Date: 23/02/2015 Name: Anasava citta

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ බුදුපියාණන් වහන්සේ යම්කිසි ප්‍රදේශයක වැඩ වාසය කරනවා ද සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.

මේ විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරලා වැඳ නමස්කාර කළා. ඊට පස්සේ හතර නමක් විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ, සුඛිතචිත්ත බුදුපියාණන් වහන්සේ සිහි කරලා වැන්දා. ඊට පස්සේ ආපහු ඒ ධම්මකිත්ති බුදුපියාණන් වහන්සේ, විශ්වාජිත් බුදුපියාණන් වහන්සේ අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ සිහි කරලා ඔය විදිහට වැඳ නමස්කාර කළා.

මට කලින් භාවනාවක් කිව්වේ නෑ රහතන් වහන්සේ. මම ලෝභය නැති කරමි කියලා පටන් ගත්තා. ජරාවට පත් වෙනවා කියන මේකත් එක්ක. ඒකත් එක්ක එකපාරට ම ඒ ජරාවට පත් වන දෙයක් අරගෙන අපි මෝහය වෙනවා කියන අදහස එනවත් එක්ක ම මට මතක් වුණේ අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ එනකොට පැහැදිලි කරා නේ මේ තණ්හාව මගින් තමයි අර අහංනුයි මමංනුයි එකට ඉන්න අවස්ථාවේ දී, present moment එකේදි අර තල්ලු වෙලා යන්නේ කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට, පරාමාසකායගන්ථයේ ඉඳන් එනවා.

එතකොට මේක එකපාරට ම මම බැලුවේ, අර අපි ඉගෙන ගත්ත නේ කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව ඇතුළේ වේදනා, පරාමාස, භය අගති කියන hub එක වගේ තියෙනවා. එතකොට ඒ තණ්හාව කියලා කියන්නෙ ඔය hub එකේ කැරකීම. එහෙම නම් මම එකපාරට ම බැලුවා මේක මේ ඇදිලා යන එක. අර 21 වෙනිදා භාවනාවේදි, සප්ත විශුද්ධි භාවනාවේ දී අපි බැලුවා මෙතන මේ වේදනාව නිසා තණ්හා. දිට්ඨි ආශ්‍රව වෙනවා කියලා. එතකොට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව වෙනවා කියලා කිව්වම එකපාරට ම මට ආවේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව වෙනකොට මේක නිකම්ම නෙමෙයි නේ දිට්ඨි ආශ්‍රව වෙන්නේ. නිත්‍ය යැයි කියන එකේ පසු සඤ්ඤාව. එහෙම නම් හරියට මෙතන අපි මේක ක්‍රම දෙකකට තමන්ට මෙනෙහි කරන්න පුළුවන්. එකක් තමයි මේ වතුර තටාකයක වගේ තියෙනකොට උඩ පාත්තරයක් තියෙනවා නම් අපිට පේනවා මේ තටාකයේ යටින් වතුර කැලැත්වෙන්න කරකවන්න ගත්තොතින් කෝට්ටක් එහෙම දාලා අර උඩ පාත්තරේ කැරකෙනවා. හැබැයි අර speed එකට ම නෙමෙයි.

ඒ වගේ ම මේ පාත්තරේ අපි කොයි වෙලාවක හරි කැරකැවුවොතින් යට නිශ්චලව තියෙන අවස්ථාවේ දී අරක කරකැවෙනවා. හැබැයි මේ පාත්තරය ඔහොම කැරකි කැරකී ඉස්සරහට ගමන් කිරීමක් තියෙනවා. එතකොට ඔන්න ඔය අර්ථය තියෙනවා කියන හැඟීම එනවා. අනිත් අතට මේ ධර්ම කාරණා වශයෙන් බැලුවොතින් කෙනෙකුට පේනවා වේදනා, තණ්හා, නිත්‍ය, දිට්ඨි ආශ්‍රව.

එතකොට එහෙම නම් හරියට නිකම්, අර නිත්‍යට අපි හිතමු, වේදනාවේ ඉඳන් ලණුවක් තණ්හාව, ඊළඟට අපි නිත්‍ය කියන එකට ලණුවක් දාලා දිට්ඨි ආශ්‍රවය තියෙන තැනින් පල්ලෙහාට අදිනවා. ඇද්දා ම මොකද වෙන්නේ? මේක තල්ලු වෙලා යනවා අර පැත්තට.

එතකොට ඒ කියන්නේ පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට තල්ලු වෙනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට ආපහු දැන් ඕක විතරයි මම බැලුවේ. බලපු ගමන් මගේ සිත නතර වෙන්න ආවා. නතර වෙන්න ඇවිල්ලා කියලා කියන්නේ මේ ඉතුරු ධර්ම කාරණාව දැන් මම දන්නවා කළ යුත්තේ මොකක් ද කියන එක. හිතන්න බැරි තත්වයකට මගේ මනස පත් වුණා. ටිකක් වෙලා ඔහොම ඉඳලා, යන්තම් එළියට ඇවිල්ලා, දැන් කල්පනා කළා ඊළඟ කාරණාව.

පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. දැන් එහෙම නම් අන්න පරාමාසය, අභිනිවේසය, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් ලණුවක් දාලා එතන අදිනවා වගේ. එතකොට ආපහු පාත්තරේ, ඒ කියන්නේ පරාමාස පාත්තරේ තල්ලු වෙලා යනවා ඉදංසච්චාභිනිවෙසයට.

ඊළඟ කාරණයට එනවා අපි භය අගතිය. ඒ භය අගතියේ ඉඳන් ඊළඟට අපි, භය අගතියෙන් අර සෝකය. සෝකය කියන එකෙන් අපි කාම ආශ්‍රවය කියන එකට එනවා. එතකොට එහෙම නම් ආපහු එතැන දී අපිට පේනවා, මේක නිකන් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේක මේ පල්ලෙහායින් යන්නේ. පහළින් ගිහිල්ලා කාම ආශ්‍රව ගිහිල්ලා මෙහෙම එන්නෙ. එතකොට මට මතක් උණා අර ලෝභ දෝස මෝහ භාවනාවේ දී තියෙන මෝහජ පරිදාහය. ඒක අර මුළු රවුම ම ඇදලා තියෙන්නේ. පල්ලෙහා ඉඳන් ඇවිල්ලා ඔක්කොම මේ වටේට ම ඇවිල්ලා තියෙනවා නේ ද? ආන්න ඒ වගේ. ඒක තමයි මුළු ම එක කියන එක.

එතකොට එහෙම නම් ඒකෙන් අදිනවා කියන එක අපිට පේනවා weak. අර ලණුව තදින් ළඟින් අල්ලලා අදිනවා නෙමෙයි නේ වටේට ම දාලා අදින්න ඕන නේ. පරාමාසය අර පැත්තට ඔක්කෝම ටික ඇදගෙන යන්න එපායැ. රහතන් වහන්සේ ඔතනදි “සාදු සාදු” කියලා කිව්වා.

එතෙන්දි මට තේරුණා මට මේක දැන් එහෙම නම් මේ මෝහයෙන් වෙන්නා වූ එක තමයි මේක ඉස්සෙල්ලා ම වෙන එක. දැක්ක ගමන් පල්ලෙහා සංස්කාරවලින් නේ අපි ඕක කරන්නේ. තමන් පෙර කළා කියන එක, මේ වස්තුව අපිට රූපය පේනකොට ම අපි ඕකේ නෑ නේ කිසිම ආකාරයකින් ඒකේ රසයක් විඳලා මොනවත් නෑ නේ. එතකොට මෙතන එනවා මට දැන් මේ මෝහයෙන් වෙන්නා වූ එක තමයි ඒ weakest එක හැබැයි ඒක තමයි මුලින් සිද්ධ වෙන්නේ.

ඊට පස්සේ තමයි අර අනිත් ඒවා තද වෙනවා. ඒ කියන්නේ අර වේදනා තණ්හා කියලා ඒවයින් එන්නා වූ එක තද වෙනවා කියන ඔය අර්ථය ආවා. එතකොට ඒක ආවට පස්සෙ දැන් මට ඔන්න කල්පනා වුණා අර ඕකට විරුද්ධව ධර්මය තියෙනවා නේ. ඒ සති ඉන්ද්‍රිය, ප්‍රඥා සමාධිය කියන එක. ඒක මට සිහි උණා. සිහි වෙච්ච ගමන් මට මේකේ සතිය කියන එක මතක් වුණ ගමන් මට මේකේ නතර වුණා. සිත නතර වෙනවා. දැන් මට තේරෙනවා, මේ මට ඕන නම් මෙන්න මේ තත්වයේ ඉන්නකොට මට ඕන තරම් අරක සිහි වීම අනාශ්‍රව චිත්තය කියන එක සිහි වීම සමඟ ම මට පුළුවන්කම තියෙනවා කියලා මේක නවත්වන්න. කියන්නේ අනාශ්‍රව ඉන්න පුළුවන් මේ තත්වයේ ඉඳගෙන ඕන වෙලාවක අනාශ්‍රව වෙන්න පුළුවන්, හැකියාව තියෙනවා මට. ඒක මට තේරුණා. මේක හරි පුදුමයි. එතකොට මේක හරි ලස්සනයි. රහතන් වහන්සේට හෝ ගාලා ශ්‍රද්ධාව ඇති වේගෙන එනවා. රහතන් වහන්සේ මට කිව්වා “ඒ සති, ඒ ප්‍රඥා ඒවා සිහි කරන්න එපා කියලා.” ඒක එපා කියලා කිව්වට ඒවා මට නවත්වන්න පුළුවන්. හැබැයි මට තේරුණා මේ ශ්‍රද්ධාව නවත්වන්න බෑ.

ඒ කියන්නේ දැන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා කෙරෙහි තිබිච්චා වූ ශ්‍රද්ධාව තියනවා නේ. මේක දැන් ගලාගෙන එනවා. රැල්ල එනවා වගේ එනවා. මේක නවත්වන්න බෑ. එතකොට මම, මට පේනවා ඉතින් මණ්ඩලාධිපති බුදුපියා, පෙර තථාගතයන් වහන්සේ, මේ ඔක්කොම කෙරෙහි මේක තියෙනවා. මොකක් නැවැත්තුවත් මේක නවත්තන්න බැහැයි කියන එක මට තියෙනවා. ඒක තමයි ප්‍රබල ම. මම කිව්ව රහතන් වහන්සේට මේක නම් නවත්වන්න බැහැයි කියලා. ඒ ශ්‍රද්ධාව කියන එක තියෙනවා කියලා. ඒක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි අර ලොකු ම එක. ඒක ඒ තත්වයේ දී තියෙනවා කියන එක.

ඒක තමයි ඒ කරපු භාවනාව.

ඉතින් මේක කරන්න ඉස්සෙල්ලා මගේ තිබුණ අර අහංනුයි මමංනුයි එකට ඉන්නවා කියන එක අර මිද්ධ අවස්ථාව. අහංනුයි මමංනුයි කුක්කුච්චය ඇතුළේ නේ එයා ඉන්නේ. මම ඔතනින් පටන් ගත්තේ. අහංනුයි මමංනුයි එකට ඉන්නවා කිව්වහම කුක්කුච්චය ඇතුළේ ඉන්නේ. “ලෙඩ වෙලා මම, මම ලෙඩ වෙලා.” ඉතින් එතනින් ඔය තත්වයන් බලලා තමයි මම භාවනාව කරගෙන ආවේ.

ඒක තමයි ඒ කරපු භාවනාව.

මේක අනාශ්‍රව චිත්ත භාවනාව. අනිත් ඒක තමයි මම කල්පනා කළේ ඔය දැන් මේක මට අනාශ්‍රව චිත්තය ටිකකට ඉස්සෙල්ලා ඇති වෙච්ච එක සිහි කිරීමත් එක්ක මේක නතර වෙනවා. එහෙම නම් මම රහතන් වහන්සේගෙන් මෙතෙන්දි විමසුවා මේ සතිය නිසා ද මේක, මේ සතියෙන් ම මේක කරන්න පුළුවන් ද කියන එක. ඉතින් ඒකේ රහතන් වහන්සේ මට පස්සේ කිව්වේ “ඒ ප්‍රඥාවෙන් ඇති වුණා වූ සතිය.” ප්‍රඥා ඉන්ද්‍රිය සහිත වූ සතියෙන් ඒක කරන්න පුළුවන් කියන එකයි. ඒ තත්වයට පත් වුණායින් පස්සේ. ඒ කියන්නේ මේ අර කාරණා තුන ම සත්‍ය වශයෙන් ම තියෙනවා, ඒ අවස්ථාව ගත්තහම.