 6.4, 6.7 උණා ම චේතනා වෙනවා. 6.4 උණා ම අපි ජාතිය නේ. අන්න ඒකට ඉඩ දෙන්නේ නැහැයි කියන එක තියෙනවා. එතකොට මෙසේ මිච්ඡා දිට්ඨි අගය මුලින් ඉවත් කිරීමෙන් ද, නන්දි ස්වභාවය නිසා ඇති වන නිත්‍ය ස්වභාවය ඉවත් කිරීම ද සති ඉන්ද්රිය මගින් සිදු කරයි. සමාධි සහගත හිටියා නිරෝධයට ගියා කියන ඒක කියන්න පුළුවන්.