Date: 24/02/2015 Name: Sabbasava bhavana

ඒ උතුම් බුදුපියවරු මම ශ්‍රද්ධාවෙන් සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් මේ විදිහට හත් නම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ බුදුපියවරු වාසය කරන ස්ථානවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.

මම ඊයේ භාවනාව ම තමයි, මම අදත් කරන්නේ කියන එක කල්පනා කළේ. ඒක කරගෙන යනකොට මුලින් ම ඒ කාමච්ඡන්දය, ඒ කියන්නේ ලෝභය නැති කරමි කිව්වම කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. මේක වීම නිසා මෝහය ඇති වීම කියන එක සිහි කළා. අපි ජරාවට කැමති වෙලා තියෙනවා. ඔක්කොම රූප ජරා, වේදනා ජරා, මේවා ඔක්කොට ම කැමති වෙලා තියෙනවා. ඇයි අපි එහෙම වෙන්නේ. මෙතෙන්දි මම කාරණා දෙකක් දැක්කා.

ඒක තමයි, පෙර අහං සහ මමං නිසා. ඒක පැවත් වීමට ඇති කැමැත්ත. ඒ කියන්නේ වේදනා, චේතනා, භය අගති triangle එක තියෙන්නේ. අන්න ඒකෙ මමංනුයි අහංනුයි ඉන්නවා. එතකොට ඔයගොල්ලො දන්නවා භය ගති ඉඳන් වේදනාවට යන එක දිට්ඨි අනුසය. මෙය පෙර අහං සහ මමංගෙ පැවැත්මයි. එතකොට, පෙර මෙවැනි දේ නිසා අපි පවතිමු, යන දිට්ඨිය ඇත. මෙසේ වූ දිට්ඨි අනුසය ක්‍රියාත්මක වෙනවා.

දෙවෙනි කාරණේට එනවා, සඤ්ඤාව අවිද්‍යා අනුසය මගින් එසවීම කියන එක. මෙහි දී ඥාතියෙකු, යහළුවකු පිළිගන්නා ලෙස සිතන්න ඕනේ. මොහු කලින් සිටියා. දැන් නැතිව සිට නැවතත් පැමිණියා. එනම් විඤ්ඤාණය නිත්‍යව සිට අඩු වූ නැති වූ දෙයක් පිළිගන්නා මෙන් සිතිය යුතු ය.

තව ද අහං සහ මමං පැවැත්ම මේ දේවල් නිසා සිදු වූවේ ය. මම මට අහිමි වී තිබින. එය තිබිය යුතු ය. අහං සහ මමං පැවතිය යුතු ය, යන අර්ථය ඇත. මේ රහතන් වහන්සේ දීපු අදහස මේක ලියනකොට. ඒ කියන්නේ නැති වූ දෙයක් හමු වුණා කියන අර්ථය. ඒ භාණ්ඩය තමන් ළඟ තිබුණා. තිබිලා ඒක නැති වෙලා මේ දැන් ආපහු හම්බවුණා. අන්න ඒ වගේ එකක් තමයි මේ ගන්නේ. අර අහංගෙයි මමංගෙයි පැවැත්මට මේ එන්නා වූ මනුස්සයා හරි සත්වයාගේ හරි රූපයේ යම්කිසි දෙයක් තිබුණ ද, මේක නැවතත් මට මේ හම්බවෙලා. එතකොට අරයා පිළිගන්නවා, මේ මගේ කලින් හිටපු එක තමයි මේ හම්බවෙලා තියෙන්නෙ කියලා කියන එක. ඒක මා තුළ තියෙන්න ඕනේ කියන අර්ථය. ඒ කියන්නේ මම හැදිලා තියෙන්නේ ඒකෙන් නේ. අහං සහ මමං.

එතකොට දැන් මේ කාරණා දෙකකින් මේක දැක්කා. දැන් මේ ක්‍රියාවලිය කොහොම ද නතර වෙන්නේ කියන එක. ඉතින් මට මෙතැන දී ආවේ “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා” සිඛී බුද්ධ ගාථාව.

එතකොට සති ඉන්ද්‍රිය මගින් අර පහළින් සිදු වන ක්‍රියාවලිය නවතිනවා, සංස්කාර නිසා. ඒ කියන්නේ 1 කබලිංකාර ආහාර, 2 අත්තා නිත්‍ය, 3 ජාතියේ ඉඳන් ජරාව.

මරණය ඇති බව දන්නේ, සංස්කාරවල මරණය, දැන සෝක නොවී සිටින ක්‍රියාවලියට සපයා දෙයි. ඒ කියන්නේ භය අගති, සෝක, කාමා ආශ්‍රව නවතී කියන එකයි.

දෙවනුව පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. සංස්කාර මැරෙන නිසා ඇලීම අත්හැරීමට ඇති වන උපකාරය සිදු කරයි. මෙසේ බොජ්ඣඞ්ගය ක්‍රියාත්මක වෙයි.

තෙවනුව වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව, සඤ්ඤාව නිසා ඇති වන ක්‍රියාවලිය නවතයි. කුමක් නිසා ද? යමක් නිසා දිට්ඨි ආශ්‍රවය සිදු වූයේ නම් දැන් එයට කැමැත්තක් නැත. තණ්හාවක් නැත. මේ සියල්ල මෙසේ සිදු වන්නේ සබ්බ ආශ්‍රව වෙයි. මේ භාවනාවේ නම සබ්බාසව.