ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින උත්තරීතර ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වශයෙන්, ඒ බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ප්‍රදේශයක සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවෙන් පටන් ගත්තා. ඒකේ අර අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ, උපායාස, පියෙහි විප්පයොගය, අප්පියෙහි සම්පයොගය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, අර 4.4, 5.3 ඒ විදිහට දාලා තියෙන්නේ.
එතකොට සෝකය හරහා සඤ්ඤාවේ ජරාව සිදුවීම කියන එක සිහි කළා. ඒ සිහි කරපු වෙලාවේ ම ඉහළ ම ඵල චිත්තය ඇති වෙලා තියෙන බව මම දැනගත්තා. ඒ රෝගී සඤ්ඤාවත් සහ එය ඇති වෙන ක්‍රමය දැනීම නිසා මේක සිදු වෙනවා කියන එක මට තේරුණා.
උපායාසය 7.7 සංස්කාරවල ජරාව. මෙතැන දී අර අප්පණිහිත චෙතො විමුක්තිය කියන ඒක ඇති වී තිබුණා. එතකොට සියල්ල දුක වශයෙන් දැනීම මාන නොවිය යුතුයි කියන අදහස සමඟ ම තමයි ඒක සිද්ධ තිබුණා. එතකොට මෙහි දී “අට්ටීයති, හරායති, ජිගුච්ඡති” කියන එක මට ඇහුණා. සංස්කාර නිසා පීඩාවට පත් වන්නේ ය. මේවා සාදන සංස්කාර ගැන ලැජ්ජාවට පත් වන්නේ ය. ඒ කියන්නේ සංස්කාර නිසා සංස්කාරයන් ඇති වෙනවා. නොපවත්නා දෙයක් ම අපි සාදනවා කියලා තිබුණා. සඤ්ඤාව ගැන ජිගුච්ඡති, පිළිකුල් සහගත වීම කියන එක ගැනීම අනුව.
එතකොට මෙහි දී “විමුක්ති ඥාන දස්සනය” ඇති බව පැවසුවා රහතන් වහන්සේ. එය එසේ ය, දැනගෙන ම ඒ විමුක්තිය ඇති වූයේ ය. ඒ ඉහළ ඵල චිත්තය, අප්පණිහිත චෙතො විමුක්තිය, ඒ ඔක්කොම දැනගෙන සිදු වුණා.
එතකොට දැන් අර bell shaped curve එකේ B කියන point එක සෑදීම කළ නොහැකි බව සිහි වුණා. පහළින් එන ධර්මයන් නිසා තමයි අපි A කියන එක හදන්නේ. ඒ කියන්නේ භය අගති, සෝක, කාම ආශ්‍රවය. B සෑදීම කියන එක කරන්නට බැරි නම් අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා, අන්න ඒ අවස්ථාවේ දී අර ආලෝකය කියන එක ඇති වුණා.
දැන් අපිට තියෙනවා අර cross එක, සඤ්ඤා, පරාමාස, වේදනා, චේතනා. එහා පැත්තෙන් ආපහු තියෙනවා අර චේතනාවෙන්, ඉදංසච්චය, පරාමාසයෙන් විඤ්ඤාණය කියන එකට යන cross එක. එතකොට අපිට පේනවා මේ පදුට්ඨමනසඞ්කප්පය මගින් තමයි පරාමාස වීම කියන එක සිද්ධ වෙන්නේ. අර නාමරූප නිසා චේතනාවෙන් ඇවිල්ලා එන අගය එතනින් තල්ලු කරලා දානවා, ඒ කියන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන්නේ, ඒකෙන් පදුට්ඨමනසඞ්කප්පය මේවා වෙනවා.
එතකොට මේක වෙන්නේ නැත්නම්, පරාමාස වෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවෙදි මට තේරුණා මේ බෝක්කුව කියන එක කැඩිලා. අර මරණ මොහොතක් කියන එක. අර චේතනා, අර උඩ සංස්කාර cross එක, විඤ්ඤාණය කියන කෑල්ල තියෙනවා, පරාමාසයට මොකුත් නැහැ.
දැන් එතකොට අනාශ්‍රව සඤ්ඤා කියන එක මට සිහි වුණා. අන්න එතෙන්දී අපිට පේනවා, සුභයි, නිත්‍යයි ඊළඟට සංස්කාර නිත්‍යයි කියලා ඇතුල් වෙන එක, අන්න එහෙම නම් අපිට ආපසු එනවා, අපිට අට්ටීයති කිව්වහම සංස්කාර කියන කෑල්ල, හරායති කිව්වහම අර නිත්‍ය කියන කතාවට. මොකද මේ සංස්කාරයන් ගැන අපි පීඩාවට පත් වෙනවා, සංස්කාරය සෑදීම ගැනත් ඒ නිත්‍යභාවය නැති බව නිසා ලැජ්ජා විය යුතුයි කියන එකයි එතන අපි හරායති කියලා කියන්නේ. ජිගුච්ඡති කියලා කියන්නේ අතන අර සුභයි කියලා ගන්න ඒ සඤ්ඤාව පිළිකුල් කරනවා කියන එක.
එතකොට මේ විදිහට අප්පණිහිත චෙතො විමුක්තියේ බොහෝ වෙලාවක් හිටියා. ඉන් අනතුරුව මේවාටවත් මාන නොවිය යුතු බවත් තේරුම් ගත්තා. ඒක තමයි මං කරපු භාවනාව.