Date: 25/02/2015 Name: Sabbasava

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන තැන්වල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම තමයි අදත් කළේ. ඊයේ භාවනාවේ පටන් ගැනීමේදි අපි ලෝභය නැති කරමියි කිව්වම කාමච්ඡන්දය, මේ ජරා වන දේකට ඇති වන කැමැත්ත. එතකොට මේ රූප ජරා, වේදනා ජරා, ඇයි අපි මේක කරන්නේ කියන එක නේ අපි බැලුවේ.

එතකොට මෙතන දී මට එකපාරට ම ආවේ කබලිංකාර ආහාරයේ area 1 නිසා area 6 හැදෙනවා. ඉතින් මෝහය කියන එක. එතකොට මේ දෙක දැකපු ගමන් මට එතනින් ආවා මුලින් ම ඔතන සති ඉන්ද්‍රිය ලකුණු කරලා තියෙන තැන රහතන් වහන්සේ. එතකොට මේ පැත්තේ මොකක් ද? මෙහා පැත්තේ කෙළවරට එන්නෙ? මේ පැත්තේ කෙළවරට ඒ කියන්නේ අපි අර ත්‍රිකෝණය වගේ එක ගත්තොතින් star එකේ, කැපිල යන star එකේ. ඒකෙ මේ පැත්තට බැලුවම අපිට පේනවා ඉන්ද්‍රිය සංවරය නේ ද කියලා. ඉන්ද්‍රිය සංවරය නිසා ඒ සතිය කියන එක ඇති වෙනවා. සතිය නිසා ඉන්ද්‍රිය සංවරය. ඕක දෙපැත්තට යනවා නේ. එතකොට මේ පැත්තෙන් අර ඡන්ද සමාධිය. රූපය අල්ලාගෙන ඉන්න දැන් දෙන්නේ නැහැයි කියන එක. ඒ පැත්තෙන් මේක ආවා.

මේක ආවායින් පස්සේ මම ඊට පස්සේ ඊයේ භාවනාවේ රහතන් වහන්සේ කිව්වා වූ කොටස් ටික මම බැලුවා. එතෙන්දි මුලින් ම කිව්ව නේ මේ නවතින විදිහ කියන එක ගත්තම අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට මරණයට පත් වෙනවා කියලා දන්නවා නම් සංස්කාරවල මරණය අපි දන්නවා, දැනගෙන අපි සෝක නොවී ඉන්න ක්‍රියාවලියට සපයා දෙනවා කියලා කිව්වා.

ඉතින් එතකොට සෝක නොවී ඉන්න ක්‍රියාවලියට සපයා දෙනවා කියලා කිව්වහම, කවුද සෝක නොවී ඉන්නේ? සෝක නොවී ඉන්නේ ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා දන්නවා ඕක මැරෙනවා නැති වෙනවා කියලා. එතකොට එහෙම නම් මේ ප්‍රඥාවට තමයි මේ සපයා දීම, අර රහතන් වහන්සේ මුලින් කිව්ව එක තමයි මේ පෙන්නන්නේ මෙතැන දී. ඒක නිසා මෙයා කියනවා මේක හදලා වැඩක් නැහැයි කියන එක. අර B කියන point එක හදලා වැඩක් නැහැයි කියන එක තියෙනවා.

එතකොට දැන් අපි ඔය විදිහට දැක්කා ඒ භය අගති, සෝක, කාමා ආශ්‍රව කියන කතාව නවතිනවා. අනිත් අතට පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කියන එක ඒ සංස්කාරයන් මැරෙන නිසා ඇලීම අත්හැරීම ඇති වන උපකාරය සිදු කරනවා කියලා. එතකොට දැන් මෙතනදි අපි දෙපැත්තකින් පේනවා. පල්ලෙහා කෙළවර සෝකය. හැදුවට සංස්කාර හැදුවොතින් මැරෙනවා. එතකොට උඩ මැරිලා අපි සෝක වෙනවා. උඩ කියනවා සංස්කාරයන් හදන්න එපා. ඒ කියන්නේ විඤ්ඤාණය හදන්න එපා. A, B. B point එක හදන්න එපා.

ඉතින් මේ දෙක කිව්වට පස්සේ එහෙම නම් ඉතින් මේකෙ මැද්දේ ඇලෙන්න දෙයක් නෑ නේ. හදන්න ඉස්සෙල්ලා ම කියනවා ඕක දැන් මනුස්සයෙකුට කියනවා බඩු හදන්න එපා වැඩක් නෑ ඕක, හැදුවට කඩලා යනවා කියලා. එතකොට අර මනුස්සයා කලින් යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ මනුස්සයා තුෂ්ණිම්භූතව බලාගෙන කල්පනා කරනවා මේක හදන්න වටිනවා ද. වැඩක් නෑ නේ ඉතින් කැඩෙනවා නම්, මේ කැඩෙනවා කියලා කියනවා නේ කියන එක. අන්න ඒ හින්දා ඇලීම කියන එක නැති වීම කියන එක තියෙනවා.

එතකොට තුන් වෙනි කාරණයට පෙන්නුවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියන කතාව. අන්න එතනදි අර සඤ්ඤාව නිසා ඇති වුණ ක්‍රියාවලිය නවතිනවා කියලා. ඉතින් මෙතැන දී මට ආවේ මෙතන තණ්හාව නැති වීම නිසා නේ මේක සිද්ධ වෙන්නේ. ඉතින් තණ්හාව කියලා කියන්නේ මොකක් ද? අර වේදනාවට සඤ්ඤාවෙන් අගය දීම කියන එක. ඉතින් මේ සඤ්ඤාවේ අගය දෙන්නෙ යන්නෙ නෑ. මේක මිච්ඡා දිට්ඨිය මෙයා දන්නවා මේකේ සමුදයක්, අස්තංගමයක් තියෙන්නේ. ඒක නිසා මිච්ඡාදිට්ඨික මේක නිසා සඤ්ඤාවේ පැවැතීමට ඉඩ දෙන්නේ නෑ. අභිජ්ඣාව වෙන්න කියන කතාව එතන නැති වෙනවා. එතකොට එහෙම නම් ඒ අභිජ්ඣා කතාව නැති වෙනවත් එක්ක ම පේනවා ඒ තණ්හා කතාව කියන එක එතන යනවා. මොකද අර අගය දෙක එක. එතකොට අර බොජ්ඣඞ්ගය.

රහතන් වහන්සේ බොහොම කාලයකට ඉස්සෙල්ලා අපිට පෙන්නපු දේ නේ. අර වඩු බාස් උන්නැහැගේ කතාව. මැරෙන සංස්කාර නිසා. ඉතින් ඒක මට හොඳට තේරුණා මේකෙදි. මේකෙදි මේ සිත නතර වෙච්ච අවස්ථාවන් ඉතින් ඒකෙ තිබුණා. ඒ ආකාරයට භාවනාව කරගෙන ගියා.

ඒක තමයි භාවනාව.

භාවනාවේ දී, අර ඊයේ භාවනාවේ මුල කොටස් ටික මම කළා ඒක. ඒ කියන්නේ අර වේදනා, චේතනා, භය අගති කියන එක මේක තමයි මේ කැපිල යන්නෙ මේ විදිහට කරගෙන ගිහිල්ලා. අර පිළිගන්නවා කියන එක. පිළිගන්නේ නැහැයි කියන එක. අර මේ අතීතයේ ඥාතියෙක් ආවා කියලා පිළිගන්නවා කියන ඒ සඤ්ඤාවෙන් කෙරෙන ඒ කාරණාව බැලුවා. ඒ දෙක බලලා තමයි ඒකෙ භාවනාව, ඒකේ මුලට ආවේ. ඉතින් අන්තිමට මේ ධාතු නිසා තමයි මේක ඔක්කොම සිද්ධ වෙන්නෙ කියන එක.