Date: 05/03/2015 Name: AsvakkayaNaana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ යම්කිසි තැනක වැඩ වාසය කරනවා ද ඒ බුදුපියා වාසය කරන තැන සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම වැඳ නමස්කාර කළහම අර ඊයේ වගේ ම මගේ අර සම්මා දිට්ඨිය නිසා මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියන එක ම එකත් එක්ක ම ඒ බොහොම හොඳට සමාධිය සහිතව සිටියා. දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවත කරන්නෙයි කියලා කිව්වා. ඒකෙ අපි දන්නවා කෙටියෙන් කියනවා නම්, ජරාව 5.3 කියන එක සෝකය හරහා සඤ්ඤාවේ ජරා වීම සිහි කළා, ඉතින් ඒ විදිහට ම ඒ ඵල චිත්තයන් නැංවිලා තිබුණා.

ඊට පස්සේ අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා සිහි කළා. එතකොට එතෙන්දි අපි දන්නවා පරාමාසයේ ඉඳන් ඉදංසච්ච නිත්‍ය, මෝහයේ ඉඳන් පරාමාසය, එකේ අපි බලනවා මෝහය ඉඳන් පරාමාසයට යන එක එතන සංස්කාර අට්ටීයති, නිත්‍ය කියලා ගන්න එක හරායති, අර ඊළඟට සුභයි කියලා පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට ඇතුල් වෙන එක, ඒක පිළිකුල් කරනවා ජිගුච්ඡති.

එතකොට ඊට පස්සේ අපි දන්නවා ඉතින් ඒකෙන් අපි අර බලනවා අර bell shaped curve එකේ A, B කියන points දෙක, එතකොට ඒකේ අපි දන්නවා B කියන point එක අපි හදන්නේ නැත්නම්, අර A වල ස්ථාවරය කියන එක නැති වෙනවා. එතකොට ඒ ස්ථාවරය නැති වෙනවා නම් අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා. ඉතින් අන්තිමට ගත්තහම, පදුට්ඨමනසඞ්කප්පයට තමයි පහර වැදිලා තියෙන්නේ කියන එක පේනවා.

එතකොට පරාමාසය මේ විදිහට අර isolate වෙනවා කියන එක දකිනවා, පාලම කැඩිච්ච අවස්ථාව සිහි කළා, ඊට පස්සේ මම බැලුවා ඔය මේකේ මුල. අර රූපයයි, ස්පර්ශයයි, සඤ්ඤාවයි, එතෙන්දිත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක බැලුවා. එතකොට අට්ටීයති කියන එක අපි ගත්තොතින් එහෙම රූපයේ ඉඳන් ස්පර්ශයට යන එක අට්ටීයති කියන එක a1 කිව්වොත්, ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන එක b1 කිව්වොත් එක හරායති, ඊළඟට අපිට පේනවා රූපයේ ඉඳන් සඤ්ඤාවට එන එක ජිගුච්ඡති කියලා තියෙනවා.

මේක ම අපිට පේනවා, අපි අර පරාමාසයේ ඉඳන් උඩ ථීනය තියෙන්නේ, සංස්කාර කොටුව හැටියට මේ ථීනය, ආන්න ඒක අපි කිව්වොතින් a2 කියලා, ඒ ථීනය ඉඳන් ඉදංසච්චයට යනවා කියන එක b2, එතකොට මේක ම නේ ද මෙතැන තියෙන්නේ කියන එක පේනවා. ඒ කියන්නේ රූප, ස්පර්ශ a1 නම්, පරාමාස, ථීන a2, a1 නිසා a2 කියන එක ඇති වෙනවා.

ඊළඟට අපිට පේනවා ස්පර්ශය නිසා සඤ්ඤාව b1 නම්, ථීනය ඉඳන් ඉදංසච්චයට යන එක b2, කියන එක පේනවා.

එතකොට එහෙම නම් ඒ රූප සඤ්ඤා කියන එක සුභ, මෝහයට පත් වෙලා පරාමාස ඉදංසච්චය කියන එක ආපහු සුභ කියලා තියෙනවා. එහෙම වීම සිදු වී ඇත. මේක දැක්කත් එක්ක ම අනාශ්‍රව චිත්තය ම පැවතුණා. එතකොට “මෙහෙම සිටීම මගින් ආශ්‍රව නැසිය හැකියි” කියන එක රහතන් වහන්සේ කිව්වා.

ඉතින් මට ඔළුවේ මුදුන බොහොම හොඳින් දැනුණා. ඒ අනතුරුව, එහෙනම් ඒ කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික වීමට අනතුරුව තමයි අනාශ්‍රව වුණ බව මට වැටහුණේ.

අන්න ඒක තමයි මං කරපු භාවනාව. එකේ නම ආසවක්ඛය ඥානය.