Date: 07/03/2015 Name: 7 Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල ඒ සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. ඒ විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව මට නැවතත් කරන්නයි කියලා කිව්වා. එතකොට ඊයේ භාවනාවේ අපි දන්නවා අර 5.3 කියන්නේ, ජරාව, සෝකය හරහා තමයි ඒක ජරා වෙලා තියෙන්නේ, ඉතින් ඒකෙන් අපි බැලුව නේ අර පරාමාස, ඉදංසච්ච, නිත්‍ය, මෝහ එක අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගන්න එක. ඊට පස්සේ අර bell shaped curve එකක, අර B කියන point එක, ඒක හදන්නේ නැත්නම් අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා, පදුට්ඨමනසඞ්කප්පයට පහර වැදිලා අර isolate වෙනවා, පරාමාසය isolate වෙනවා කියන එක.

ඉතින් ඒකත් එක්ක අර සම්බන්ධතාවයක් බැලුවා නේ, අපි අර රූපය කියන එක ඉඳන් ස්පර්ශයට එනවා කියන එක අට්ටීයති කියලා ගත්ත එක a1 කිව්වා, ඒ එක්ක ම පෙන්නුවා මේ පරාමාසයේ ඉඳන් ථීනයට යනවා කියන එක a2 කියලා, ඊළඟට ආපහු ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන එක b1 කිව්වා ඒක හරායති, එහෙම නම් ථීනය ඉඳන් ඉදංසච්චයට යනවා කියන එක b2 කියන ඒක එතැන දී අපිට ආපහු හරායති කියන එක එනවා, එහෙම නම් ඒ රූපයේ ඉඳන් සඤ්ඤාවට යන එක ජිගුච්ඡති, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට යනවා කියන එකත් ජිගුච්ඡති වෙනවා, එතකොට අර පල්ලෙහා triangle එකෙත් අපි අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ආපු එක දෙක ම එකට එනවා.

එතකොට මෙතැන භාවනාවේ දී, මේ භාවනාවේ දී ගත්තේ, ථීනමිද්ධය තියෙනවා නම් උද්ධච්චය කියන එක ඇති වෙනවා. ඒ උද්ධච්චය ඇති වෙනවා කිව්වහම අපි දන්නවා අර අවූපසන්තචිත්තය ඇති වෙනවා. එතකොට මේක maintain කරනවා කියන එක අපි උද්ධච්චයට ගිහිල්ලා පල්ලෙහා අර 6 line එක හරහා එනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා සම්බන්ධතාවය, අපි අර a1 කිව්වා නේ අට්ටීයති කියලා, ඒ කියන්නේ රූපය ස්පර්ශ වෙනවා කියන එක. ඊළඟට b2 කියලා ගන්නවා හරායති කියන එක, අර ථීනය ඉඳන් ඉදංසච්චයට එන එක හරායති, දැන් ඊට පස්සේ 6 වෙනි line එක කියන එක ජිගුච්ඡති.

එතකොට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක මේ පල්ලෙහා සංස්කාරයට එනකන් ම ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට අර ඊයේ භාවනාව කරලා මේක කරනවා නම් ආපහු අර ඊයේ වගේ ම විමුක්ති හත ම ඇති වෙනවා කියන එක තමයි රහතන් වහන්සේ ඒකේ පෙන්නුවේ, විමුක්ති හතයි කියලා කිව්වහම ඔතන අපි ගන්නේ විරිය, ඒ වගේ ම ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා එතන ඒ පහ තියෙනවා නේ, ඒ පහයි ඊට පස්සේ අර විමුක්තීන්, චෙතො විමුක්ති, මේ ප්‍රඥා විමුක්තින් කියන ඒ අනුව තමයි ඔන්න ඔය හතයි කියන එක පෙන්නන්නේ.

ඒක තමයි කරපු භාවනාව.