ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මට කිව්වා මේ කාමෙසුමිච්ඡාචාරා කියන භාවනාව, දෙවැනි භාවනාව 18 ජනවාරි මාසේ 2015 කරපු එක. ඒක පොඩ්ඩක් බලන්නෙයි කියලා. ඉතින් ඒ භාවනාවේ තියෙන්නෙ, අර ලෝභය නැති කරමි ඒ කාමච්ඡන්දය ජරාවට ඇති වෙන කැමැත්ත. ඉතින් ඒ ජරා වන රූපය එපා යැයි කියලා. ඔය විදිහට දිගට ගත්තහම වේදනාව, වේදනාව ඒකත් එපා. ඊට පස්සේ සෝකය, පරිදේවය ඔහොම ගිහිල්ලා අන්තිමට හතේ හත 7.7 කියන එක. මේ සංස්කාර කියන එකේ ජරාව කියන එක.
එතකොට ඊට පස්සේ එතෙන්දි දැන් ඒකෙ පෙන්නලා තියෙනවා මේ රූපයයි, කාම සඤ්ඤාවයි කියන දෙක දුක බව නොදන්නේ දැඩි වෙහෙසකින් යුතුව නැවතත් ජාතියට යනවා කියලා.
එතකොට එතෙන්දි අපි ඉගෙන ගත්තා, සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත තමයි කාම සඤ්ඤා කියලා කියන්නේ. එතකොට දැන් රූපයයි මේ කාම සඤ්ඤාවයි. දැන් මෙතනදි දැන් මට පේනවා මේ උඩ කොටස කියන එක ගත්තම රූප සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ කිව්වා ම හරියට නිකම් මේ විඤ්ඤාණය සකස් කිරීම පොඩි ළමයගේ වැඩක් වගේ.
ඒ පල්ලෙහා කොටස ගත්තහම අපිට පේනවා මෙතන මේ ඔය සෝක, පරිදේව, ව්‍යාධිය වශයෙන් ඔය පල්ලෙහා තියෙන කොටස ජාති, ජරා තියෙන එක වයසට ගිය මනුස්සයාගේ වැඩක් වගේ. දෙක ම දුකයි. පොඩි ළමයාට අවශ්‍ය දේවල් කරන්න හම්බවෙන්නේ නෑ ඒක නිසා එයාට එක පැත්තකින් දුකයි. පල්ලෙහා ඉන්න එක්කෙනා මේවා කරලා අන්තිමට එයාට දුකයි. ඔක්කොම ගත්තහම එයා දුකට පත්වෙලා තියෙනවා මේ ජරාවට පත්වෙලා කියලා.
ඉතින් ඕකත් එක්ක මට නිකන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වගේ වෙන්න ආවා. ඔහොම ඇවිල්ලා මම කල්පනා කළා, දැන් මේක සම්බන්ධ වුණා ඊයේ කරපු භාවනාවට. එතෙන්දි අපි බැලුව නේ අර වේදනාව ඊළඟට උඩින් චේතනා ඒ භය අගතියට යනවා. අන්න ඒ මේවා එක නිසා දිට්ඨි අනුසය යම් රූපයක් දැක්ක ගමන්, අපි මේක කරන්නෙ මොකට ද කියන එක අපි කල්පනා කරනවා.
එතකොට එතෙන්දි අපි මේ අතීතයේ කළා කියලා අහං මමං පැවතුණා කියලා. අනිත් අතට අපි කල්පනා කළා මේක මේ සඤ්ඤාව මගින්. ඒ කියන්නේ අවිද්‍යා අනුසය මගින් මේ සඤ්ඤාව උස්සලා ඒ කරන්නා වූ දේ. ඉතින් මේක කල්පනා කරලා මම මේකෙ නතර වීම කියන එක, බොජ්ඣඞ්ගය එකෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි පළවෙනි එක කබලිංකාර ආහාරය. දෙක අත්තා ඉඳන් නිත්‍යට යන එක. තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කාරණාව බැලුවා.
ඉතින් මෙතැන දී මරණය සිද්ධ වෙනවා නම්, ඉතින් මේ සංස්කාරයන් මැරෙනවා කියන එක තමන් දැනගන්නවා. නිත්‍යභාවයක් නැහැයි කියලා. ඉතින් ඒක නිසා අපි අර සෝකය නිසා සිද්ධ වෙන ක්‍රියාවලිය කරන්නේ නැහැයි කියන එක අපි කල්පනා කරනවා. ඉතින් එතෙන්දි දැන් ඉතින් සංස්කාරයන් කියන ඒවා මේ විදිහට මැරෙනවා නම්, පරිදේව වෙනවා නම් අර B කියන point එක අපිට මේ ජරා වන රූපයත් එක්ක හදන්න බෑ.
එතකොට දැන් එහෙම නම් ඕක කල්පනා කරන්න, අර curve එකේ ඒ උඩ point එක B කියන එක හදන එක අර පොඩි ළමයගේ වැඩේ. ඊට පස්සේ අර C කියන point එකට ආවා කියලා කියන්නේ මේ curve එක බැහැගෙන යනවා, මැරිලා යනවා එහෙනම් පල්ලෙහා අර ආච්චිගේ සීයාගේ කතාව වගේ තමයි මේක.
ඉතින් අර තේරුම් ගත්ත මනුස්සයා අර පොඩි දරුවාගේ එක හදන්නෙත් නෑ. පල්ලෙහා තියෙන අර ආච්චිගේ සීයාගේයි ඒ කතාව කරන්නෙත් නැහැයි කියන එක ආවා. අන්න එතෙන්දි එහෙම නම් අර තමන්ට පේනවා නේ අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්මක්. ඒක නේ අභිජ්ඣා අර A කියන point එක. එතකොට ඒක නිසා විඤ්ඤාණය කියන එක. එහෙම නම් ඉතින් මේක වෙන්නෙත් නෑ. එහෙනම් අර curve එකේ A, B, C කියන points තුන ම බැලුවා. B කියන එක පොඩි ළමයගේ. C කියන එක අර ආච්චිගේ සීයාගේ කතාව වගේ. එහෙම නම් ඉතින් මේක හදලා වැඩක් නෑ කියන එක. ආන්න ඒ අවස්ථාවේ දී අර ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වුණා. මේක වැඩක් නැහැයි කියන එක.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්