ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශයක සම්මා දිට්ඨිය පැතිරෙනවා කියන එක සිහි කළා. ඒ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
මට කලින් ම කිව්වා 20 වෙනිදා බලලා තියෙනවා ජනවාරි මාසේ ඒ භාවනාවක්. ඒක පොඩ්ඩක් බලන්නෙයි කියලා. ඒ භාවනාවේ පෙන්නන්නේ ඔය 20, 21 යි කරලා තියෙන භාවනාව. ඒ සංස්කාරයන් කියන ඒවා අර 7.7 වෙලා, එතන තියෙනවා නේ 7.7 වුණායින් පස්සේ සංස්කාරයේ ජරාව කියන එක. එතකොට සංස්කාරයේ ජරාව වුණා නම්, ඒ අපි අර bell shaped curve එකේ A ඉඳන් B වලට යන එක, ඒ B point එක අපි හදන්නේ නෑ. එතකොට අපි ඊයේ බැලුවා අර රූපයේ ජරාව වුණා ම ඒක හදන්න බැහැයි කියලා හදන්නෙ නෑ කියන එක. දැන් අද බැලුවේ සංස්කාර පැත්තෙන් ගත්තහම සංස්කාරය කියන එක ජරාව නම් ඉතින් ඒ සංස්කාරයන්ට මානය වෙලා ඇති වැඩක් නෑ. ඒකෙන් හදන්න පුළුවන්කමක් ඇත්තේ නෑ කියන එක පේනවා.
එතකොට දැන් එහෙනම් රූපය නිසාත්, ඒ වගේ ම සංස්කාර ජරාව වීම නිසාත්, රූප ජරා, සංස්කාර ජරා කියන දෙක නිසා ම අපි මේ B කියන point එක හදන්න බෑ. එතකොට B කියන point එක හදන්නේ නැත්නම් එහෙම නම් අපිට ඒ අර අපි ඊයේ පෙන්නුවා අර ස්ථාවරය කියන එක නැති වෙනවා කියලා. Bell shaped curve එකේ අර A කියන point එකේ ස්ථාවරය නැති වෙනවා කියලා. එතකොට ඒ ස්ථාවරය නැති වෙනවා කියලා කිව්වහම එහෙම නම් අපි පෙන්නුවා එතෙන්දි මේ අවිද්‍යා ආශ්‍රවයට තමයි පහර වදින්නේ. මොකද, අවිද්‍යා ආශ්‍රවය කියන එක අර්ථ දැක්වුවා රහතන් වහන්සේ අර A කියන point ඒකේ යම්කිසි ස්ථාවරයක් තියෙනවා ද, ඒක තමයි අවිද්‍යා ආශ්‍රවය. එහෙම නම් දැන් අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා කිව්වහම දැන් රහතන් වහන්සේ ඊට ඉස්සෙල්ලා පෙන්නුවා නේ අභිනිවේසය කියන්නේ මොකක් ද කියන එක. එතෙන්දි පෙන්නුවා අර වේදනාව පරාමාස වීමෙන්, පරාමාසය තුළ වේදනා අගය කියන එක තියෙනවා. කැරකැවීම නිසා ඇති වුණ ආස්වාදය, අවිද්‍යා ආශ්‍රවය තුළ තියෙනවා. එතකොට මෙසේ අභිනිවේස වේ.
එහෙම නම් දැන් මම බැලුවා මේ කෙළවරෙන් දැන් අපි සංස්කාරවලට අපි අගයක් දෙන්නේ නැතුව ම ඔහොම ගියා ම අපිට අවිද්‍යා ආශ්‍රවයට ස්ථාවරය අඩු වෙලා අවිද්‍යා ආශ්‍රවය කියන කතාව නැති වෙනවා. එහෙම නම් අභිනිවේසය වෙන්නා වූ කාරණා දෙකෙන් එකක් ගැලවිලා ගියා. ඒ පාර දැන් ඊළඟ කාරණාව බැලුවා. ඊළඟ කාරණාව කියන්නේ අර වේදනාව පරාමාස වීම කියන එක. එතකොට ඒක මම මුලින් ම කල්පනා කළේ ඒ වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් පරාමාසය. අර තණ්හාව කියලා අපි කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා නිකාමයමානා කියලා තණ්හාවට ඇති කැමැත්ත. මේක නැති වෙන්න එපැයි.
එතකොට මේක නැති වෙන්න නම් කොහොම ද වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් එක ම දේ තමයි අර පල්ලෙහායින් එන කතාව නැති වෙන්න ඕනෙ. ඒ කියන්නේ අපි එන්න ඕනෙ අර භයේ අගතියේ ඉඳන් අර වේදනාව දක්වා එන්නා වූ එක තියෙනවා නේ, ඒක නැති වෙන්නේ මොකෙන් ද? විමුක්තියෙන්, විමුක්ති චිත්තයෙන්. ඒ කියන්නේ අපේ අර මේ diamond එක, දන්නව නේ diamond එක. පාරිසුද්ධිපධානියඞ්ගය හතර භාවිතා කරනවා කියන එක. මේක නැති වුණා නම් හරි. එහෙනම් ඉතින් මොන විමුක්තිය ද මෙතන? ආකිඤ්චන විමුක්තිය. අපි කලින් භාවනාවක ඒක කළා. ඔය ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාද හතර සහිතව ඇති වන සමාධිය. ඒ සමාධියෙන් අපි පෙන්නුවා එතන මේ ආකිඤ්චන විමුක්තිය කියන එක තියෙනවා කියන එක. ඒ ආකිඤ්චන විමුක්තිය ඇති වුණාට පස්සේ එහෙම නම් මේ පැත්තෙන් කෑල්ලකුත් නෑ. ඒ කියන්නේ අභිනිවේසය හදන්නා වූ එක වේදනාව පරාමාස වීමෙනුත් නෑ. අනිත් පැත්තෙන් අවිද්‍යා ආශ්‍රවය කියන එකේ අර stability කියන එක නැති වීම නිසා ඒකත් නෑ, ඉතින් එහෙනම් අභිනිවේසයත් නෑ.
අන්න ඒ අවස්ථාව බොහොම හොඳයි. අර ඒ විදිහට දැක්කහම ඒ අවස්ථාව අර ඒ ආකිඤ්චන විමුක්තිය කියන එක දැන් මට එතන ඇති වෙලා ඒකෙදි අර සිතුවා විතරයි, ආකිඤ්චන විමුක්තියට වෙනම ගියා කියන එක නෙමෙයි. කලින් ගිය එක සිහි වීමත් එක්ක තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් රහතන් වහන්සේ “ඇති” කියලා කිව්වා. මම නැවැත්තුවා. ඔය ඕක කරගෙන යනකොට මට ආවා දැන් අර සංස්කාරයට අභිනිවේසය කියන එක මේ ධර්මය කියන්න තියෙන සංස්කාරයට තියෙන අභිනිවේසයත් නැහැයි කියන එක. ඒ තත්වයට ආවා මනස. ආපහු භාවනාව ඕනෙත් නැතෙයි කියන එක. ඊට පස්සේ දැන් ඇතියි කියලා හිතලා ඊට පස්සේ මම ආපහු මේක සිහි කරන්න ගත්තා.
දැන් ඉතින් කියන්න ඕනෙ කියන එක තියෙනවා නේ. ඒකට සිහි කරන්න ගත්තට එන්නේ නැහැ. එන්නේ නැහැයි කියලා කියන්නේ අර විමුක්ති චිත්තය කියන එක එහෙම ම පවතිනවා, මේක කියන්නෙයි කියලා අමුතුවෙන් ඒක හදන්න මේවා නැහැ. හැබැයි අර knowledge instance එක තියෙනවා කියන එක මට තේරුණා. මේක මෙහෙමයි වෙන්නේ, ඒක ඕන්නම් කියන්න පුළුවන් තරමට, නමුත් අරක කරකවන්න බැරිකම කියන එක. ඒ කියන්නේ ඉතින් ඔතන පෙන්නුවා නේ රහතන් වහන්සේ කලින් කාම සඤ්ඤාව කියලා කියන්නේ මොකක් ද? අර සංස්කාරය නිසා විඤ්ඤාණය පවතින්න තියෙන කැමැත්ත. එතකොට සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමක් කියන එක මෙතන නැති වෙලා යනවා මොකද මේ අභිනිවේසය කියන එක ගියායින් පස්සේ. ඉතින් අර බුදුහාමුදුරුවෝ බණ කියන්න මේකක් නැති වුණා කියන එක, අන්න ඒ විදිහට ඒක පැහැදිලි වෙනවා හොඳට.
ඒක තමයි මං කරපු භාවනාව.