Date: 28/02/2015 Name: අනාශ්‍රව චිත්ත භාවනා

ඒ උතුම් බුදුපියවරුන්ට පූජාව පැවැත්තුවාට පස්සෙ ඒ බුදුපියවරු, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන යම් ප්‍රදේශයක් ඇද්ද එහි සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. ඒ විදිහට ඒ බුදුවරු දාහතර නම ම සිහි කළා, ඒ සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.

මට කිව්වේ ඊයේ භාවනාව ම නැවතත් කරන්නයි කියලා. ඒ ඊයේ භාවනාවේ කියනවා නම් ඒක පෙරේදා භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකෙ තේරුම් ගත්තා, දැන් අපි දන්නවා ලෝභය නැති කරමි කියලා ගත්තොත් එහෙම එතනදි කාමච්ඡන්දය ජරාවට තියෙන්නා වූ කැමැත්ත කියන එක. එතකොට එහෙම නම් අපි ඒ ජරාවට කැමතියි කිව්වා ම අපි රූපයේ ජරා, වේදනාවේ ජරා, සඤ්ඤාවේ ජරා, සංස්කාරය ජරා කියන එක තියෙනවා.

එතකොට අපි ඒ ජරාවට කැමති වෙලා අපි හදන්නේ මොකක් ද? අර උඩ හදනවා රූප, ඊළඟට සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ කියලා bridge එක වගේ උඩින් විඤ්ඤාණයක් හදනවා. පල්ලෙහායින් මොකක් ද වෙන්නේ? පල්ලෙහා තියෙන්නෙ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස, කියන එක. ඉතින් මේ උඩ කරන වැඩේ හරියට ගත්තම ඒ පොඩි දරුවාගේ වැඩේ වගේ. පල්ලෙහා වැඩේ ගත්තම වයසට ගිය එක්කෙනාගෙ වැඩේ වගේ. උඩ දේ පොඩි දරුවාගේ වැඩේ කියන්නේ දැන් පොඩි එක්කෙනෙකුට එයාට එක එක දේවල් කරන්න කැමතියි නමුත් දෙමවුපියෝ එයාට ඉඩ දෙන්නේ නෑ. කරන්න දෙන්නේ නෑ. එයා අපි හිතමු අම්මලා තාත්තලා wine බොනවා නම් එයාටත් wine බොන්න හිතෙනවා කියලා. නමුත් එයාට wine දෙන්නෙ නෑ. අන්න ඒ වගේ දේ තියෙනවා.

වයසට ගිය මනුස්සයාට පේනවා ඉතින් මේවායින් එයා වයසට ගිහිල්ලා taste buds එහෙම අඩු වෙලා, ජරාවට පත්වෙලා නිසා ඒ පුද්ගලයාට තේරෙනවා මේක වැඩක් නැහැයි කියලා යම් ආකාරයක් තියෙනවා. ඕක හරියට අර bell shaped curve එකක B කියන point එක ගත්තම ඒක තමයි ඒ පොඩි ළමයගේ වැඩේ. අර C කියන point එක ගත්තම වයසට ගිය එක්කෙනාගෙ වැඩේ කියන එකයි. එයා ජරාවට පත්වෙලා මොකද අර වෙනසට පත්වෙලා.

එතකොට දැන් මේකේ අපි දන්නවා pyramid එකක් තියෙනවා. Pyramid එකේ base එක හැටියට ගත්තම එතන කාම ආශ්‍රව, ඊළඟට දිට්ඨි ආශ්‍රව, ඊට පස්සේ පල්ලෙහායින් අවිද්‍යා ආශ්‍රව. ඒක ඇතුළේ එනවා කාරණා තුනක්. ඒක තමයි වේදනා, පරාමාස, ඊළඟට අපිට එනවා භයේ අගතියට යනවා කියන එක. එතකොට ඕක හරියට මේ වටේට තියන frame එක කැරකෙනකොට ඇතුළේ එක කැරකෙනවා. Hub එක වගේ. එහෙමත් නැත්නම් අපි හිතමු වතුර තටාකයක තියෙන පාත්තරයක්. එතකොට කවුරු හරි අර වතුර තටාකය වටේට කෝට්ටකින් දාලා කරකවනවා නම් අර මැද්දේ තියෙන පාත්තරේ කැරකෙනවා. පාත්තරේ අපි වටේ කරකවන්නේ නැති වුණාට දැන් පාත්තරේ කැරකෙන නිසා ඒක යට තියෙන වතුර කැරකීම කියන එක තියෙනවා. එතකොට අර hub එක loosely coupled කියන එකයි ඔතන තියෙන්නේ.

එතකොට දැන් මේ කැරකැවීම කියන එක සිද්ධ වෙනවා ක්‍රම තුනක් නිසා. ඒකෙ එකක් තමයි අපි දන්නවා මේ භය අගතිය, පල්ලෙහා කෙළවර තියෙන භය අගතිය නිසා අපි සෝකය, සෝකයෙන් කාම ආශ්‍රවය කියන විදිහට ගමන් කරනවා. අර කැරකෙනකොට මේක ඉස්සරහට යනවා. එතකොට භය අගතිය, සෝක, කාම ආශ්‍රවයට එනවා කියන එක.

ඕක ඊයේ භාවනාවෙදි මම තේරුම් ගත්තා මේක තමයි අපි හරියට ඔය කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාවකට තුඩු දීමක් කියන එක. ඒ කියන්නේ අපි අර මුලින් අර පොඩි ළමයෙක්, එකපාරට ම අපි හදනවා නේ ද? එතකොට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව පරාමාසයට ආවා. පරාමාසයේ ඉඳන් අපි විඤ්ඤාණය දක්වා ගමන් කරනවා, අර මැද්දේ උඩ සංස්කාර කොටුව කියන කෑල්ලට. මේක තමයි අර භය අගති, සෝක, ඊළඟට කාම ආශ්‍රව කියන එකට සම්බන්ධ වෙන්නේ. දැන් මේ අගය දුර්වලයි. මේක තල්ලු කරනවා යන්න. ඉතින් මතක තියාගන්න මේක වෙන්න ඉස්සෙල්ලා අවිද්‍යා ආශ්‍රවය අපිට වෙලා තියෙන්නේ. එයා තමයි කලින් ඉන්නේ, අර pyramid එකේ කතාව මතක තියෙන්න ඕන.

එතකොට දැන් මේ දුර්වල වූ අගය, අර සුභයි කියලා වෙන්න නම් කාමේසු තිබ්බසාරාගයෙන් තල්ලු කරනවා කිව්වා. ඒ කාමේසු තිබ්බසාරාගය කියන එක තමයි වැටෙන්නේ ඔය වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියන එක. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. දැන් මේක කියන තව චුට්ටක් ඉස්සරහට මෙහෙම යනවා. දැන් මේ hub එකෙන් යන්නා වූ කෑල්ල මේ පෙන්නන්නෙ.

එතකොට ඒක තමයි කාමේසු තිබ්බසාරාගය කියන එක. දැන් මේ දෙක නිසා දැන් අපිට පේනවා අපි සුභයි කියලා ගන්නවා, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට ගමන් කිරීම කියන එක වෙලා තියෙනවා.

හැබැයි ඕකට තවත් කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල තමයි ටිකක් අමාරු. ඒක තමයි අර පරාමාසය, අභිනිවේසය, එතනින් යනවා අපි අවිද්‍යා ආශ්‍රවය කියන එකට. එතකොට මේක මම කල්පනා කළා දැන් මෙතනදි මේ සුභය කියන එක දක්වා ඇවිල්ලා තියෙන්නේ, මොකක් ද මේ කෑල්ල? මෙයා මොකක් ද කරන්නේ කියන එක. මේක ටිකක් අමාරුයි. මේක තමයි හිතන්න ඕනේ අර bell shaped curve එකේ අර A වල ඉඳන් B වලට ගමන් කරන කොටසකුත් තියෙනවා. අන්න ඒක. එහෙම නැත්නම් අපේ diagram එකේ, දැන් අපේ A හැදිලා නේ තියෙන්නේ. එතකොට A හැදුණයි කිව්වට මේ තුන් වැනි කාරණයෙනුත් A වලට සම්බන්ධතාවක් තියෙනවා. දැන් අපි ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ ඉගෙන ගන්නවා නේ මේ කාරණා තුනෙන් ම යි ඇදෙන්නේ කියන එක. අභිනිවේසය. එතකොට ඕක රහතන් වහන්සේ හොඳට ඊයේ වචන දුන්නා. එතෙන්දි පෙන්නුවා ඔය “A කියන එක ගත්තම වේදනාවත්, ඒ සඳහා හදන චිත්ත සංස්කාරයත් නිරූපණය කරයි.” වේදනාවත් ඒක සඳහා හදන චිත්ත සංස්කාරයත් ඒකට නේ අපි හදන්නේ.

ඊට පස්සේ කිව්වා “මෙහි දී පැමිණියා වූ වේදනාව පරාමාසය තුළ ඇත.” ආපු වේදනාව පරාමාසය තුළ තියෙන්නේ. අර “කැරකැවීම නිසා ඇති වන ආස්වාදය කියන එක අවිද්‍යා ආශ්‍රවය තුළ තියෙන්නේ, මෙසේ අභිනිවේස වෙයි” කියලා රහතන් වහන්සේ පැවසුවා.

එතකොට මෙතෙන්දි පෙන්නනවා අප්පටිවේධය, අසම්පජානය කියන ලක්ෂණයන් තියෙනවා නේ. මම ඒ ලක්ෂණයන් බැලුවා ඒකෙදි. ඒක තියෙනවා. එතකොට මේ විදිහට අභිනිවේස උණායින් පස්සේ දැන් අපි ඊයේ භාවනාවේ දී ඉගෙන ගත්තා ඔය A කියන point එක, ඒකෙ යම්කිසි ස්ථාවරයක්, දැන් මේ bell shaped curve එකේ මේ A වේදනාව තියෙන point එක හැදුවා විතරයි. ඒකෙ යම්කිසි ස්ථාවරයක් කියන්නෙ stability එකක් වගේ. එහෙම එකක් තියෙනවා නම් අන්න ඒක තමයි අවිද්‍යා ආශ්‍රවය කියන එක.

එතකොට අන්න ඒක දැන් බලලා, දැන් අද භාවනාවේ දී කළේ, මේක දැන් නතර වෙන්නෙ කොහොම ද කියන එක. ඒ නතර වෙන්නෙ කොහොම ද කියන එක බැලුවම මම භාවිතා කළේ අර පළවෙනියට රහතන් වහන්සේ පෙන්නුවා අපිට තියෙන්නෙ ඕනේ සතිය. ඒ සතියෙදි කියනවා පළවෙනි එක කබලිංකාර ආහාරය. දෙක අත්තා ඉඳන් නිත්‍යට යනවා. තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා.

එතකොට ඒක එහෙම වෙනවා නම් අපිට පේනවා ජරාවට පත්වෙනවා නම් ඉතින් මරණය කියන එක සිද්ධ වෙනවා. මරණය කියන එක සිද්ධ වෙනවා කියලා ගත්තයින් පස්සේ, දැන් අන්න ඒ ප්‍රඥාවන්තයා, එයාට පේනවා මේක එහෙනම් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර B point එක කියන එක එයා හදන්න යන්නෙ නෑ. මාන වෙන්නේ නෑ. සංස්කාරවලට මාන වීමක් කියන එක එයා කරන්න යන්නේ නෑ. මොකද ජරා වෙන රූපය නිසා මම කොහොම හිතුවත් මට peak එක ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියන එක තියෙනවා.

එතකොට මෙන්න මේක ආවයින් පස්සේ, එහෙම නම් මට පෙනුණා අර bell shaped curve එකේ අර උඩ B කියන එකේ කතාව නැති වෙනවා. B කියන එක හදන්න යන්නෙ නෑ. ඒක හදන්න යන්නැත්නම් මොකද වෙන්නේ? stability එක නැති වෙනවා. ස්ථාවරයක් නෑ. A කියන point එකේ ස්ථාවරයක් නෑ. කලින් ම ගහන්නේ අවිද්‍යා ආශ්‍රවයට. ගැහුවේ සතියයි ප්‍රඥා ඉන්ද්‍රියයි. සතිය නිසා ප්‍රඥා ඉන්ද්‍රිය ආවා. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා සතිය ඇති වුණා. දැන් පෙන්නනවා සතිය මගින්, ඒ කියන්නේ සම්පජානකාරීත්වය හොඳට තියෙනවා. මේක මගින් කියනවා මේක හදලා වැඩක් නෑ. එහෙම නම් stability එක නෑ. ඒක අයින් කරාට පස්සේ අවිද්‍යා ආශ්‍රව කතාව නැහැ.

ඉතින් එහෙම නම් දැන් පල්ලෙහායින් මොකක් ද සිද්ධ වෙන්නේ? පල්ලෙහා නේ ඉතින් සමාධිය හරිය. ඉන්ද්‍රිය හතර නේ පල්ලෙහායින් තියෙන්නෙ. එතකොට පල්ලෙහායින් කරන්නේ මොකක් ද? එතන අපි ඉද්ධිපාද හතර සහිතව ගත්තම, අරක පවත්වනවා. ඒ කියන්නේ අර මෙහෙම නොවී ඉන්න පුළුවන් හැකියාව කියන එක පවත්වනවා. ඒ කියන්නේ අරක හදන්න යන්නේ නැතැයි කියන එකයි.

ඉතින් ඒක තමයි ඒ භාවනාව. හොඳට ඒක දැක්කා. ඒක තමයි වැටහීම.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-08.jpg


S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg