Date: 04/03/2015 Name: NirodhaSamapattiNaana

ඒ බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරනවා නම් සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. මේ විදිහට හත් නමක් සිහි කරලා මම වැඳ නමස්කාර කරනකොට ම මට තේරුණා, මේ සම්මා දිට්ඨිය, අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාවත් එක්ක නිසා නේ මේක එන්නේ, පල්ලෙහායින් අර භය අගතිය එක්ක. ඒ එක්ක ම මට ඔක්කොම පංචඉන්ද්‍රියයන් තියෙනවා කියන එක මට තේරුණා. ඒ විදිහට ඒ බුදුපියාණන් වහන්සේලා දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මට කිව්වේ ඊයේ භාවනාව ම කරගෙන යන්න කියලා. ඉතින් ඊයේ භාවනාවේ අපි දන්නවා අර ජාති ජරා, ව්‍යාධි, මරණ, උපායාස, පියෙහි විප්පයොගය, අප්පියෙහි සම්පයොගය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, කියන එක පල්ලෙහායින් බැලුවහම එකේ අර 5.3 ජරාව, සෝකය හරහායි මේ ජරාව සිද්ධ වෙන්නේ කියන එක.

එතකොට සඤ්ඤාවත්, සියලුම සඤ්ඤාවන් ජරාවන් කියලා රෝගී කියන එක තේරුම් ගත්ත මනුස්සයට මෙතන මේ අවස්ථාවේ දී අර ඉහළ ම ඵල චිත්තය එතන නැංවෙලා තියෙනවා.

එතකොට එතන උපායාසය, සංස්කාරයේ ජරාව, ඉතින් ඒ හරියේදි අප්පණිහිත චෙතො විමුක්තිය ඒ විදිහට ඇති වෙනවා. 7.7 කියන එක බැලුවහම. ආපහු අර වගේ අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ඒ කොටස මම බැලුවා.

ඒක කළාට පස්සේ අර B කියන point එක හදන්න බැහැයි කියන එක ගත්තා. ඉතින් ඒක නිසා අර අපි දන්නවා අර A වල stability එක කියන එක නැති වෙනවා. ස්ථාවරය නැති වුණා ම අවිද්‍යා ආශ්‍රවයට පහර වැදුණා. ඒ පහර වැදුණට පස්සේ එතැන දී අපිට පේනවා අර පරාමාස, අභිනිවේස, ඊළඟට අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කෙළවරට දැන් පහර වැදිලා තියෙන්නේ.

ඉතින් මේකත් එක්ක ම අර ඊයේ වගේ ම ඒ පදුට්ඨමනසඞ්කප්පය නිසා තමයි මේක පරාමාසයට ඇතුල් වෙන්නේ කියන එක අර මරණ මොහොතක බෝක්කුව කැඩිලා තියෙන අවස්ථාව, ඒක සිහි කළා, එහෙම නම් පරාමාසය එහෙම නම් අපිට පේනවා මේ චේතනාවෙන් පරාමාස වෙන ඒවයි, සංස්කාර නිසා පරාමාස වෙන ඒවයි, ඒ පැත්ත isolate වෙලා තියෙන්නේ, අනෙක් පැත්තෙන් ගත්තහම වේදනා, චේතනා, සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට එන එකකුත් නැහැයි කියන එක.

ඉතින් ඔය තත්වයට පත් වෙලා අර triangle එකත් බැලුවා, අනාශ්‍රව සඤ්ඤාව. අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක, සංස්කාරවලට අට්ටීයති, සංස්කාරයන් ගැන පීඩාවට පත් වෙනවා. ඊළඟට අර නිත්‍යයි කියලා පල්ලෙහාට එන එක, සංස්කාර සෑදීම ගැන, ඒක ගැනත් ඒකේ නිත්‍යභාවයක් නැති බව නිසා ලැජ්ජාවට පත් වෙනවා. සුභයි කියන එක තමයි ඇදෙන්නේ ඉදංසච්චයට, එතකොට එතැන දී ජිගුච්ඡති කියන එක. සඤ්ඤාවට.

ඉතින් මේ ටික මෙහෙම බැලුවට පස්සේ, දැන් මම ආපහු ආවා අනෙක් පැත්තට, අනෙක් පැත්තට කියලා කියන්නේ දැන් උඩ බෝක්කුව කැඩිලා ගිහිල්ලා නේ තියෙන්නේ, එතකොට එහෙම නම් දැන් ස්පර්ශය නිසා සඤ්ඤාව, එතැන ස්පර්ශය නිසා වේදනාව, මෙන්න මේ තත්වයට ආවහම රහතන් වහන්සේ කිව්වා “මට මේ විවේකයෙන් ඉන්න” කියලා.

ඉතින් විවේකයෙන් ඉන්න කියලා රහතන් වහන්සේ කිව්වහම ඒ කියන්නේ විවෙකදස්සි ඵස්සෙසූ, මේක කරන්න බැහැයි කියන අර්ථය නේ තියෙන්නේ, එහෙම නම් එහා පැත්ත හදන්න බැහැ. ඒක හරියට, මේ දැන් චේතනා කරන්නේ නැහැ මේ මනුස්සයා, මොකක්වත් හදන්න බැරි නම්, චේතනාව කියන එකට ඒක පහර වදිනවා, intention එකක් නැහැ මොකක්වත් හදන්න. බඩු ටික ගෙනල්ලා තියෙනවා, බඩු ටික ගෙනල්ලා ඇති වැඩකුත් නැහැයි කියන අර්ථය එයාට තියෙනවා, ඇයි හදන්නේ නැත්නම් බඩු මොකට ද, නිකන් ලී කෑලි, අරවයි මේවයි, යකඩ කෑලි ගෙනත් තියාගන්න ඕනේ නැහැ නේ කියන අර්ථය එයාට තියෙනවා.

ඉතින් එහෙම නම් ස්පර්ශ වෙන්න දෙන්නේ නැත්නම් හදන්න බැරි නිසා, ඉතින් මෙතන අර මට ආපහු මතක් වුණා අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක, අර පල්ලෙහා triangle එක, ඒ කියන්නේ අර අපි දන්නවා නේ සුභයි, නිත්‍යයි, සංස්කාර කියන එක, එතෙන්ට ආපහු focus වුණහම, ඉතින් මට පේනවා මේ පරාමාසය කියන එක සම්පූර්ණයෙන් isolate වෙනවා මේ විදිහට ගත්තහම, පරාමාසයට සම්බන්ධතාවයක් මොකක්වත් නැහැ, උඩ පාත්තරේ කැරකිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ, මොකද යට පාත්තරේ යට ඒවායෙන් වතුරින් මුකුත් සම්බන්ධයක් නැති නිසා, කියන එක, අන්න ඒ අවස්ථාවේ දී ඔහොම ඉන්නකොට මට තේරුණා මම නිරෝධයට යනවා කියලා, එතකොට ඒ විදිහට මේ දැනගෙන නිරෝධයට යන්න පුළුවන්. මේක තමයි මේ නිරොධසමාපත්‌ති ඥානය කියන එක, මේ විදිහට ආවහම. ඒක තමයි මං කරපු භාවනාව.

ඒ භාවනාවේ දී මම රහතන් වහන්සේ විවේකයෙන් ඉන්නවා කියන අවස්ථාව, කියන එක ගත්තහම එතැන දී මට ආවේ දැන් මෙතන අර ස්පර්ශය කියන එක වෙන්නේ නැහැයි කියන එක නේ, එතකොට ස්පර්ශය වෙන්න නැහැයි කිව්වහම මට කෙළින් ම මතක් වුණේ, මතක ද අර දෝෂාරෝපණ චිත්තය, කියලා මෙපැත්තෙන් දුස්සීලභාවය, කෙළින් ම ඉද්ධි diagram එකට මගේ සම්බන්ධ වුණා, එතැන දී මේ පැත්ත කාමච්ඡන්දය, එතකොට එහෙම නම් පදුට්ඨමනසඞ්කප්පය කිව්වහම මේ කාමය මේ සංකල්පයන්ට තිබෙන කැමැත්ත, ඒක උඩ නේ අතන පල්ලෙහාට එන්නේ, එතකොට පරාමාසයට එන්නේ, එතකොට ඒක කරන්නේ නැහැයි කියන අර්ථය එතන තිබෙනවා, එතකොට ඒක ගත්තහම අර මම කිව්ව නේ අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක, මම ඒක apply කළා අර උඩ triangle එකට ඒ මොහොතේ දී, ඒ කියන්නේ උඩ triangle එකේ තියෙනවා, රූපය, ස්පර්ශය, සඤ්ඤාව, අන්න අට්ටීයති, හරායති, ජිගුච්ඡති අර වගේ ම triangle එකක් මේ තියෙන්නේ.

එතකොට අර අට්ටීයති කියලා කිව්වහම රූපය නිසා අපිට මෙතැන ස්පර්ශයක් ඇති වෙනවා නේ, ආන්න එක අපි අට්ටීයති, ඒකෙන් පීඩාවට පත් වෙනවා, හරායති කියලා කිව්වහම අර මේ ස්පර්ශයයි සඤ්ඤාවයි, ඒකෙදි අපිට ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන්නා වූ ඒ දේට, එතන දී අපිට අර නිත්‍යයි කියලා සංස්කාරයක් හැදීමක් නේ, සඤ්ඤාව හැදුවා කිව්වත් සංස්කාරයක් හැදීමක් එතන, එතකොට ඒක ගැන අපිට ලැජ්ජාව කියන එක. ඊළඟට ජිගුච්ඡති, අතන අපි දන්නවා ඕකෙන් අපි ලකුණු කරනවා සුභයි කියලා රූපයේ ඉඳන් සඤ්ඤාවට සුභයි කියලා, ඒක පිළිකුල් කරනවා. ඔන්න ඔය කෑල්ල ඇවිල්ලා තමයි නිරෝධය කියන එකට මගේ ඔය විදිහට මම ආවේ.