ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මගේ භාවනාව, මට කිව්වේ මේ ඔය අපි හදලා තියෙනවා භයභෙරව සූත්‍රය සාකච්ඡා කරන්න ඔය කඞ්ඛී, විචිකිච්ඡති කියන එක, ඒ භයභෙරව සූත්‍රයේ පෙන්නන්නේ කාට හරි භය ඇති වෙනවා නම් ඒ භය ඇති වෙන්නේ ඔන්න ඔය කාරණා ගණනාවක් පෙන්නුවා ඒකේ ඒ කාරණා දෙකක් තමයි ඔය කඞ්ඛී, විචිකිච්ඡති කියන එක.
එතකොට විචිකිච්ඡාව කියන එක ලකුණු වෙන්නේ මෙතන මේ සංස්කාරය ඉඳන් භයේ අගතියට යන එක, ඒ කඞ්ඛී කියන එක අවිනිශ්චිතභාවය කියන එක ලකුණු වෙන්නේ, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා යන්නා වූ කියන එක. ඉතින් මොකට ද අපි කඞ්ඛී වෙලා තියෙන්නේ, ඒක වෙලා තියෙන්නේ මේ බලන්න මේ සංස්කාරයන් කියන ඒවා මැරිලා, ඒ පරිදේව වෙච්ච සංස්කාරයන් නැවත සෑදිය හැකි ද, මොකක් හරි එකක් කැඩුණහම ආපහු හදන්න පුළුවන් ද කියන්නේ, සංස්කාර නැවත සෑදිය හැකි ද, සෝක නොවන්නේ ද කියන එක.
ඊළඟට විචිකිච්ඡාව කියන එක ගත්තහම එතැන පෙන්නනවා, මේ සාදන ලද විඤ්ඤාණය ඒ නැවත මිය නොයන්නේ ද? පරිදේව නොවන්නේ ද? පරිදේවය එන්නේ මෙතනට කියන එක එනවා.
එතකොට ඔන්න ඔය මෙතන දැන් මතක තියාගන්න, මෙතන මේ සෝකය කියන එකයි තියෙන්නේ කියලා. දැන් මේකත් එක්ක අපි බැලුවොත්, මේකේ තව තියෙනවා කෑලි, ඊළඟට තියෙන්නේ ඔය අත්තුක්කංසකො, පරවම්භී කියන එක, ඉතින් මෙතැන මේ කෑල්ලට එන්නේ අත්තුක්කංසකො කියලා, තමන්ව උසස් කරනවා, ඒ කියන්නේ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා, කියලා ඒවා කැඩෙන්නේ නැහැ, මගේ හදන සංස්කාරයන් කැඩෙන්නේ නැහැ කියලා එයා උස්සනවා. ඊළඟට පරවම්භී කියලා කියන්නේ මේ අනික් අයව පහත් කරනවා ඕගොල්ලෝ හදන විඤ්ඤාණය මේ සඤ්ඤාව භාවිතා කරලා නැවත නැවතත් හදන්න ඕනේ කියලා එහෙම කිරීම කියන එක තියෙනවා.
ඉතින් මේ ධර්මය මේ විදිහට බැලුවහම, දැන් අපි ඕකේ තවත් ගැඹුරට ගිහිල්ලා තියෙනවා, අපි දන්නවා ඕක නිකම් මේ අපි හිතමු වතුර තටාකයක වතුර තියෙනවා නම් කෝට්ටකින් අපි කරකවනවා නම්, එකේ මැද්දේ පාත්තරයක් තියෙනවා නම් අර වතුර කරකැවීම නිසා පාත්තරය කරකැවෙනවා, කෝට්ටෙන් කරකවන එක නැවැත්තුවා උණත්, පාත්තරය දැන් කරකැවෙන නිසා පල්ලෙහා වතුර ආපහු කරකැවෙනවා. ඉතින් ඕක ඔය වතුර තටාකය කියන කතාව ගන්න, ඒ කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, මේක 3D හැටියට එන්නේ, ඊට පස්සේ මේකේ පාත්තරය ඇතුළේ තියෙන එක තියෙන්නේ මේ වේදනාවයි, පරාමාසයයි, ඊළඟට භය අගතියයි කියන එක. ඔය තුන තමයි මේකේ ඇතුළේ තියෙන එක කැරකැවීම කියන එක තියෙන්නේ.
දැන් ඔතන වෙන්නේ මොකද්ද, සංස්කාරයන් බිඳුණට පස්සේ දැන් අපිට එනවා ඔය භය අගතියට ගිහිල්ලා, දැන් අපි හදන ඒවා කැඩෙනවා කියලා නේ භය වෙලා තියෙන්නේ. අපි භය අගතියට ගිහිල්ලා භය අගතියෙන් අපි එනවා සෝකයට. භය අගතියෙන් සෝකයට ඇවිල්ලා ඒ සෝකයෙන් අපි යනවා කාම ආශ්‍රවයට. ඒ කියන්නේ නැවතත් රූපය ස්පර්ශ කරලා අරක හදා ගන්නයි අපි යන්නේ.
එතකොට මෙන්න මේ දේ බැලුවහම, ඔය අපි මුලින් ජාති ජරා ව්‍යාධි මරණ, ඊට පස්සේ ඊළඟ line එකේ එන්නේ දුක්ඛ දෝමනස්ස, සෝක, පරිදේව නේ ද. එතකොට ඊට පස්සේ යටට එනවා අපේ උපායාසය, පියෙහි විප්පයොගය, අප්පියෙහි සම්පයොගය කියලා, ඉතින් ඔය විදිහට ඕක ගත්තොතින් එහෙම දැන් ඔය සෝකය කියන එක මැද්දට ආවා කියලා කියන්නේ, මැද line එකේ ආවහම, අපි සෝකයේ ඉඳන් යන්නේ සඤ්ඤාව ජරාව කියන තැනට. ඔතන රහතන් වහන්සේ පෙන්නුවා සබ්බාසව සූත්‍රයේ ඔය ජරාව කියන එක ගත්තහම සඤ්ඤාවේ ජරාව. අර රවුම් පහක් ගිහිල්ලා තුන, සඤ්ඤාවේ ජරාව කියන එක, සෝකයෙන් සඤ්ඤාවේ ජරාවට ආවා, එතකොට සෝකයෙන් සඤ්ඤාවේ ජරාවට අපි ආවා නම් අර උඩ බලන්න, අපි දැන් මෙතැන සෝකයෙන් ගියා කාම ආශ්‍රවයට, සෝකයෙන් ගියා සඤ්ඤාවට ජරාව කියන එකට. එතකොට කාම ආශ්‍රවය කියලා කියන්නේ මොකක් ද? අර උඩ තියෙන සුඛය යැයි කියලා ගත්ත එක, එකේ පසු සඤ්ඤාව තමයි කාම ආශ්‍රවය කියන්නේ. මොකක් හරි දුක් වෙච්ච දෙයක් සුඛයි කියලා අරගෙන තියෙනවා, සුඛයි කියලා ගත්තහම පසු සඤ්ඤාව, දැන් සෝකයෙන් ගියේ ජරාවට, ඒ කියන්නේ සඤ්ඤාවේ ජරාවට, එහෙම නම් අර උඩ තියෙන එක මොකක් ද අපි කතා කරන්නේ? ජරාව නේ ද? සඤ්ඤාවේ ජරාව. එතකොට ඒ සඤ්ඤාවේ ජරාවක් තමයි අපි මේ සුඛයි කියලා අපි ඇවිල්ලා තියෙන්නේ.
එතකොට දැන් ඕක ඊළඟට ආපහු සම්බන්ධ වෙනවා, ඒ අවස්ථාවේ බොහොම හොඳයි, තමන් ඒක තේරුම් ගත්තහම, මොකද ඒක නිසා ඕගොල්ලෝ ඒ පාර දිගේ පල්ලෙහාට ඇවිල්ලා භව ආශ්‍රවය කියන තැනට, භව ආශ්‍රව, භව ඕඝ, ඒකට නේ එන්නේ නේ ද? එතකොට එහෙම නම් මෙතැන දී අර ඒ භවයේ කතාවට පහර වදිනවා තමන්ගේ සිත ඒ නතර වෙන ස්වභාවයට පත් වෙනවා. අනෙක් අතට දැන් ගත්තහම, ඔය අපි කියනවා නේ සීලබ්බත උපාදානය නේ ඇති වෙන්නේ අපි සුඛයි කියලා ගත්තහම, සීලබ්බත උපාදානය ලකුණු කරන්නේ කොහොම ද? ඕක පෙන්නලා දෙන්න පුළුවන් එතැනින් අපේ තියෙනවා වේදනා, චේතනා, පරාමාස, ඔය lines දෙකෙන් තමයි සීලබ්බත උපාදානය.
දැන් බලන්න දැන් මොකක් ද මේකෙන් වෙන්නේ කියලා, මේක ජරා වෙච්ච සඤ්ඤාවක් එක්ක තමයි මම මේ සුඛයි කියන කතාවක් ඇවිල්ලා තියෙන්නේ, දැන් ඕක propagate වෙනවා නේ ඊළඟට දැන්, මෙහෙම උඩට චේතනාවෙන් පල්ලෙහාට එනකොට මෙතන තියෙන්නේ අත්තා කියන කතාව. එකේ පසු සඤ්ඤාව තමයි භව ආශ්‍රවය කියලා තියෙන්නේ. එතකොට මේ විදිහට ඒක ටිකක් ඔතනින් තව ගැඹුරුයි ඒ ධර්මය, මොකද ඒකට ඉස්සෙල්ලා එක බලන්න ඕනෑ. මොකද දැන් අපි දැන් බලන්න ඕනේ මෙතැන දී අපි කල්පනා කළේ භය අගති, සෝක, කාම ආශ්‍රව. ඒකට ඉස්සෙල්ලා එන්නේ පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව, කියලා අන්න ඒකත් එක්ක බලන්න ඕනේ. එක බැලුවහම සම්පූර්ණයෙන් ම සිත නතර වෙලා තියෙන ස්වභාවයට තමන්ගේ පත් වෙලා තියෙනවා. මොකද, මේක නේ අපිට වෙලා තියෙන්නේ.
මේ අත්තා කියලා අපි එහෙම අරගෙන බොරුවක් අපේ වෙන්නේ, අර සීලබ්බත උපාදානය ඔහොම නොවුණහම අර චිත්ත සමාධිය බොහොම හොඳින් පවතිනවා. සමාධි සතර ම සහිතව, ඒ ඉද්ධිපාදයන් සතර ම සහිතව සමාධිය අර මම පළවෙනිවම කියපු එකේදිම ඇති වෙනවා. ඒ කියන්නේ අර අපි ගත්තහම භය අගති ඉඳන් සෝකය, සෝකයෙන් මම ජරාවට යනවායි, සෝකයෙන් කාම ආශ්‍රවයට යනවායි. ඔන්න ඕක අර උඩ line එක තේරුම් ගත්ත ගමන්, එකේ පසු සඤ්ඤාවයි මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක, තේරුම් ගත්තයින් පස්සේ එහෙම්ම ම නතර වෙනවා, මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.