මම භාවනාවට කළේ, ඊයේ කරපු භාවනාව තමයි මම ඉස්සරහට ගෙනිච්චේ. එතකොට ඊයේ භාවනාවේ දී අපි පෙන්නුවා, අර ඉස්සෙල්ලා ම කියනවා නම් ඔය අපේ තියෙනවා, අපිට ඇති වෙනවා මෙන්න මෙහෙම දෙයක්, කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. මේක කරකැවෙනවා. මේක ඇතුළේ තියෙනවා වේදනා, පරාමාස, භය අගතිය කියන triangle එක. මේ වටේ තියෙන එක හිතන්න හරියට තටාකයක් තියෙනවා. ඒ තටාකයේ කෝට්ටක් දාලා වටේට ඕගොල්ලෝ කරකවනවා, මැද්දේ තියෙනවා පාත්තරයක්. ඒ පාත්තරය අර තටාකයේ වතුර කරකැවෙන නිසා පාත්තරය කරකැවෙනවා. හැබැයි ඕගොල්ලෝ කෝට්ට ඇත හැරියත්, කරකවන්නේ නැති උණත්, අර පාත්තරය කැරකෙන නිසා වතුර කරකැවෙනවා කියන එක තියෙනවා.
එතකොට ඔය මැද්දෙන් කරකැවෙනවා කියන එක වේදනා පරාමාස භය අගති, මේක තමයි මේ තණ්හාවෙන් කෙරෙන්නා වූ සිද්ධිය, එහෙම නැත්නම් bicycle රෝදයක් හැටියට හිතුවොත් එහෙම, bicycle රෝදය කරකැවෙනවා, ඒ මැද්දේ තියෙන hub එක කරකැවෙනවා. අන්න ඒ විදිහට දෙයක් තියෙනවා.
එතකොට මෙතැන අපේ මේ භය අගතිය ඇති වුණහම ඒ භය අගතියෙන් අපි යනවා සෝකයට. සෝකයෙන් අපි යනවා කාම ආශ්‍රව කියන එකට. එතකොට ඊයේ භාවනාවේ දී අපි දැක්කා ඔය සෝකය හරහා තමයි අපි එන්නේ මේ සඤ්ඤාවේ ජරාවට කියන එකට, 5.3 කියලා ඒ සබ්බාසව සූත්‍රයත් එක්ක බලන්න ඕනේ ඔයගොල්ලෝ. ඔය සඤ්ඤාවේ ජරාව ඇති වීම. එතකොට අපි එතැන දී ඉගෙන ගත්තා ඊයේ, අපි කාම ආශ්‍රව කියලා කියන්නේ සුඛයි කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සඤ්ඤාව. එතකොට එහෙම නම් මම සුඛයි කියලා කියන්නේ මොකක් ද?
මට සඤ්ඤාවේ ජරාව වෙලා. එතකොට මම මේ සුඛයි කියන කතාව මේ සඤ්ඤාවේ ජරාව තමයි මම මේ සුඛයි, කියලා තියෙන්නේ. දැන් ඊළඟට ආපහු අද මම බැලුවේ, මේකේ ඉතුරු කොටස. දැන් ඔතන වේදනාව සුඛයි කියලා ගත්තයින් පස්සේ අපිට ආපහු එනවා වේදනාවෙන් අපි යනවා චේතනාවට. චේතනාවෙන් එනවා අපි පරාමාසයට. ඕක තමයි ඔය සීලබ්බත උපාදානය කියන්නේ. සීලබ්බත උපාදානය කියන එක හඳුන්වන්න පුළුවන් වේදනා, චේතනා, පරාමාස කියන කොටස.
එතකොට දැන් මෙහෙම වුණහම, පරාමාසයට ආවයින් පස්සේ, ඔය 5.3 කියලා කියන්නේ මොකක් ද, රවුම් පහයි, තුන් වෙනි step එක. ඒක තමයි සඤ්ඤාවේ ජරාව කියන්නේ. එතකොට රවුම් පහක් ගිහිල්ලා step එකට ආවහම, 5.3 කියන්නේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වීමක් තමයි අපි ඔතනදි කතා කරන්නේ. එතකොට එහෙම නම් ඔයගොල්ලන්ට පේනවා දැන් අපි මේ විදිහට කැරකිලා ඇවිල්ලා, අර උඩ රේඛාවේ චේතනාවේ ඉඳන් පරාමාසයට ආවා, 5.3 ඊට පස්සේ මෙතැන 5.4 තමයි පරාමාසයට ඇතුල් වුණා කියන්නේ. ඔන්න ඕක රහතන් වහන්සේ පෙන්නනවා ඔය මමංකාරය කියන එක සම්පූර්ණ වීම ඕකෙන් තමයි සිද්ධ උණේ කියලා.
පේනවා ද අපි මමංකාරය උඩ නේ ලකුණු කරන්නේ. චේතනාවේ ඉඳන් පරාමාසයට. ඔන්න මමංකාරය දැන් එහෙම නම් මේ වටේට ගිහිල්ලා ඔන්න හදාගත්තා එතනින්. ඊට පස්සේ වෙන්නේ මොකක් ද? ඕක ටිකක් ඔය විදිහට දුවන්න පටන් ගත්තට පස්සේ, අපි එනවා. ඒක ඒ සබ්බාසව සූත්‍රයට හදලා තියෙන්නේ, ඔය පල්ලෙහා තියෙන කොටුව තියෙනවා නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වා සංස්කාරයන් 5.3 ඒ අවස්ථාවේ දී නිත්‍යයි කියලා ඇතුල් වෙනවා කියලා, දැන් ඔය වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රවය කියලා ඊළඟට හැදෙනවා, මේක කැරකුණාම ඊළඟට වෙන්නේ මොකද්ද වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියලා. දිට්ඨි ආශ්‍රව කියන්නේ මොකක් ද? අර නිත්‍ය යැයි කියලා ගත්තට පස්සේ පසු සඤ්ඤාව කියන එක.
එතකොට ඕක නිකන් ම නෙවෙයි, ඔතන අපිට පේනවා ඔය දිට්ඨි ආශ්‍රවය අට වෙනි රවුම එහෙම වෙලා නේ සිද්ධ වෙන්නේ. දැන් එහෙම නම් අපි මේ රවුම් තව ටිකක් කරකවගෙන කරකවගෙන යනවා. යනකොට අර පල්ලෙහා සංස්කාර කොටුව තියෙනවා නේ ඒ සංස්කාර කොටුවේ දැන් අර උඩින් ආපු අගයන් කියන ඒවා, ඒ කියන්නේ ඉදංසච්චයට ඇතුල් වෙච්ච ඒවා ගමන් කරනවා සංස්කාරයට, පරිදේවය කියන තැනට. මෙන්න මේක අපි 5 කිව්වොතින් ඊට පස්සේ අපි පහළට ආවා, මෝහ අගතිය, මෝහ අගතියෙන් එනවා අපි මේ පරිදේව තියෙන සංස්කාර කොටුවට, එකට අපි කියනවා 6 කියලා. මේක උද්ධච්චය මගින් තමයි අපි maintain කරන්නේ. දැන් මෙතැන ආපු අගය පල්ලෙහාට push කරන්න ඕනේ, භය අගතිය දක්වා. මේ පැත්ත භය අගතිය. මේක push කරන්නේ අපි අර මැද්දේ පාත්තරයක් කිව්වේ, ඔන්න ඕක කැරකීමෙන්, ඒකෙන් තමයි දෙන්නේ, ඒ කියන්නේ පරාමාසය ඇතුළේ ඉඳන් දෙන්නා වූ අගය. එතකොට ඒක ඇවිල්ලා අපි කිව්වොත් ඒක 7 කියලා, මෙතනින් 8 කියලා කියනවා භය අගතියට යන්නා වූ එක.
දැන් මෙතැනට ආවොත් මොකද වෙන්නේ? දැන් අපි කතා කරන්නේ, මෙතන පරාමාසය, පල්ලෙහා තියෙන්නේ භය අගතිය, මෙතැන අර පරිදේව කියන ඒ සංස්කාර කියන cross එක. මෙන්න මෙතැන තමයි අහංකාරය කියන එක තියෙන්නේ. හැංගිලා ඉන්නේ එතැන. අර blotting paper එකේ වගේ හැංගිලා ඉන්නවා කිව්වේ, අන්න එතැන එයා හැංගිලා ඉන්නවා ගිහිල්ලා. දැන් එතකොට මෙතැන දැන් රවුම් දහයක් වෙනකොට අවිද්‍යා ආශ්‍රවය අපිට ඇවිල්ලා තියෙනවා, මේ වෙනකොට මොකද වෙන්නේ, රවුම් එකොළහ එහෙම වෙනකොට අර අපේ ගත්ත මමංකාර කතාවට මිච්ඡා දිට්ඨිය එකතු වෙලා. ආන්න එහෙම තමයි අපිට අහංකාරය කියන එක ඇති වෙන්නේ. අන්න එතකොට අර අත්තා කියන කතාව සම්පූර්ණ වෙනවා. ඒක හරි ගැඹුරුයි ඔය විදිහට බැලුවහම. ඒ විදිහට අපිට මේ මමංකාරය ඇති වෙලා ඊට පස්සේ අපි අහංකාරය කියන එක සම්පූර්ණ වෙනවා කියන එක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.