ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා, මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා. ඉතින් මේ බුදුපියවරු මෙහෙම සිතනකොට ම මගේ දැන් අර සිත කෙළින් ම අර මිච්ඡා දිට්ඨියත් එක්ක ඒ වෙන්නා වූ දේ, සිද්ධ වෙන්නේ නැති ස්වභාවයට ඒක පත් වෙනවා. ඒ ඉහළ ම මේ ඵල චිත්තයන් ඒ විදිහට නැංවෙන ස්වභාවය තියෙනවා. සති ඉන්ද්‍රිය කියන එක හොඳට තව පවතිනවා කියලා. ඉතින් දාහතර නම ම මෙහෙම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් මට ඊයේ භාවනාව ම තමයි නැවතත් කරන්නයි කියලා කිව්වේ, ඉතින් එතැන දී අර 5.3 ජරා කියන එක, සෝකය අපි දන්නවා 4.4, සෝකය හරහා සඤ්ඤාවේ ජරා වීම කියන එක සිහි කළා. ඒ සිහි කරලා ඊට පස්සේ අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක සිහි කළා, ඊට පස්සේ ඒ කියන්නේ, පරාමාස, ඉදංසච්ච, මෝහ, පරාමාස කියන එක. එතකොට සංස්කාර පැත්ත අට්ටීයති.
ඊළඟට සංස්කාර නිසා ආපහු සංස්කාරයක් හැදෙනවා ද ඒක අපි මේ ලැජ්ජාවට පත් වෙනවා හරායති කියන එක ඒ නිත්‍යභාවයක් කියන එක ගත්තා කියලා. ඉතින් මෙහෙම අරගෙන ඉතින් තවත් පැහැදිලි වෙනවා මේ අපි යන්නේ කොහාට ද කියන එක, මෙතැන දී සුභයි කියන එකට නේ යන්න හදන්නේ. ඉතින් පිළිකුල් කරනවා ඒක. එතකොට මෙතනින් අපි දන්නවා මේ පහළින් මේ විදිහට සෝකයේ ඉඳන් ඔය ජරාව දක්වා ඇවිල්ලා අපි එන්නේ මොකක් ද අන්තිමට භය අගතියේ ඉඳන්, සෝකය, කාම ආශ්‍රව කියන පැත්තට නේ එන්නේ. ඉතින් එකෙන් අපි දන්නවා අපි හදනවා කියලා අර A කියන point එක සඳහා තමයි මේ තුඩු දෙන්නේ.
ඊට පස්සේ අපි B කියන එකට එනවා. මෙතැන දී අපි ගත්තහම, වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රවය කියන එක. ඉතින් එතෙන්දි අපි තේරුම් ගත්තා මේ B කියන point එක හදන්න බැ, මේ මැරිච්ච සංස්කාර ආපහු හදනවා කියන එකවත්, මේ ජරා වන රූපය නිසා මේක කරනවා කියන එකවත් කරන්න බැ.
ඉතින් මේක තේරුම් ගත්තහම අර B කියන එක හදන්න බැරි නම් අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා පදුට්ඨමනසඞ්කප්පයට කියන එකට පහර වදිනවා. ඉතින් පරාමාසය isolate වෙනවා කියන එක අපි තේරුවා අර බෝක්කුව කැඩිලා වගේ තියෙන අවස්ථාව.
ඉතින් ඒකෙන් ආපහු කල්පනා කළා, අර දැන් අපි ඊයේ පෙන්නුවා නේ රූපයේ ඉඳන් ස්පර්ශයට එනවා, ඒක අට්ටීයති, ඊළඟට අපි ඔකේ ආපහු ඔය විදිහට ම අපි බැලුවා ඒ පරාමාස, මෝහය අතර තියෙන ඒ සංස්කාරය කියන එක, අට්ටීයති කියලා, එතකොට ඊළඟට අපි දන්නවා ස්පර්ශය නිසා සඤ්ඤාව ඇති වෙනවා කියන එක, ඒක හරායති, අර ඉදංසච්චයේ ඉඳන් මෝහය දක්කවා තියෙන නිත්‍ය කියන කතාවත් එක්ක එන එක, ඒකටත් හරායති.
එතකොට ඊළඟට ඒ රූපයේ ඉඳන් සඤ්ඤාවට එනවා ඒක ජිගුච්ඡති, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට එන එකත් ජිගුච්ඡති කියන එක තියෙනවා. දැන් ඊට පස්සේ අපි බැලුවා රූපයේ ඉඳන් ස්පර්ශයට එන එක a1 වෙනවා නම් පරාමාසයේ ඉඳන් ථීනමිද්ධයට යන්නා වූ කියන එක a2 වෙනවා කියලා, ඉතින් ඔය රේඛා දෙක දික් කළොතින් ඕක අර කොසජ්ජය කියන තැනට තමයි සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් ඊළඟට ඒ කියන්නේ ඒ දෙක සම්බන්ධ වෙනවා නේ පල්ලෙහායින්, ඒ කියන්නේ රූපයයි, ස්පර්ශයයි මේක යම් ආකාරයකට ඒ කොසජ්ජයත් එක්ක සම්බන්ධතාවයකුත් තියෙනවා.
ඊළඟට ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යනවා කිව්වහම, b1 කිව්වොතින්, ඒක අපි කිව්වා ථීනයේ ඉඳන් ඉදංසච්චයට යනවා b2 කියලා.
ඊළඟට රහතන් වහන්සේ පෙන්නුවා, රූපයේ ඉඳන් සඤ්ඤාව අපි සුභ වෙනවා නම්, මෝහයට පත් වී පරාමාස ඉදංසච්ච වීම, සුභ වීම කියන එක. ඔන්න ඔය කෑල්ල තමයි මම අල්ල ගත්තේ භාවනාවේ දී. මෝහයට පත් වීම, ඒ කියන්නේ රූපයක් ස්පර්ශ වෙච්ච පලියට ම, අපි පෙර මෝහ වුණා කියලා අපි පෙර මේවා ගත්තා කියලා, දැන් මෝහ වෙන්නේ නැත්නම්, මේ ධර්මය තේරුම් ගත්ත මනුස්සයා ඉස්සර කළා තමයි. රූපයක් ගත්ත ගමන් අපි මෝහයට යන්න අවශ්‍ය නැ, මෝහයට පත් වීම ඒක වෙනවා. මෙන්න මේ කෑල්ලයි මම අල්ල ගත්තේ, එතකොට මෙහෙම වෙන්න ඕනේ නැහැයි කියන එක.
ඉතින් ඒක වුණායින් පස්සේ මනසේ පුළුවන්කම තියෙනවා, ඉතින් මට තේරුණා, මම දන්නේ නැහැ මට නිකන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා, රූප පේනවා වගේ මේක තිබුණා.
ඒ රහතන් වහන්සේ පෙන්නුවේ, මේකෙ ඒ භාවනාවේ මම ඉතින් දීර්ඝ කාලයක් ඔය විදිහට හිටියා. ඒ නොගියා වූ ඒ ධ්‍යානයක්, නොගියා වූ දෙයක් නැහැයි කියන එකයි. ඒ ඕනෑ ම එකක් තමන් හිතුවා ද කරන්න පුළුවන්. දැන් නිරෝධය කියන එකට මම ගියා ද කියන එක නිරෝධය කියන එක සිහි කළහම අනාශ්‍රව වෙලා නිරෝධ වෙනවා. ඒ තත්වයට ගියාට පස්සේ, ඒ කියන්නේ තමන්ට කැමති එකක් කරන්න පුළුවන්කම තියෙනවා.
ඒක තමයි කරපු භාවනාව.