Date: 02/03/2015 Name: Three Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශයක සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා, එතකොට මට තේරුණා ඒ බුදු පියාණන්ගේ ආලෝකය මම දැක්කා, ඒ විදිහට ඒ බුදුපියවරු හත් නම එහෙම සිහි කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට කිව්වා මේ 29 වෙනිදා ජනවාරි මාසේ 2015, මාන භාවනාව කරන්නෙයි කියලා. එතකොට ඒ භාවනාවේ, මේ කරලා තියෙන්නේ අර ලෝභය නැති කරමි කියලා ගත්තහම කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, අර රූපය, ජරා වෙනවා. ජරා වෙන රූපය අල්ලලා අපි කරකවනවා. මාන වන්නේ ය, මේක නොපවතීයි කියන එක තමයි ඒ භාවනාවේ දී අරගෙන තියෙන්නේ. ඔය විදිහට සඤ්ඤාව, සංස්කාර ඔය විදිහට බලලා තියෙනවා. එතකොට මේකෙ අද මම බලනකොට ම ආපු දේ තමයි ඔය ජරාව කියන එක 5.3 කියන point එකට එන්නේ සෝකය හරහා. සෝකය හදලායි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන සෝකයට ඇවිල්ලා තියෙන්නේ පරිදේවය හරහා.

එතකොට මේක හරියට බැලුවහම මේ මනුස්සයෙක් මොකක් හරි එකක් හදලා, අපි හිතමු dam එකක් හදලා තියෙනවා කියලා. වතුර බැඳලා තියෙන. ඒක හදලා ඇවිල්ලා ඉන්නකොට අනිත් මිනිස්සු ඇවිල්ලා හිනා වෙවී කියනවා අන්න හදපු dam එක කැඩිලා කියලා. කිව්ව ගමන් මේ මනුස්සයට නිකම් හෝස් ගාලා ඇවිලිලා යන්නේ. ලොකු සෝකයක් ඇති වෙනවා මේක හදපු එක කැඩුණ ද කියලා. සෝක කරන සඤ්ඤාව කියන එක එතන ආවා. එතකොට මේ වෙලාවෙදි මේ උපායාසය කියන එක දෝමනස්සය හරහා වෙනවා කියන එකත්, මේ වේදනාවේ ජරාව කියන එක පරිදේවය හරහා සිදු වෙනවා කියන එකත්, ඒක මට ආවා, ඒ දෙක ම. ඒ වෙනකොට මගේ මේ සති ඉන්ද්‍රියයි, ඉහළ ම ඵල චිත්තයයි, ප්‍රඥා ඉන්ද්‍රියයි ඔක්කොම නළලේ ඇති වෙලා තියෙනවා. ඉහළ ම සමාධියකින් හිටියේ. අර ආකිඤ්චන විමුක්තියක් තමයි තිබිලා තියෙන්නේ එතෙන්දි. මම හිතන්නේ මිනිත්තු කිහිපයක් මම එතන හිටියා.

මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. සංස්කාරවලට මාන නොවිය යුතුයි. එහෙම නම් අර B කියන point එක සෑදිය නොහැක. A වල ස්ථාවරය කියන එක එතකොට නැති වෙනවා. එතකොට අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා. දැන් අපිට පේනවා පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. මේ අභිනිවේසය කියන එකට අගය දෙන දෙකෙන් එකක් නැති වෙලා විනාස වෙලා ගියා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය ගියා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ අර පරාමාසයෙන් එන්නා වූ දේ. ඉතින් එතෙන්දි අපි දන්නවා අර වේදනා, චේතනා, පරාමාස, අර අත්තා කියලා පල්ලෙහාට බහින එක කියන එක තියෙනවා. එතකොට සංස්කාරවලට මාන වීම නිසා මිච්ඡා දිට්ඨිය වෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා මානය ඇති වෙනවා, අපි ඕක දන්නවා. එතකොට මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා නම් අපි දන්නවා ඒ කියන්නේ දුක්ඛය කියන එක දන්නේ නෑ. දුක්ඛ සමුදය නොදනී, දුක්ඛ නිරෝධය නොදනී, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන එක නොදනී. එතකොට මට මෙතනදි ආවා අර සතිය ඇති නම් මිච්ඡා දිට්ඨිය කියන එක වෙන්නේ නෑ. ඒ සමුදයේ අස්තංගමය එයා දන්නවා. එතකොට මේ වෙලාවෙදි මට ආලෝකය ඇති වුණා.

ආලෝකය සහිතව දැන් මම දන්නවා හොඳට ම හය වෙනි ධ්‍යානයේ මම ඉන්නවා. දැන් බොහෝ වෙලාවක්, දැන් යට කෙළවරෙන් ආකිඤ්චන විමුක්තිය මෙහෙන් උඩ ඇවිල්ලා ආලෝකය සහිතව මම ඉන්නවා, හැබැයි මේ ආලෝකය හොඳට පේනවා. ඉතින් මම ඒ රහතන් වහන්සේලාවත් දැක්කා. වැඳ නමස්කාරත් කළා. ඊට පස්සේ මෙහෙම බොහෝ වෙලාවක් ඉඳලා, ඒ කියන්නේ මෙහෙම වෙන්න හේතුව මොකද, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් විඤ්ඤාණයේ පැවතීමට ඉඩ නොදීම, ඒ නිසා වේදනාව අළලා නිර්වාණයේ ගුණ මැකීම නැතිව ගොස් ඇත. එතකොට මේ විදිහට බුදුපියවරුන්ට එහෙම දැකලා වැඳ නමස්කාර කළා. දැන් ඊට පස්සේ, දැන් සඤ්ඤාව සෝක කරන සඤ්ඤාව මෙන්න මේක මට සිහි වුණා. මොකද අපි හයට ආවා ම අපි හතටනේ ආපහු යන්නේ. ඒක සිහි වුණා. එතකොට මේක ලාභයක් කියලා අරගෙන අර අත්තා වීම කියන එක පෙර පරාමාස වූ ධර්මයෝ කියනවා ඒ අත්තා කියලා ගත්තා වූ දේ පහ කරනවා කියලා රහතන් වහන්සේ පෙන්නන්නේ අර special වැඩසටහනේ. අන්න ඒක මට සිහි වුණා.

එතකොට ඒක පහ කළා. පහ කිරීම කියන එක සිහි කළා. කළහම වේදනා, සඤ්ඤා සහ මේවා සත්‍යයි, ඉදංසච්චයෙ සිට පරාමාසයට පැමිණි දේ ඇත. වේදනාව ඇවිල්ලා තියෙනවා අර සඤ්ඤාවෙන් ඇවිල්ලා තියෙනවා පරාමාසයට, ඊට පස්සේ දැන් අපි අර සුභයි කියලා අර පැත්තට ගියා නම් ඒක ආපහු ඉදංසච්චයේ ඉඳන් එනවා පරාමාසයට. එතකොට අන්න ඒ දේ තියෙනවා. මේක පහ වීම ශාන්ත යැයි කියලා මම ගත්තා. සිහි කළා. ඒ ගත්තයින් පස්සේ හරි ම හොඳයි, ඒ මැද්ද නිකම් පුදුමාකාරයි ඒ තත්වය, ඒ අප්පණිහිත චෙතො විමුක්ති තමයි ඒ තියෙන්නේ. ඒක දැනගෙන මම එතන අප්පණිහිත චෙතො විමුක්තියේ මිනිත්තු පහක් පමණ එතන හිටියා. ඒක තමයි මේකේ භාවනාව. ඉතින් මේ විමුක්ති තුන ම. භාවනාවේ නමත් විමුක්ති තුන කියන එක.