Date: 10/03/2015 Name: අනත්ත භාවනා

මම කළේ භාවනාව, ඊයේ කරපු භාවනාව ම මම කරගෙන ගියා. එතකොට ඊයේ භාවනාවේ දී මතක නේ අපි ගත්තා, භයේ අගතියට යනවා, එතනින් භයේ අගතියෙන් සෝකය, සෝකයෙන් කාම ආශ්‍රවය, කාම ආශ්‍රවය කියලා කියන්නේ අර සුඛයි කියලා ගත්ත එකේ පසු සඤ්ඤාව, එතකොට සෝකය හරහා තමයි අපි සඤ්ඤාව ජරාවට ගියේ, එහෙම නම් අපි සුඛයි කියලා කියන්නේ මේ සඤ්ඤාවේ ජරාව කියන එක, එහෙම ගිහිල්ලා තේරුම් ගත්තා, අර මමංකාරය කියන එක හැදෙනවා කියලා. 5.3 කියනකොට සංස්කාරය නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වුණා, ඊට පස්සේ 5.4 පරාමාසය, එතනින් පල්ලෙහාට ආවා අත්තා කියලා 5.5 ගන්නවා. මේක වටවලින් යන්න යන්න, මොකද වෙන්නේ අපිට අන්තිමට සංස්කාරත් අත්තා කියලා අරගෙන එකොළොස් වෙනි රවුමෙන් පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා, අර මමංකාරයට මිච්ඡා දිට්ඨිය එකතු වුණා උද්ධච්චය හරහා, එකතු වෙලා අහංකාර වෙලා අත්තා හැදෙනවා.

දැන් අද මම බැලුවා භයේ අගතියේ ඉඳන් සෝකය හරහා නේ ආවේ. භය අගතියෙන් විතරක් නෙමෙයි සෝකයට එන්නේ. පරිදේවය නිසා සෝකයට එනවා. එතකොට පරිදේවය හරහා සෝකයට එනවා කියන එක බැලුවහම දැන් පේනවා පරිදේවයෙන් ඇවිල්ලා තමයි අපි එන්නේ වේදනාවේ ජරාවට, 4.3 කියලා අපි ලකුණු කරනවා සබ්බාසව සූත්‍රයේ, වේදනාවේ ජරාව තමයි ව්‍යාධිය. ව්‍යාධිය තියෙන තැන ලකුණු වෙනවා.

එතකොට ඕකේ පථය තියෙනවා ව්‍යාධිය ඉඳන් අපි එනවා කියලා එතන සෝකයට. එහෙම නම් අර සඤ්ඤාවේ ජරාවට ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙවෙයි, මේ සෝකය හරහා ආවා කියන්නේ ව්‍යාධියේ ජරාවත් මෙතැන තියෙනවා. වේදනාවේ ජරාව කියන එක, ව්‍යාධිය කියන්නේ. එතකොට වේදනාවේ ජරාවත් මේකට ඇතුල් වෙනවා. එහෙනම් අපි මේ සුඛයි කියලා කියනකොට සඤ්ඤාවේ ජරාව, වේදනාවේ ජරාව, කියන දෙක ම තියෙනවා.

එතකොට ඒක දැකලා, ආපහු පොඩ්ඩක් බලාගෙන ඉන්නකොට මට පේනවා මේක විතරක් නෙවෙයි, ඔය මිච්ඡාදිට්ඨික අගය තමයි ආවේ, ඔය 6 කියන line එක හරහා එන්නේ, උද්ධච්චය හරහා ඇවිල්ලා ඒක එනවා ව්‍යාධිය කියන තැනට. එතකොට ඒ ව්‍යාධියෙන් ආවා නම් එහෙනම් මිච්ඡාදිට්ඨික අගයත් ඇවිල්ලා තියෙනවා. දැන් ඔතන තිබෙනවා අපිට හැඟීම, අනේ මං හදපු එක කැඩෙනවා නේ කියන දිට්ඨිය, පරිදේව වෙලා එහෙම නේ තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ අසනීප වෙලා ඉන්නකොට මනුස්සයෙක් දෙනවා අර බෙහෙත දෙනවා, මේ බෙහෙත දෙනවා දීල දීල එකකින්වත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ, ඉතින් දැන් මෙයාට මේ එකකින්වත් වෙන්නේ නැහැ කියන එක බිඳෙනවා කියන අර්ථය එයාට තිබෙනවා. හැබැයි තව එක්කෙනෙක් කියනවා මෙන්න මේ පෙත්ත බීල බලන්න, කිව්වහම ඉතින් අත දික් කරලා අරක ගන්නවා. අන්න ඒ වගේ තමයි, දැන් දිට්ඨියත් බිඳිලා, නමුත් අපි එල්ලෙනවා මොකක හරි, අර රූපය ස්පර්ශ වුණා, වේදනාව, ඒකෙ එල්ලුණා කියන එක තියෙනවා.

බොහොම හොඳයි එතන භාවනාව. ඔහොම තව ටිකක් වෙලා ඉන්නකොට මට පේනවා මේ මිච්ඡා දිට්ඨිය කියන එක අපි දැන් අපි අත්තා කියන එක හැදුණ නේ. කොහොම ද අත්තා කියන එක හැදුණා කියලා කිව්වේ. අපේ ආපු කතාව තියෙනවා, අපි ආවේ කොහොම ද අර 5.3 ආවා, සංස්කාරය කියන ඒවා නිත්‍යයි කියලා ඇතුල් වෙලා, මමංකාරය 5.4 පරාමාසය, 5.5 අත්තා කියන එක ආවා, මමංකාරය නිසා අත්තා. මේකට මිච්ඡා දිට්ඨිය එකතු වෙලා අහංකාර වී අත්තා විය. දැන් එහෙනම් මිච්ඡා දිට්ඨිය බිඳුණායි කියලා කිව්වහම, දැන් අහංනුයි, මමංනුයි එකට ඉන්නවා ද කියන ප්‍රශ්නය එනවා.

එහෙනම් මමංකාරයට මිච්ඡා දිට්ඨිය එකතු කරලායි මම අහංකාර වෙලා අත්තා වුණේ. දැන් එහෙනම් ඕකත් පේනවා අතන වේදනාව, ස්පර්ශයේ ඉඳන් වේදනාව වෙනවා කියන කතාවේ දී පේනවා මේක පවතින්නෙත් නෑ නේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය දැන් කියන එක අයින් වෙනවා නේ, මේක බිඳෙනවා කියලා දැක්කහම, panadol වලින් වෙන්නෙත් නෑ මේකෙන් වෙන්නෙත් නෑ මැරෙනවා මැරෙනවා කියන එක ගත්තහම අන්න මිච්ඡා දිට්ඨියත් කැපෙනවා. එතකොට එහෙනම් දැන් ඉතින් තියෙන්නේ අර මමංකාරයට එක්කහු කරපු එක, එහෙම නම් මමංකාරය කියන කතාව විතරයි මෙතැන තියෙන්නේ, අර රූපයත් එක්ක.

ආන්න ඒක බොහොම සැපයි ඒ භාවනාව. ඕක තමයි අනත්ත සඤ්ඤා. ඉතින් ටිකක් වෙලා හිටියහම මට පේනවා බුදුහාමුදුරුවෝ කිව්වා නේ ද ගිරිමානන්ද සූත්‍රයේ “චක්ඛුං අනත්තා, සොතං අනත්තා, ඝානං අනත්තා,” ඒ කිව්වේ ඔන්න ඔය අර්ථය, මේකයි අනත්තා කියලා කියන්නේ මේක දැම්මට වැඩක් නෑ, මේක ස්පර්ශ කළාට මේකෙන් එන්නේ නැහැ, ඒ කියන්නේ මේකෙ සඤ්ඤාවේ ජරාවත් වෙලා තියෙනවා. වේදනාවත් ජරාව තියෙනවා, මගේ දිට්ඨියත් බිඳිලා තියෙනවා, දිට්ඨියත් බිඳිලා නම් අත්තාත් බිඳිලා, එහෙම නම් මෙතැන තියෙන්නේ අර ඇහෙන් ස්පර්ශ වෙන මේක විතරයි.

අනත්ත සඤ්ඤාව කියන එක හරියට ම තේරුණේ ඔන්න අද තමයි බැලුවහම. මොකක් ද මේ කියන්නේ කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-06.jpg