ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ බුදුපියාණන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ වාසය කරනවා ද ඒ සම්මා දිට්ඨිය එහි පැතිරෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඒ මම කළේ මම ඊයේ රෑ මෙතැන දී කිව්ව ඒ භාවනා කොටස ම තමයි. ඒකේ මම පටන් ගත්තේ ලෝභය නැති කරමියි කියලා කිව්වහම ලෝභය කියන ඒ කොටුව ඇතුළේ තියෙනවා කාමච්ඡන්දය කියන එක. එතකොට ඒ කාමච්ඡන්දය කියන එකේ කියන්නේ අපි මේ ජරාවට තිබෙන්නා වූ කැමැත්ත. එතකොට මම ඒ ජරාව කියන එක දැන් පෙර භාවනාවන් කරලා තියෙන නිසා විවිධාකාරයෙන් ජරාව දකිනවා නේ. එතකොට රූපයේ ජරාව, වේදනාවේ ජරාව, සඤ්ඤාවේ ජරාව ඒවා ඔක්කොම තියෙනවා. ඒක සිහි වීමත් එක්ක මට තේරුණා මේ සති ඉන්ද්‍රියයි, ඉහළ ම ඵල චිත්තයයි, ප්‍රඥා ඉන්ද්‍රියයි ඒ මතු වෙලා තියෙනවා කියලා.
ඉතින් මම මේ ජරා, ඊට පස්සේ ව්‍යාධි, ඊට පස්සේ අපි මරණය. ඉතින් අපි ආපහු ආවා මේ සෝකය දක්වා. එතකොට ඒ සෝකය දක්වා ආවා ම අපි දන්නවා සෝකය කියලා කියන්නේ 4.4 කියන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතැනට ආවහම ඔන්න රහතන් වහන්සේ කිව්වා “ඔන්න දැන් ඊයේ භාවනාව කරන්න පුළුවන් කියලා.” ඒ කියන්නේ අර පිරමිඩ් එක ඇතුළේ තිබෙන්නා වූ අර අනිත් පොඩි පිරමිඩ් එක ගැන කතා කරන්නේ. අර මේ hub එක තියෙන කොටස. එතකොට එකේ අපි පටන් ගත්තේ දැන් එහෙම නම් අවිද්‍යා ආශ්‍රව, සෝකය, කාම ආශ්‍රවයට යනවා කියන එක.
දැන් අපි අවිද්‍යා ආශ්‍රව සෝකයට ආවා කියලා කිව්වහම, අවිද්‍යා ආශ්‍රවේ කතාව වෙලා තියෙනවා. මොකද විඤ්ඤාණය වෙලා මැරිලා තමයි අපි මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම නම් අවිද්‍යා ආශ්‍රව දැන් අපි ඇවිල්ලා තියෙනවා සෝකයට.
හැබැයි මේ අවිද්‍යා ආශ්‍රව, අපි මේ කතා කරන්නේ පෙර අපිට වුණා වූ, තිබුණා වූ දේ නිසා, අලුතෙන් වස්තුවක් එක්ක හැදෙන එක නෙමෙයි. කලින් අවිද්‍යා ආශ්‍රව ගැන මේ කතා කරන්නේ. එතකොට ඒක නිසා එතන සෝකය. එතන ඇති වෙන්නේ කොහොම ද? එතන අපි එනවා මුලින් අපි පටන් ගන්නේ භයේ අගතිය, සෝකය, කාම ආශ්‍රවය කියන එකටයි යන්නේ. අර අවිද්‍යා ආශ්‍රව කතාව අපි පෙර මතක තියාගන්න ඕනෙ ඒක වෙලා තියෙනවා කියන එක.
එතකොට මේ අවස්ථාවේ දී අපි බලන්න දැන් සෝක කරනවා කියන්නේ මනුස්සයෙක් ඒ පුද්ගලයා දැන් පියා නැති වෙලා මනුස්සයෙක්, අපි හිතමු බුදුහාමුදුරුවෝ කියනවා බමුණ, අතීතයේ වූ දෙයක් කියමි. මේ කාන්තාවකගේ පියා නැති වෙලා ඒ පුද්ගලයා ඒ තැන් තැන්වලට ගිහිල්ලා, මගේ පියා දැක්ක ද? කියලා අහනවා.
එතකොට එයා මේ මොකද බය වෙලා තියෙන්නේ? ඒ බය වෙලා තියෙන්නේ පියා නිසා යම්කිසි ආරක්ෂාවක් තිබුණා ද ඒකත් ප්‍රශ්නය තියෙනවා. අම්මා නිසා යම්කිසි ආරක්ෂාවක් තිබුණා. ඒවා ඔක්කොට ම වැඩිය ඔතන තියෙන්නෙ වේදනාව. අර 4.3 වේදනාව ඔතන ඒ significant වෙලා තියෙනවා. එතනින් වේදනාව, පියා නිසා යම්කිසි වේදනාවක්, මව නිසා යම්කිසි වේදනාවක්, husband නිසා යම්කිසි වේදනාවක්, මේක නැති වෙලා. එතකොට බිය කියන කතාව තියෙනවා. මේක පවත්වා ගැනීම නමුත් මෙතන මේ ඒ වේදනාවේ significant ගතිය කියන එක ඒකෙ තියෙනවා.
දැන් එතකොට මේ පුද්ගලයා දැන් මේක නැවත ලබා ගන්න නේ මේ කාම ආශ්‍රව. කාම ආශ්‍රව කියන්නේ මොකක් ද? පසු සඤ්ඤාව. සුඛයි කියලා ගත්තට පස්සේ එන පසු සඤ්ඤාව. එතකොට අපි එතනට නේ මේ යන්නේ. ආපහු එතනට ගිහිල්ලා අපි රූපයන් ස්පර්ශ කරමින් කරන්නා වූ දේ තියෙනවා කියන එක තියෙනවා. දැන් එහෙම නම් අපි පටන් ගත්තේ අර 4.4. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට අපිට බලන්න තියෙන්නේ අපි වේදනා තණ්හා දිට්ඨි ඕකට නේ යන්නේ. එතකොට අපි දන්නවා වේදනා තණ්හා මෙතන මේ කාමා ආශ්‍රවයට ගිහිල්ලා අර වේදනාව ගන්නවා. ඊට පස්සේ අපි යන්නේ තනිකර තණ්හාවෙන් දිට්ඨියට. එතකොට අට වැනි රවුම. අටෙන් පස්සේ තමයි තණ්හාව එන්නෙ.
එතකොට දැන් ඊළඟට අපිට ආපහු එනවා, දැන් අටෙන් පස්සේ අපි යන්නේ මොකක් ද? අවිද්‍යා ආශ්‍රවය කතාවටයි දැන් අපි යන්න යන්නේ. එතකොට එතෙන්දි අපිට එනවා පරාමාස, එතනින් අපි අවිද්‍යා ආශ්‍රවය. ඒ කියන්නේ පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. ඒ තුන තමයි එතනින් එන්නේ. එතකොට එහෙනම් මම මෙතෙන්දි බැලුවේ මේ අභිනිවේසයේ කියන එක කොයි වෙලාවෙ ද වෙන්නේ. අභිනිවේස කියන එක කිව්වා තථාගතයන් වහන්සේ කියනවා කියලා ඕක දහයෙන් පස්සෙ කියලා. එතකොට ඒ කියන්නේ එතන අපි දන්නවා අටෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව කියන එක තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නම වෙනි රවුමේ දී අර ථීනමිද්ධ සහගතව අර values එක මේ පැත්තට යනවා කියන එක නේ තියෙන්නේ. නම වෙනි රවුමේ දී ඉදංසච්චයට ඇදෙනවා. දහ වෙනි රවුම වෙනකොට ඉදංසච්චයට ගිය එක ආපහු පරාමාසයට copy වෙනවා කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් පරාමාසයට ආවා ම 10.5 කියන එක වෙන්න ඕනේ. 10.4 කියන එක වෙන්න ඕනේ පරාමාසයට එනවා කියන එක. එතනින් පස්සේ තමයි මෙතන මේ අභිනිවේසය කියන එක තියෙන්නේ. පරාමාස වූවාට පස්සේ කියන එකයි.
එතකොට එහෙම නම් දැන් අපිට පේනවා දැන් එතනින් පස්සේ තමයි අපිට අවිද්‍යා ආශ්‍රව. රහතන් වහන්සේ කිව්ව නේ අවිද්‍යා ආශ්‍රව දහ වෙනි රවුමෙන් පස්සේ කියලා. එතකොට මේ විදිහට ගියා. දැන් එතකොට එහෙම නම් මේකට බේත? සතිය. මුලින් පටන් ගන්නවා, සතිය කියන එක ගත්තායින් පස්සේ “ඉති රූපං ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අස්තංගමො” කියන එක එනවා. එතකොට ඒක එනකොට ම අපිට පේනවා ඊයේ කරපු භාවනාවත් එක්ක, මිච්ඡා දිට්ඨිය නිසා පවතින්නා වූ එක කියන එක, ඒක කැපිලා යනවා.
අනිත් පැත්තෙන් අර යටින් එන එක තියෙන්නේ 6.4 වෙලා එන්නා වූ එක. ඒක කැපිල යනවා කියන්නේ 6.7 වුණා නම් නන්දිය. ඒක නිසා ඇති වෙන්නා වූ ප්‍රශ්නය. ඒ කියන්නේ අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාමා ආශ්‍රවයට එන්නා වූ ඒ line එක කැපෙනවා. අනිත් පැත්තෙන් ඒ කාම ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට යන්නා වූ දේ මේවා වෙනවා. එතකොට මෙයා විසින් අර ප්‍රඥාවට උදව් උපකාර කරනවා, අගයන් දෙනවා මේ support කරනවා මේක. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රව නොවන්න. එතකොට දැන් එතනදි අපි කල්පනා කරන්න ඕනේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය විසින් කරන්නා වූ දේ අර bell shaped curve එකේ A ඉඳන් B දක්වා. B කියන point එක හදන්නේ නෑ. මොකද සතිය විසින් පෙන්නනවා රූපයත් ජරා, වේදනාවත් ජරා සඤ්ඤාවත් ජරා. ඔක්කොම ජරාවල්.
එතකොට මේවා ජරා නිසා මේක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට මාන වෙන්න එපා කියන එක පෙන්නනවා. අන්න ඒක නිසා උඩ B කියන point එක හදන්නේ නැති වෙන්නේ කියන එක තියෙනවා. ඒක නිසා දිට්ඨි ආශ්‍රව වන්නේ නෑ.
එතකොට ඊළඟට සමාධි ඉන්ද්‍රිය කියන එකට එනකොට දැන් අපිට පේනවා දැන් අර සංස්කාරවලට අභිනිවේස වෙලා නේ තියෙන්නේ. එතකොට අන්න ඒ සංස්කාර අභිනිවේස කතා නිසා නේ මේ අපි පල්ලෙහාට එන්නේ භය අගතිය දක්වා ගමන් කරනවා කියන එක එහෙම සිද්ධ වෙන්නේ. එතකොට ඒකට එන්න දෙන්නේ නැති වෙන්න එයා ඒ කෑල්ල කපලා දානවා කියන එක තියෙනවා. එතකොට සංස්කාර, එහෙම නම් අපි අර කාමා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. දැන් අවිද්‍යා ආශ්‍රව කියන එකේ ඉඳන් අපි එන්නා වූ ඒ කොටස කැපිල තියෙනවා එක පැත්තකින්.
ඊළඟට අනිත් පැත්තෙන් අර විරිය සහගතව අපි ආපහු රූපයට යන්නෙ නෑ කියන එක. එතකොට මෙන්න මේ විදිහට කරයින් පස්සේ ඒ ඔක්කොම, ඒ කියන්නේ පිරිසිදුකම කියන එක හත ම තියෙනවා. සප්ත පාරිසුද්ධිය ම කියන එක තියෙනවා.
ඒක තමයි මේකෙ භාවනාව. අපිට පිරිසිදුකම ඒ හත ම ඇවිල්ලා තියෙනවා.